පාසල්වල ක‍්‍රීඩා උපකරණ භාවිතයේදී හා ගබඩා කිරීමේදී නව උපදෙස් පත‍්‍රිකාවක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැරැසෙයි.
ගල් රෝලකට තදවීමෙන් කොළඹ ආනන්ද විදුහලේ සිසුවෙකු මියයාම හා ඇඹිලිපිටිය පනාමුර මහ විදුහලේ සිසුවකුගේ මුහුණෙහි හෙල්ලක් වැදීම යන සිද්ධිය නිසා මෙම තීරණය ගෙන ඇති බව එම අමාත්‍යංශයේ ක‍්‍රීඩා කටයුතු භාර අධ්‍යක්ෂ බී.අබේරත්න මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ සමහරක් ගේ ඇස් නිකමට හරි ඇරෙන්න මේ වගේ මහා විනාශයක්ම වෙන්න ඕනේ. (අ)
ආරියසේන මහතා, මෙහි වැරදිකරු ගල්රෝලයි. අපි එය හිරේ දාමු. 'අනේ ලංකා!' (නදී)
එක් සිද්ධි වෙන්න කලින් සැලසුම්කරණයකට ලක් වෙලා ම යමක් කරන්න අධ්‍යාපන බලධාරින්ට හැකි නම් ඒක තමා වටින්නෙ... ඒ විතරක් නෙවෙයි විද්‍යාගාර වල, පුස්තකලවල තියන අල්මාරි.... මේ හැමදේම ගැන සැලසුමක්, හොයා බැලිමක් නිරතුරුවම වෙන්න ඕනේ. පොඩි දරුවෝ ඉන්න තැන් ගැන බලධාරීන්ට ලොකු වගකීමක් තියෙනවා. ...දැන් කව්ද මේ මරණයට වග කියන්නේ.. වෙනත් රටක පාසලේදී ඔයවගේ දෙයක් වුනොත් විදුහල්පතිට සහ විෂය බාර ගුරුවරයාට හිරේ යන්න වෙනවා (අ)
මේ වගේ හදිසි අනතුරු වෙන්නෙ අපේ වැඩිහිටියන්ගෙ ආරක්ෂාව ගැන තියෙන දැණුම අල්ප නිසා. ගල් රෝල බෑවුමේ තිබ්බාම පහලට ගියොත් අනතුරක් වේවි කියල කවුරු හරි ඒක පාවිචි කරපු කෙනා දැන හිටිය නම්,නැත්නම් දැකපු කෙනෙක් අදාල කෙනා ට දැන්වූවා නම් අනතුර වලක්වා ගන්න තිබුණා.(අ)
මෙම ළමයින් ගල් රෝල එක්ක සෙල්ලම් කරනකොට ඒක අනතුරු දායක බව කියල දෙන්න කිසිම ගුරුවරයෙක් / සිසු නායකයෙක් ඉදිරිපත් නොවීම රාජකාරිය අතපසු කීරීමක් .නොවේද. (නදී)
ලංකාවේ දැන් ගල් රෝල ක්‍රීඩා භාණ්ඩයක් එහෙනම්?(දිල්)
අර දරුවා දැන් ආයෙත් එන්නේ නැහැනේ පව්.(නදී)
ළමයි දග කරන පලියට ක්‍රීඩා පලිද? (නදී)
මම කියන්නේ මෙතන කියන්නේ නැති වරදක් වෙලා තියෙනවා. තාත්ත ඉස්කෝලේ නිසා කට පියාගෙන ඉන්නවා. වරදට වග කියන්න ඕනේ විදුහල්පති ඇතුළු වග කිව යුත්තෝ. දරුවෝ ඔහොම වැඩ කරනවා. ඕවා වගකීමෙන් තියන්න බැරිද? ඔහොම නම් අහිංසක ඉස්කෝල කොහොම කරන්නද? (නදී)
අපේ කලෙත් 1990 ඕව තිබ්බ දැනට වැඩිය අපි ගොඩක් වැඩ කළා ,ඔහොම දෙයක් සිදුවෙනේ ඒ අසරණ ළමයාගේ වෙලාව තමයි .(අ)
වෙනත් රටක පාසලේදී ඔයවගේ දෙයක් වුනොත් විදුහල් පතිට සහ විෂය බාර ගුරුවරයාට හිරේ යන්න වෙනවා. (අ)
රටෙන් බාගයක් මියයන්න ඕනේ මේ ගොල්ලන්ගේ ඇස අ ඇරෙන්න. මැති ඇමැතිවරුනට අමාත්‍යයංශයක් බාර දෙන්නේ එම විෂය ක්ෂේත්‍රය තුල ඇති අඩු පාඩුකම් හදන්නත්, අලුතින් යමක් වැඩි දියුණු කරන්නත්. නමුත් අපේ ලංකාවේ කැබිනට් මණ්ඩලය ප්‍රසාරණය වුයේ හිඟන්නාගේ බරව කකුළ ඉදිමෙන වේගයෙන්. "දෑත් ශක්තිමත්" කරන්න ඇවිල්ල කුඩු කන්ටේනරයේ සිට නිධන් හෑරීම දක්වාවූ ද තවත් ඔබ්බට දේශපාලන න්‍යායය පත්‍රයකට අනුව ද වැඩ කිරීමට ඇති නිසා මොවුන්ගේ සෙතක් වේයයි සිතිය නොහැක. (අ)
ආනන්දය වැනි උත්තරීතර පාසලක මෙවැනි වරදක් සිදු වූ විට එහි ප්‍රධානියා ඉල්ලා අස් වුනා නම් අපේ රටටම ආදර්ශයක් . අපි ආනන්දයේ සිටි සමයේ තිබු ප්‍රමිතිය අද කෝ ..? (අ)
ඇස ඇරෙන්න ලොකු පාසලක කරදරයක් වෙන්නම ඕන,,,, කොහොම හරි ක්‍රමවේදයක් එනවා නම් හොඳයි .....(අ)
අපේ ලංකාවේ හැම දේම අශ්වයා පැනලා ගියාම තමයි ඉස්තාලේ වහන්නේ. ඕවා කියනවා විතරයි. දවසක් දෙකක් මතක් වෙයි ඊට පස්සේ මුකුත් මතක නෑ. අපේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි එහෙමනේ. (අ)
මේව විතරක් නෙමේ පාසල් බිමේ ඇති අනතුරු දායක අනෙකුත් දේවල් ඉවත් කිරීම ගැන ද අවධානයක් යොමුකල යුතුයි. මට මතකයි දැනට අවුරැදු කිහිපයකට පෙර කඩවත ගනේමුල්ල පැත්තෙ පාසලක කුඩා ළමයෙක් පාසල් බිමේ තිබ්බ කොටයකට යටවෙලා මියගියා. (අ)
ක්රීඩා උපකරණ භාවිතයේදී හා ගබඩා කිරීමේදී නව උපදෙස් - ගල්රෝල ක්‍රීඩා උපකරණයක්ද - මුන්ට පිස්සු (අ)
සෙල්ලම් කරන්ඩ බෝලයක් වත් නැති ඉස්කෝල තියෙනවා කියල බී.අබේරත්න දන්නවද - ගබඩා කරන්නේ අහවල් එකද (අ)
සමහර පාසල්වල පුස්තකාලයක පොතක් තියාගන්ඩ කබඩ් එකක් නැහැ - මේ අය ක්‍රීඩා උපකරණ ගබඩා කරන එක ගැන කතා කරනවා (අ)
කොළඹ ළමයි මැරෙන්නේ පිට්ටනි තලන්න ගෙන ගල්රෝල් වලට යටවෙලා - ගමේ ළමයි මැරෙන්නේ තුන්වේල කන්ඩ නැතුව - අනේ රටකට ගිය කලක් (අ)
ආනන්දේ උන නිසා මේ තීරණය ගන්න ඇති අකික් ඉස්කෝල ගැන කිසි සැලකිල්ලක් නෑ (අ)
අධ්‍යාපන ලොක්කෝ හැමතිස්සෙම ඉස්තාලය වහන්නේ අශ්වය පැනල ගියාමයි (අ)
මේ වගේ තවත් මර උගුලක් තියෙනවා ශාන්ත තෝමස් ප්‍රථමික විද්‍යාලයේ කොල්ලුපිටියේ අනාරක්ෂිත උඩු මහලක් මුල් ගුරුතුමාටත් කොල්ලුපිටියේ පොලීසියටත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් කිව්වා හරිගියේ නැහැ. ළමා අපචාරයක් වෙලානම් කටයුතු කරන්නම් කිව්වා. මේ වගේ දේවල් ගැන කියන්න කවුරුත් නැහැනේ මේ ලංකාවේ. දෙයක් උනාට පස්සේ නම් ලෝකු කතා කියනවා (අ)
පත්රිකාවක් නිකුත් කළ පමණින් සැහීමකට පත්නොවී ඒගැන නිරීක්ෂණ කටයුතු කළ යුතුයි (දිල්)
සිද්ධියක් වුණාම සැලකිලිමත් වෙන එක හොඳයි... ඒත් සිද්ධි වෙන්න කලින් සැලසුම්කරණයකට ලක් වෙලා ම යමක් කරන්න අධ්‍යාපන බලධාරින්ට හැකි නම් ඒක තමා වටින්නෙ... (අ)