IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


'ආදරණීය කතාවක්' සිනමාවේ නව පිටුවක් වේද ?

2016-06-19-ent-176

2016-06-19-ent-177ආදරණීය කතාවක් ප්‍රදර්ශනය අරඹන්නේ සුදුසු වාතාවරණයක් ඇති අවස්ථාවක නොවේ. දසතින් විපත කරපින්නාගත් මිනිසුන් ගොඩ එන්නට උත්සාහ දරන වෙලාවක ප්‍රදර්ශනය අරඹන ප්‍රියන්ත කොළඹගේ හතරවැනි සිනමා නිර්මාණය වූ "ආදරණීය කතාවක්" පිළිබඳ අප මේ සටහන තබන්නේ එය මෙතෙක් සිනමාවට බිහිවූ හොඳම ආදර කතාව හෝ නරකම ආදර කතාව කියන තැන සිට නොවේ. නමුත් නිර්මාණාත්මකව බංකොළොත් වීම නිසා නපුංසක බව විකුණා මඩිය තරකරගන්නට වෙහෙසුණු සිනමා රැල්ලකට මුහුණ දී,සිනමාව අප්පිරිය වී සිටින රසික ජනතාව වට්ටෝරුවක සිර නොකර අලුතින් යම් දෙයක් හිතන්නට පොළඹවන සිද්ධි සමූහයකින් ගෙතුණු ආදරණීය කතාවක් නරඹන්නට හැකි, දෙයක් ඇති,සුන්දර කතාවක් සහිත චිත්‍රපටයක් ලෙස පවසන්නට හැකිය.

නමුත් එහි ප්‍රධාන නළු චරිතය කලාකරුවෙකු කර තාරුණ්‍යය,ප්‍රසිද්ධිය, ධනය සහ බලය සියල්ල කැටි කොට ප්‍රියන්ත මැවූ අභිමානවත් "අභිමාන" නම් චරිතයට මැකිය නොහැකි හානියක්ද ඔහු විසින්ම සිදුකොට තිබේ. ඒ ඔහු කිසියම් ගැටලුවක් හමුවේ අර අභිමානවත් ප්‍රතාපවත් පිරිමිකම බල්ලාට දමා මත්වතුරට හා දුම්වැටියට පෙරේත අයෙකු බව පෙන්වන්නට ඕනෑවට වඩා දර්ශන පාවිච්චි කිරීමය. අභිමානට සියල්ල ලැබී තිබියදීත්, ඒවා සියල්ලම දරාගන්නට හැකියාව තිබියදීත්, මත්පැන් හා දුම්වැටියට ලොල්වීම ඒ සියලු දේ වින්දනය කිරීමේ අවස්ථාව ඔහුගෙන් පැහැරගත් බව කියන්නට අධ්‍යක්ෂවරයා උත්සාහ දැරීම මත්පැන් හා දුම්වැටි සහිත දර්ශන අනවශ්‍ය ලෙස ඉස්මතුකිරීම තුළ ගඟට ඉනිකැපුවාක් වැනි නිශ්ඵල බවක් මතුකර තිබේ. මෙහි අභිමාන යනු චිත්‍රපටයේ කතාව ඉලක්ක කොට ගෙන ඇති තරුණ පරපුර විශේෂයෙන් ආමන්ත්‍රණය කරන්නකි.

එවිට අභිමාන සමස්ත කතාව තුළ වීරයෙකු ලෙසින් දකින්නට ඉඩ සලසා ඇති චරිතයකි. ඔහු කඩවසම්ය, ජනප්‍රියය, එමෙන්ම ධනවත්ය. තරුණියන් ආසා කරන බොහෝ දෑ ඔහු සතුව තිබේ. කාන්තාවන් පමණක් නොව යන යන තැන ඔහුට ආකර්ෂණය වන පිරිස අතර විවිධ වයස් මට්ටම්වල අය සිටිති. අභිමාන අනුකරණය කරන්නට කිසියම් තරුණයෙකුට නොසිතුණි නම් එය පුදුම විය යුතු කරුණක් නොවේ.

අභිමාන නිතර පරිහරණය කරන මේ මෝඩ භාවිතාවන් ප්‍රියන්තගේ සොඳුරු නිර්මාණය හරහා සියුම් ප්‍රවර්ධනයකට ලක්වීම නම් කනගාටුවිය යුත්තකි. දැනුවත්ව හෝ නොදැනුවත්ව ප්‍රියන්තගේ අතින් එම කරුණ සැලකිල්ලට භාජනය නොවීම සිනමා සිත්තමට අඳුරු පැල්ලමක් එක්කර තිබේ. පළමුව අප සාකච්ඡාවට බඳුන් කළේ ආදරණීය කතාවක් වෙත පවතින සතුටුදායක නොවන මානයන් පිළිබඳවය. දැන් අප ප්‍රියන්ත කතාකරන්නට උත්සාහ ගත් සමාජමය වටිනාකමක් ඇති දෑ පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරමු. සිනමා සිත්තම ඇරඹෙන්නේ අභිමානගේ පෙම්වතිය ඔහු අත්හැර යන දසුනෙනි.

පසුබිමින් ඉකි හඬක් ඇසෙන නමුදු පොළවේ පස්කමින් වැළපෙන පෙම්වතෙකු වෙනුවට, මුහුණේ හැඟීම්වලින් සිය සිත්වේදනාව ඉස්මතු කරවන නිහඬ පෙම්වතෙකු දකින්නට ලැබේ. සබඳතාවක් බිඳී යාම චිත්‍රණය කරන අවස්ථාවල අප බොහෝ විට දැක ඇත්තේ ගහ මරාගැනීම් ඇන කොටාගැනීම් පරුෂ වදන් භාවිත කිරීම් මෙන්ම ළතෝනි දී හැඬීම් යැයි කිවහොත් එය එතරම් අසත්‍යයක් නොවේ. නමුත් පඩිපෙළ පුරා විසිරෙන විනිවිද දැකිය හැකි වීදුරු බෝල රැසක් මතින් සමුගන්නා තැනැත්තිය සන්සුන් ගමනකින් පැමිණ හැරදමා යන්නාගේ අතින් ගෙන හිස පිරිමැද වෙන්ව යන්නේ ඒ කිසිවක් නොකරය.

ආදරය බිඳුණු තැන වෙන්වීම සිදුවන්නේ සුන්දරව නොවන බව අප දැන සිටියද මේ වෙන්වීම තුළ කුමක්දෝ සංයමයක් හා සංවේදනයක් ප්‍රේක්ෂක ඇස වෙත තබන්නට ප්‍රියන්ත සියුම් ලෙස සමත් වී තිබේ. ඒ අතර එක් දසුනක හැර ගිය පෙම්වතිය ඔහු හමුවන්නට පැමිණ එක්තරා ඉල්ලීමක් කරන දසුනක් වෙත ප්‍රේක්ෂකයා කුතුහලයෙන් රඳවා තබන්නට ඔහු අවසානයේදී දැන් සමාජයේ බොහෝ දෙනෙකුගේ සිහින උදුරන රියලිටි කලාවේ අලුත්ම සැබෑව සම්බන්ධයෙන් ඔහු එල්ල කරන කනේ පහර තවදුරටත් රියලිටි ප්‍රෝඩාව තුළ තම සිහින වල්මත්වන්නට ඉඩ හැර කාලය කා දැමිය යුතු නොවන බව සිතන්නට ඒවා පසුපස හඹායන්නන්ට සියුම් සහයෝගයක් සපයා දෙයි. "පියවි" යනු එසේ සිහින අතර වල්මත් වූ ගැමි යුවතියකි.

ඇය අහිංසක යුවතියක ලෙස ඉස්මතුකරවන්නට දරා ඇති උත්සාහය තුළ ප්‍රේක්ෂකයාගේ අනුකම්පාමය අවධානයක් දිනාගන්නට සමත් වීම හා ප්‍රසිද්ධියේ අතුල් පහරක් ගසමින් ප්‍රසිද්ධ පුද්ගලයෙකුට අභියෝග කරන්නට තරම් සැඟවුණ ශක්තියක් හා ආවේගයක් වෙතද ඇයට ගමන් කළ හැකි බව එළියට ඇද පෙන්වීම තුළ සෑම චරිතයක් තුළම සුදු හා කළු පැහැය යම් පමණකට අවස්ථානුකූලව හිස ඔසවන බව කියන්නට ප්‍රියන්ත සමත්ව තිබේ. චිත්‍රපටයේ ආරම්භයේ සිටම අභිමාන නම් චරිතය ගැහැනියකට අන්දවන්නේ නැතිව කොන්දක් ඇති පිරිමියෙකු සේ සෘජුව තබන්නට අධ්‍යක්ෂවරයා සමත් වී තිබේ.

මේ අභිමානවත් පෙම්වතා තම වාසිය හමුවේ තමන් ගන්නා තීරණ වෙනස් කරන පිරිමියෙකු නොවන බව පෙන්වීමට අධ්‍යක්ෂවරයා බොහෝ ප්‍රවේසම් වීමද විශේෂයකි. ප්‍රියන්තගේ අනෙකුත් සිනමාපට මෙන්ම මෙම සිනමාවත් අති විශිෂ්ට බව කියන්නට බැරි සියුම් අඩුපාඩු තිබෙන බව සැබැවි. නමුත් සිනමා විචාරකයන් කොයිතරම් ලුණු ඇඹුල් දමා ඒවා අහිතකර යැයි පෙන්වා දෙන්නට උත්සාහ දැරුවද ප්‍රේක්ෂක ඇසින් සහ ප්‍රේක්ෂක සිතින් "ආදරණීය කතාවක්" යනු හදවතට දැනෙන දුක සඟවාගත් ඉසව්වලින් කඳුළට ඉඩත් දී එසැණින් සතුටට ද ඉඩක් තබන සුන්දර නිර්මාණයකි. මන්ද ඔහු ඒ ආදර අන්දරය තුළ ලිංගික දර්ශන බලෙන් ඔබ්බවන්නට, අඩ නිරුවත පෙන්වන්නට, යට ඇඳුම් පෙන්වා එය හිනාවිය යුතු කරුණක් යැයි ඒත්තුගන්වන්නට මෙන්ම තමන්ට වෙනස් කරගත නොහැකි ශාරීරිකමය හා හෝමෝනමය බලපෑමකින් අසරණව ගැහැනු හෝ පිරිමි නොවන මිනිසුන්ට හිනාවෙන්නට සලස්වා ජුගුප්සාජනක මානසික රෝගීන් පිරිසක් බිහිකරන්නට තරම් හැකියාවෙන් බංකොලොත්භාවයට පත් සිනමාකරුවෙකු නොවන්නට වගබලාගෙන තිබේ.

පවුලේ චිත්‍රපට ලේබලය අලවා ජරාවල් පෙන්වා තම සාක්කුව පුරවාගන්නට තරම් පහත් තැනකට ආදරණීය කතාවක් පත් නොවීම ප්‍රේක්ෂක ආචාරයට පාත්‍ර වන්නේ නම්තවත් අටුවා ටීකා ලියන්නට උවමනා නොවේ. ආදරය යනු කුමක්ද? එය තුළ කොතරම් සංයමයක් තිබේද? සැබෑ ආදරය දිවෙන්නේ කුමන ඉලක්කයක් සොයාද යන්න තම පපුවට තට්ටු කර අසන්නට ප්‍රියන්ත මෙහිදී රසිකයා පොළඹවාගෙන තිබේ. සිනමා ශාලාව තුළ පෙම්වතියන් පමණක් නොව මුහුකුරා ගිය මැදිවයස් කාන්තාවන්, වයස්ගත කාන්තාවන් මෙන්ම යෞවනියන්ද දෑස්වල කඳුළු පිසින විට කිසිදින නාඬන්නන් යැයි සමහරුන් විසින් ලේබල් ගසා ඇති පුරුෂ පක්ෂයද දෑස් තෙත මාත්තු කරයි. ඇඬෙන්න චිත්‍රපටියක් කරන්නට භාග මිනිසුන් අවශ්‍ය නැතැයි ප්‍රියන්ත කදිමෙට සනාථ කර තිබීම වෙනුවෙන් ඔහුට රසික ආචාරය හා ආශිර්වාදය හිමිවීම තරම් භාග්‍යයක් තවත් තිබිය හැකිද? ඒ චිත්‍රපටය තුළ කුතුහලය අපේක්ෂාව, ආදරය, සැකය අවිශ්වාසය, කේන්තිය, මුරණ්ඩුකම, මෝඩකම,ඇත්ත, බොරුව මේ සියල්ල එක්කොට පත අට එකට සිදුවාගත් කසායක් නොව ප්‍රණීත පානයක්එළිදක්වන්නට ප්‍රියන්ත දරා ඇති උත්සාහය අගය කළ යුතුය. අවසානයේ ඔහු ආදරයේ පැහැය පමණක් නොව හඬද ප්‍රේක්ෂක මතකය තුළ රඳවා සිනමා ශාලාවෙන් පිටතට යවයි.

සංකේතභාවිතය තුළින් කතාකිරීමට ඔහු දරා ඇති උත්සාහය සාර්ථකය. නමුත් ඇතැම් තැන්වලදී ඔහු විසින්ම අනවශ්‍ය සංකේත හරහා කතාකරන්නට යෑම කිරි කළයක් දොවා ගොම ටිකක් එක්කළා වැනි වැඩක් සිදුකර තිබේ. කෙසේ නමුත් ඔහු පිරිමිකම හෑල්ලවට ලක් නොකළා සේම කාන්තාව ද හෑල්ලුවට ලක් නොකරන්නට වග බලාගෙන තිබේ. චිවාරවලින්, නිර්මාණය රසවිඳින්නට බලාපොරොත්තුවන අයගේ රසවින්දනය මොට කරන්නට නොකැමැති බැවින් අප මේ තබන්නේ සමස්ත නිර්මාණය කෙරෙහි මධ්‍යස්ථ අදහස් දැක්වීමකි. දැනෙන පරිදි හරිදේ අගයන්නටත්, වැරදි දේ පෙන්වා දෙන්නටත් ඇති අයිතිය අපි නිවැරදිව යොදාගත්තා මෙන්ම ප්‍රේක්ෂක මතයට ආදරණීය කතාවක් වෙත කොතරම් කල් ගමන් කරන්නට ආයුෂ ලබාදිය හැකිදැයි තීරණය කළ හැකිය. ආදරණීය කතාවක් නිදිකිරීමකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටයකැයි අපට සිතේ.භාග මිනිසුන් නොවිකුණා ලාභ සොයන්නට නොව පර්පූර්ණ රසවිඳුමක් තුළින් සුන්දර සිනමා පටයක මතකයට හදවතේ ඉඩක් වෙන්කරන %ආදරණීය කතාවක්^ සිනමාව තුළ නව පිටුවකට ඉඩකඩ සලසනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි නිර්මාණයකි.

 

ada

2016-06-19-ent-179
2016-06-19-ent-178



අදහස් (0)

'ආදරණීය කතාවක්' සිනමාවේ නව පිටුවක් වේද ?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 218 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 910 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1419 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 341 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 996 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1863 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site