IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ආදරණීය කතාවේ කඳුළු කතාව

2016-06-18-ent-01ප්‍රියන්ත කොළඹගේ සිනමාවේදියාගේ අලුත්ම චිත්‍රපටය "ආදරණීය කතාවක්" අති සාර්ථකව තිරගත වෙනවා. ඇත්තෙන්ම සිනමා ශාලාවලට සෙනඟ ඇදගන්න පුළුවන් චිත්‍රපට හැදුවා නම් අපේ ප්‍රේක්ෂකයින්ගේ අඩුවක් වෙන්නෙ නැහැ.

ඔන්න මේ චිත්‍රපටයේ මංගල දර්ශනය තිබුණෙ රීගල් සිනමාහලේ. තරු වැහි වැහැලා හිටිය රාත්‍රියක්. ලංකාවෙ ජනප්‍රියතම කලාකරුවන් රැසක් මංගල දර්ශනයට සහභාගි වෙලා හිටියා. ඒත් හිනාවෙවී චිත්‍රපටය බලන්න ආපු කට්ටියට අන්තිමට වුණේ මොකක්ද? බොහෝ දෙනෙක් චිත්‍රපටය ඉවරවෙලත් තම තමන්ගෙ පුටුවලින් නැඟිටින්නෙ නැහැ. ඒ තරමට අඬලා. ලේන්සුවලින්, ටිසූ වලින් කඳුළු පිහදාලා තමයි එක එක්කෙනා එළියට ආවෙ.

ගෑනු පිරිමි භේදයක් නැතුව හැමෝම ඇඬුවා. ප්‍රධාන චරිතය රඟපාන හේමාල් රණසිංහ චිත්‍රපටය බැලුවෙ තුන්වැනි පාරට. ඒත් ඔහුටත් කඳුළු හංඟගන්න බැරිවුණා. මංගල දර්ශනය ඉවරවෙලා එළියට ආපු හැමෝම වගේම ප්‍රියන්ත කොළඹගේට සහ චමින්ද ගමගේට සුභ පතන ගමන් කිව්වෙ "ඇඬෙන්න වැඩේ දුන්නා නේද?" කියලා.

ඔන්න අපේ ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ චිත්‍රපටය බලලා තියෙන්නෙ ප්‍රධාන නිළි භූමිකාව රඟපාන උදාරි වර්ණකුලසූරිය ළඟ ඉඳලා. අන්තිම හරියෙදි සේමිණීගේ ඇස්වලින් කඳුළු පනින්න ඔන්න මෙන්නලු. ඒත් අමාරුවෙන් තද කරගෙන ඉඳලා තියෙනවා. ඒත් එක පාරටම හෝ ගාලා සේමිණී හයියෙන් අඬන්න පටන් ගත්තම ළඟ හිටිය උදාරි හොඳටම බය වුණාලු.

තමන්ගේ පුතාලා නැතිවුණාට පස්සෙ පළවෙනි වතාවට චිත්‍රපටයක් බලපු ප්‍රවීණ ගායන ශිල්පිනී සුජාතා අත්තනායකත් හොදටම ඇඬුවලු. බොහෝ දෙනෙක් කියන්නෙ මේක හරියට ඉතාම සංවේදී බොලිවුඩ් චිත්‍රපටයක් බැලුවා වගේලු. ඔන්න ඔය අතර චිත්‍රපටය බලන්න ආව ගාමිණී සුසිරිවර්ධන ජනප්‍රිය ගායකයා. මතකයිනෙ සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ හිටපු වැඩ්ඩා. "ලස්සනට පිපුණ වනමල්" මතකයිනෙ. එයා ඇවිත් හිටියෙ එයාගෙ නෝනයි, පුතයි, අම්මයි එක්ක. ඔන්න චිත්‍රපටයේ අවසාන හරියෙ හැමෝම අඬද්දි හොඳටම හිනාවෙවී  හිටිය එකම එක්කෙනා ගාමිණී සුසිරිවර්ධනලු. "අපේ අම්මා මළාට අඬන කෙනෙක් නෙවෙයි. එයා අඬනවා අපි කවදාවත් දැකලා නැහැ. ෆිල්ම් එක බලලා එයා අඬනවා දැක්කම මට "බකස්" ගාලා හිනා ගියානෙ මචං." ගාමිණී කිව්වා.

 

DESHAYA



අදහස් (0)

ආදරණීය කතාවේ කඳුළු කතාව

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 219 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 912 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1423 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 341 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 998 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1865 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site