ගාල්ල මහින්ද විද්‍යාල ආදී ශිෂ්‍යයකු මෙන්ම, මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන නානායක්කාර අර්ත් මුවර්ස් ඉඳිකිරීම් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ වරලත් ඉන්ජිනේරු රාජා නානායක්කාර මහතා තම මව්පියන් සිහිකර තමාට ශිල්ප ලබාදුන් විදුහලට රු. ලක්‍ෂ 130 ක් වැය කරමින් තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පසුගියදා මුල්ගල තැබීය.
මෙම ගොඩනැගිල්ල පරිගණක විද්‍යාගාරයක් හා භාෂා පර්යේෂණාගාරයක් පංති කාමර රැසක් ඇතුළු නවීනතම පහසුකම් වලින් සමන්විතය. ඉදිකිරීම මාස කිහිපයකින් නිම කිරීමට අපේක්‍ෂා කෙරේ.
මෑත ඉතිහාසයේ මෙරට පාසලක ආදි සිසුවකු තනිවම තම පාසලට මෙවැනි දැවැන්ත පරිත්‍යාගයක් කළ පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ. මහින්ද විද්‍යාලයීය ‘බ‍්‍රාස් - බෑන්ඩ්‘ කණ්ඩායම පෙරටු කරගෙන මහින්ද ආදි සිසුන්ගේ ගෞරව හා වත්මන් සිසුන්ගේ ඔල්වරසන් මැදින් පැමිණි රාජා නානායක්කාර මහතා සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව ගොඩනැගිල්ලට මුල් ගල තැබීය.
අනතුරුව ඕල්කට් ශ‍්‍රවණාගාරයේ පැවැති උත්සව සභාව ඇමතූ නානායක්කාර මහතා මෙසේ කීහ. අද මා යම් තැනක සිටිනවා නම් එහි පූර්ණ ගෞරවය මා බිහිකළ මව්පියන්ට හා මට අධ්‍යාපනය, විනය හා නිසි මඟ කියා දුන් මහින්ද විදුහල් මෑණියන් සතුයි. මෙරට නිදහස් සටනට උරදුන් සටන් මධ්‍යස්ථානයක් හා අපේ ජාතික ගීය බිහිකළ මහින්දයේ අධ්‍යාපනය ලැබීම ජීවිතයේ මා ලද ලොකුම භාග්‍යයයි. මහින්දය බිහිකළ සදාතනික උගතුන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන්, ක‍්‍රීඩකයන් ඇතුළු පිරිස රටට කළ මෙහෙවර ආදර්ශයක් කරගෙන මේ සත්කාරය මගේ විදුහලට කරන්න මම තීන්දු කළා.
මහින්ද විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, ආදි සිසුන්, ආදි ශිෂ්‍ය සංගම් සම ලේකම්වරුන් වූ ලලිත් කාරියවසම්, ඇල්ටන් විතානගේ හා හිටපු ලේකම් බන්ධුල නානායක්කාර මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකින් සතුට ගෙනෙන පුවතක්. නානායක්කාර මහතාට අපගේ ප්‍රණාමය. නිකරුනේ මුදල් නාස්ති කරන ධනවතුනට මෙය ආදර්ශයක් වේවා!!!(අ)
කවුරු කළත් හොඳ වැඩ හොඳයි කියන මානසිකත්වයක් ලංකාවේ අපේ මිනිසුන්ට තවම නැහැ. ඒකට තමයි කියන්නේ කරන කෙනාට කරන්න දෙන්නෙත් නැහැ, තව කෙනෙක් කරනවට කැමතිත් නැහැ කියලා (නි)
දැන් ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබා කරන්නේ දරුවන්ට අධ්‍යාපනය විකුණන එකයි. මෙය අතිවිශිෂ්ට ක්‍රියාවක්. ඔබට ගෞරවනීය සහ ප්‍රණාමය! (නි)
අනුර ගේ කතාව හරි පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් මෑතකදී මෙවැනි දෙයක් කරා තමන්ගේ පෞද්ගලික මුදලින්! රටට වැඩ දායි අතිවිශිෂ්ට ක්‍රියාවක්. නානායක්කාර මහතාට ගෞරවනීය ප්‍රණාමය! (අ)
අවංක සිතින් කරන හැම දෙයක්ම හරිම උතුම් !! රටට වැඩ දායි අතිවිශිෂ්ට ක්‍රියාවක්. නානායක්කාර මහතාට ගෞරවනීය ප්‍රණාමය! (අ)
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබා සියලුම පහසුකම් රටෙන් ලබාගෙන විදෙස් ගතවෙලා රටට කිසිම සේවයක් නොකරන කොයිතරම් පිරිසක් ඉන්නවද ? ඒ අයට මේ දේවල් හොඳ ආදර්ශයක් දීලා තියෙන්නෙ මෙතුමාට බුදු සරණයි සියලු රැකවරණ ආරක්ෂාව ලැබේවා රටට තව තවත් සේවය කිරීමට.(අ)
අතිවිශිෂ්ට ක්‍රියාවක්. නානායක්කාර මහතාට ගෞරවනීය ප්‍රණාමය! ගම්බද පාසැල් වලින් පටන්ගෙන නගරබද පාසැල් හරහා ඉහළට ගිය උගත්, ධනවත් අයට හොඳ ආදර්ශයක් දීලා තියෙන්නෙ. ඔබතුමාලත් පුළුවන් විදියට පොඩි පාසැල් ගැනත් හිතන්න. (නි)
හොඳ වැඩක්. තමා උගත් පාසලට වගේම මීට වඩා අතිදුෂ්කර ගම්බද පාසල් වලටත් මෙවැනි උදවු උපකාර කිරීමට ඔබතුමාට අවස්ථාව ලැබේවා! (නි)
ගුණ නැණ බලෙන් යුතු පුතුමයි ඉතා ගරු (දිල්)
ඔය වගේ පාසල් වල කොහොමත් පහසුකම් වැඩියි නේ.නරකද ඒ අවට තියෙන දක්ෂ නමුත් දුප්පත් පාසල් කීපයකට ගොඩනැගිලි කීපයක් හදල දුන්න නම් ..ඔබතුමා කරපු දේ ඉතාම වටිනවා .. නමුත් අර විදියට කළා නම් ඉතාම අනර්ගයි ... කෙසේ වෙතත් ඔබතුමා මේ වගේ දෙයක් කරන්න හිතපු එකෙන් ඔබතුමාගේ හිත මොනතරම් පොහොසත්ද කියල හිතාගන්න පුළුවන් ...(අ)
මේ වගේම මතක්කරන්න ඕනෑ, අපේ සජිත් ප්‍රේමදාස මහත්තයාත් පාසල්වල වැඩ රාශියක් එතුමාගේ පෞද්ගලික මුදලින් කරතිබෙන බව (නි)
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් මෑතකදී මෙවැනි දෙයක් කරා තමන්ගේ පෞද්ගලික මුදලින් කෝටි ගාණක් වියදම් කරා පිහිනුම් තටාකයක් නිර්මාණය කරා හැබැයි ඒ දේවල් වලට ප්‍රසිද්ධියක් හම්බවුනේ නැහැ මේ ආකාරයෙන් .කෙසේ නමුත් මෙවැනි දේවල් රටට ආදර්ශයක් හැම කෙනාටම !!!(අ)
මෙවන් උගතුන් වියතුන් බිහි කළ මහින්ද විදුහල් මෑණියන්ගේ නාමය මුළු ලොව බැබලේවා. රාජා නානායක්කාර මහතාට දීර්ඝායුෂ ලැබේවා (අ)
මෙන්න වැඩ ... මෙන්න මිනිස්සු... (නදී)
යුතුකම් දන්නා හොද දානපතියෙක්, ඔබතුමා දිනෙන් දින දිනේවා! ආත්මාර්ථකාමී ධනපතියන්ට හොද ආදර්ශයක් (නදී)
රටේ අනිත් පැතිවලත් මේ වගේ දනවතුන් ඉන්නවා. ඒ අයටත් පිටිවහලක් වෙනවා ගාල්ලේ මහින්දයේ ආදි සිසුන් මේ කරපු දෙය (නදී)
මෙන්න හොඳ වැඩ (දිල්)
එතුමාට බුදු සරණයි සියලු රැකවරණ ආරක්ෂාව ලැබේවා රටට තව තවත් සේවය කිරීමට (නදී)
ඉතා හොද කටයුත්තක් හැමකෙනාගෙන්ම රටට යම්කිසි සේවාවක් සිදුවිය යුතුයි. මේ තුලින් සමාජයට හොඳ පණිවිඩයක් දෙනවා ශ්‍රී ලාංකිකයන් හැටියට හැමකෙනෙක්ගේම වගකීම් හරියට ඉටු කරනවානම් රට දියුණු කරන එක මහා ලොකු දෙයක් නොවෙයි !!!(අ)
මීට අවුරුදු කීපයකට පෙර කුමාර් දේවපුර ව්‍යපාරිකයා පාසලට තමන්ගේ වියදමෙන් තට්ටු ගොඩනැගිල්ලක් සාදා පාසලට ප්‍රධානය කර ඇත. එම මහතා විද්‍යාලීය ක්‍රීඩා පිටියේ pavilion එකකුත් සාදා ඇත(අ)
ගාල්ල මහින්ද විද්‍යාලය මගේ පාසල මතක් වෙනවා මේ තොරතුරු කියවන, දකින කොට. එදා මහින්ද විද්‍යාලය පහසුකම් සහ දැන් දරුවන්ට ලැබෙන පහසුකම් බැලුවම හිතට හරිම සතුටුයි. ඕල්කට් ශ‍්‍රවණාගාරයේ මතක් වෙනකොට නැවත පාසල් යන්න ආසයි. (නදී)
ඉතාම හොඳ වැඩක්. එතුමාට දීර්ඝායුෂ හා සෞභාග්‍ය ප්‍රාර්ථනය කරනවා. ඒ වගේම අපේ පාසැල තව තවත් දියුණු වේවා. (ස)
මෙවැනි උතුම් මිනිසුන් ලංකාවේ ගොඩක් ඉන්නවා. (ස)
බෙන්තර ගඟෙන් එහා පැත්තේ ඉන්න අපිට මේවා මොනවටද? මීට වැඩිය හොඳයි අපේ පැත්තේ අයගේ සදාචාරය වර්දනය වෙන දෙයක් කලානම් (නදී)
මෙවන් උගතුන් වියතුන් බිහි කළ මහින්ද විදුහල් මෑණියන්ගෙන් නාමය මුළු ලොව බැබලේවා. රාජා නානායක්කාර මහතාට දීර්ග ආයු ලෙබේවා (නදී)