IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ආදරේද ඇහැව්වේ අයිස්ක්‍රීම් කද්දි

2017-01-14-ent-08

ඉතින් කොහොමද අලුත බැඳපු ජෝඩුව?

අපි සතුටින්, ආදරෙන් සරලව ජීවිතය විඳිමින් කල් ගෙවනවා.

එහෙම කීවේ පූජා. ප්‍රශාන්ද එය අනුමත කළා.

 

ඉතින් කියන්නකො ඔය දෙන්නා මුලින්ම හමුවුණ හැටි?

ඕකේ මම කියන්නම්. පූජා කතාව පටන් ගත්තා.

මෙහෙමයි. මට දවසක් කොළඹ විශේෂ අවශ්‍යතා ඇති දරැවන් පිරිසකගේ අවශ්‍යතාවයන් ගැන සාකච්ඡා කරන්න ඒ ආයතනයේ වෙලාවක් වෙන්කරගෙන තිබුණා. මට වාහනයක් නැති නිසා මට ඒ ගමන සඳහා කාරයක් එවලා තිබුණා. ඒක එලවගෙන ආවෙ ප්‍රශාන්. මම කාරයට නැගලා මාව හඳුන්වලා දුන්නා. එච්චරයි. එයා වේගෙන් වාහනේ එලවන්න ගත්තම මම බයවුණා. ඔහුත් ඒක තේරැම් ගත්තා. එදායි මම මුලින්ම ප්‍රශාන්ව දැක්කෙ.

 

ප්‍රශාන්ගෙ මතකයත් අවදි කරමුද?

ඔව්. මගේ හොඳ යාළුවෙක් මගෙන් ඇහුවා මේ වගේ කෙනෙක් ඉන්නවා බම්බලපිටිය මහල් නිවාස සංකීර්ණයේ. උදව්වක් හැටියට එයාව ඒ ආයතනයට අරගෙන ගිහින් ආපහු ඇරලවන්න පුළුවන්ද කියලා. මම ගියා. පූජා නැග්ගා. එයාගෙ වැඩේ ඉවරවුණාම ආපහු එයාව ඇරලුවා.

 

ප්‍රශාන් එදා පූජා සිනමා නිළියක් කියලා දැනගෙන හිටියද?

එකපාරටම මට මතක් වුණා මෙයා මේ අර "අට්ටගාසම්" ෆිල්ම් එකේ හිටිය කෙල්ල නේද කියලා. ඒත් මම එයා ලංකාවෙ විත්තිය දැනගෙන හිටියේ නැහැ.

 

ඒ වෙනකොට ඔයා පූජා රඟපාපු චිත්‍රපට කීයක් විතර බලලා තිබුණද?

‘අට්ටගාසම්’ විතරයි. එයා සිංහල චිත්‍රපටවල රඟපානවා කියලවත් මම දැනගෙන හිටියෙ නෑ. මේක 2014 දෙසැම්බර් මාසයේ සිද්ධියක්.

 

2017-01-14-ent-12

 

ඉතින් පූජා එදා හායි කියපු කොල්ලා ඔයාට ආයෙත් හමුවුණාද?

ඔව්. ඊට පස්සෙ අපි යාළුවො හැටියට කීප සැරයක් මුණගැහුණා. ප්‍රශාන් විනෝද ගමන් යන්න හරිම රැසියෙක්. ඒත් තනියම යන්නෙ නැහැ. යන්නෙ එයාගෙ යාළුවො සෙට් එකත් පිරිවරාගෙන. ඔන්න ඊට පස්සෙ මමත් ඔය සෙට් එකට ක්‍රම ක්‍රමයෙන් එකතු වුණා. ප්‍රශාන්ගෙ යාළුවො මගෙත් යාළුවො වුණා. ප්‍රශාන් හරිම විහිළුකාරයෙක්. එයා ඉන්න තැන හිනා කාලා මැරෙනවා කියන විහිළු කතාවලට. පස්සෙ පස්සෙ ප්‍රශාන් අපේ පවුලෙ හිතවතෙක් වුණා.

 

එතකොට පූජා ඔයාගෙ හිතේ ප්‍රශාන් ගැන ඒ වනවිට ආදරයක් වගේ හැඟීමක් ඇතිවෙලා තිබුණෙම නැද්ද?

සත්තකින්ම නැහැ. අපේ යාළුවො ගොඩාක් වෙලාවට අපි දෙන්නව ජෝඩු කරලා විහිළු කළා. අපි දෙන්නා යසට කැපෙන ජෝඩුව කියලයි ඒගොල්ලො කිව්වෙ.

 

ඔයා කොහොමද ඒකට ප්‍රතිචාර දැක්වූයේ?

මම ප්‍රශාන්ට කිව්වා යාළුවො යාළුවො අපි ගැන මොන මොන දේවල් කිව්වත් මම ඔයා එක්ක යාළුවෙයි කියලා හිතන්නවත් එපා කියලා. අපි අතර ඒ තරමට හොඳ යාළුකමක් තිබුණා.

 

ප්‍රශාන් කියන්නකො ඔයා කොහොමද පූජගෙ ඒ කතාවට ප්‍රතිචාර දැක්වූයේ කියලා?

මම පූජාට කිව්වා හිතේ ඇති මම ඔයාට ආදරේ කරයි කියලා. ඇත්තටම මගේ ජීවිතේ ලොකුම ඉලක්කය වෙලා තිබුණෙ මගේ ව්‍යාපාරය දියුණු කරන්න. ජීවන සහකාරියක් ගැන හිතුවෙම නැහැ.

 

පූජා කියන්නකො ඔයා ප්‍රශාන්ව දකින්නෙ කොයි විදිහෙ කෙනෙක් හැටියටද?

කොටින්ම කියනවනම් එයා මගේම පිරිමි අච්චුවක් කිව්වොත් නිවැරදියි. මම වගේම එයත් කැමතියි අපි එක්ක ඉන්න අය හිනස්සන්න. කෑම බීම අතිනුත් අපේ සමානකම් වැඩියි. අපි හිතන පතන දේවලුත් සමානයි.

 

පූජා ප්‍රශාන්ගෙ දකින හොඳ ගුණාංගය මොකක්ද?

දෙවියන් කෙරෙහි ඔහු තුළ තිබෙන දැඩි විශ්වාසය හා භක්තිය. මට වඩා ඔහු තුළ තිබෙන විශ්වාසය වැඩියි. එනිසා ඔහු මගේ ජීවිතයට ලබාදෙන නායකත්වය, මඟපෙන්වීම හා ආරක්ෂාව ගැන මට කිසිම සැකයක් නැහැ. ඔහු පූජා උමාශංකර්ගෙ ස්වාමිපුරැෂයා හැටියට ලෝකයා දකිනවාට වඩා මම කැමතියි මම ප්‍රශාන් වෙදකන්ගේ භාර්යාව හැටියට දකිනවාට. මට රිදී හදවතක් තියෙනවනම් ඔහුට තිබෙන්නෙ රත්තරන් හදවතක්.

 

ප්‍රශාන් කියන්නකො ඔයා පූජාගෙ දකින හොඳම ගුණාංග මොනවද කියලා?

ඇගේ නිහතමානී බව, ඇගේ අවනතභාවය, දෙවියන් කෙරෙහි ඇගේ තිබෙන විශ්වාසය හා අනිවාර්යයෙන් ඇගේ සොඳුරු බව.

 

එකක් කියන්න කිව්වම වැලක්ම කියාගෙන යනවා. ප්‍රශාන්ට එකම එක අවස්ථාවක් ලැබුණොත් පූජාගේ ඔයා වෙනස් කරන්න කැමති දෙයක් කියන්න?

මම ඒ වෙනස්කම දැනටමත් කරලා ඉවරයි.

 

ඒ මොකක්ද ප්‍රශාන්?

මම එයාගෙ වාසගම වෙනස් කළා.

 

පූජාට අවස්ථාවක් දුන්නොත් ප්‍රශාන්ගෙ වෙනස් කරන්න කැමති දෙයක් තියෙනවද?

එකක් තියෙනවා. වාහනේ එලවද්දි පාරෙ අනිත් රියදුරන් මාර්ග නීති කඩ කරනවා දැක්කම ප්‍රශාන්ට ඇතිවෙන්නෙ පුදුම මානසික පීඩාවක්. ඒ ගතිය වෙනස් කරගන්න පුළුවන්නම් මම කැමතියි.

 

2017-01-14-ent-11

 

ඉතින් දෙන්නම තාම කිව්වෙ නැහැනෙ මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ කවුද? කොහෙදිද? කවදද? කියලා?

ඒක කොහොම වුණාද කියලා දිනයක් වෙලාවක් කියන්න බැහැ. ඒක කාලයාගේ ඇවෑමෙන් අපි දෙන්නට දෙන්නා හොඳින් හඳුනාගත්තට පස්සෙ ඉබේම වගේ සිද්ධවුණා කියලයි මට හිතෙන්නෙ. මුලින්ම අපිට ආදරය දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සෙ තමයි ඒ සිතුවිලි වචන බවට පත්වෙලා අපේ හිත් යාවුණේ.

 

ප්‍රශාන් හිතන්නෙත් එහෙම කියලද?

ඔව්. මට මතකයි. අපේ හිත් තුළ මොකක්දෝ අමුතු හැඟුමක් ලියලගෙන එන දවසක අපි ගමනක් ගිහින් එද්දි පූජාට අයිස් ක්‍රීම් එකක් කන්න ආසා හිතුණා. මම එදා පූජාට කිව්වා එයාට මම කැමතියි කියලා - එයත් මට කැමති වුණා. අපි තවත් ටික කාලයක් යාළුවො හැටියට ඇසුරු කරන්න තීරණය කළා.

 

පස්සෙ ආදරය තහවුරැ වුණා?

ඔව්. අපේ ජීවිතවලට සිදුවුණු සුන්දරම දේ තමයි අපේ හදවත් දෙක එක්වීම. අපි ඉතාම සරලව ජීවත් වෙන දෙන්නෙක්.

 

ඒ නිසාද මංගල උත්සවයත් ඉතාම චාම් අන්දමට පැවැත්වූවේ?

ඇත්තටම අපි ඉතාම සරලව තමයි මංගල උත්සවය පැවැත්වූයේ. මගෙයි ප්‍රශාන්ගෙයි පවුල් දෙකේ සාමාජිකයන් හැරෙන්නට අපිට කිට්ටුම, පවුලේ සාමාජිකයන් හා සමාන මිතුරන් කීපදෙනකුට ආරාධනා කළා. ඔබත් එයට සාක්ෂි දරනවනෙ. කලා ක්ෂේත්‍රයේ කාටත් නොකීවේ එතරම් විශාල සංඛ්‍යාවකට ආරාධනා කරන්න බැරි නිසයි. කෙනකුට කියලා තවත් කෙනකුට නොකියා ඉන්න බැරි නිසයි.

 

ප්‍රශාන් තාමත් පූජා දූරියන් කනකොට අප්පිරියාවෙන් අහක බලන් ඉන්නවද?

ඒ ඉස්සර. මම දූරියන් කද්දි ප්‍රශාන් අහක බලාගෙන රඹුටන් කෑවා. දැන් ප්‍රශානුත් දූරියන්වලට මාර පෙරේතයි, මට වඩා.

 

පූජයි ප්‍රශානුයි ගොඩාක් කතා කරන්නෙ සිංහලෙන් නේද?

ඔව්. ප්‍රශාන් ඉගෙන ගත්තෙ කොළඹ. ඉංග්‍රීසි සහ සිංහල භාෂා තමයි ඉගෙන ගත්තෙ. එයාට දමිළ වචනයක්වත් කතා කරන්න බැහැ. එනිසා අපි දෙන්නත් වැඩිපුරම කතා කරන්නෙ සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්.

 

ප්‍රශාන් දැන් පූජා ඔයාගෙ ව්‍යාපාරයෙත් කොටස්කාරියක් නේද?

ඔව්. මගේ තේ අපනයනය කරන සමාගමේ ඇයත් මට සහාය වෙනවා. පූජාගේ තාත්තත් තේ ව්‍යාපාරයේ ප්‍රවීණයෙක්. අනික පූජත් තේවලට හරිම ප්‍රියයිනෙ.

 

ඒ කියන්නෙ පූජා රංගනයට ආයුබෝවන් කියයිද?

ප්‍රශාන් මට කිසිම වෙලාවක කිසිම තහංචියක් දාලා නැහැ. ඒත් මම කැමතියි මේ වෙලාවෙ මගේ පවුල් ජීවිතයට ප්‍රමුඛත්වය ලබාදෙන්න.

 

පූජා රඟපාපු සිංහල චිත්‍රපට ප්‍රශාන් නරඹලා තියෙනවද?

අනේ මම හරිම ආසයි, ඒත් පූජා කැමති නැහැනෙ මම එයාගෙ ෆිල්ම්ස් බලනවට.

 

ඇයි පූජා එහෙම කරන්නෙ?

අනේ මට ලජ්ජයිනෙ එයා මගෙ චිත්‍රපට බලනවට. අනික මම සජීවීව එයා ළඟ ඉන්නකොට ප්‍රශාන් මොකටද තිරයේ පූජාව බලන්නෙ.

 

ප්‍රශාන් ආස නැද්ද පූජා රඟපාන චිත්‍රපට බලන්න?

හරිම ආසයි. මම ගොඩාක් ආසාවෙන් ඉන්නෙ ‘සරිගම’ බලන්න.

 

සොඳුරු හෝරා කීපයකින් පසු අපි පූජා හා ප්‍රශාන්ගෙන් සමුගත්තෙ ඉතාම ඉක්මනින් ප්‍රශාන්ව ‘සරිගම’ බලන්න එක්ක යන්නට පොරොන්දු වෙමින්.

 

 Text — Ramesh Uvais Pic — Nipuni Wickremanayake 

 

2017-01-14-ent-10
2017-01-14-ent-09



අදහස් (0)

ආදරේද ඇහැව්වේ අයිස්ක්‍රීම් කද්දි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 879 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 136 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 325 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 471 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2161 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4207 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site