IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ආනන්ද විදුහල්පතිට/ අධ්‍යාපන ලේකම්ට සිතාසි

පිට ප්‍රදේශවලින් මුදලට ළමයින් ඇතුළු කර ගැනීම නිසා ප්‍රදේශයේ ළමයින්ට පාසලට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වී ඇතැයි කියමින් කොළඹ ආනන්ද විද්‍යාලයයේ සිසුවකුගේ පියකු ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා සිකුරාදා (24)  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ  පෙනී සිටින ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයයේ විදුහල්පතිට සහ අධ්‍යාපන ලේකම්ට එම කොමිසම සිතාසි නිකුත් කළේය.

එම පාසලේ සිසුවකුගේ පියකු බව කියන එච් පී රෝහිත කුමාර මහතා එම පැමිණිල්ල ගොනු කර තිබේ.

පාසලේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී චක්‍රලේඛ උල්ලංඝණය කරමින් පාසල් සංවර්ධන සමිතියේ නොවන ගිනුමකට මුදල් බැර කරවාගෙන ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන්ය.

මාසයක් ඇතුළත එලෙස බැරකරවාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 119ක් පමණ බව මුදල් බැර කළ පිරිසේ නාම ලේඛණයක්  කොමිසමට ඉදිරිපත් කරමින් පැමිණිලි කරු සඳහන් කර ඇත.

වාර්ෂිත ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී රුපියල් ලක්ෂ හැට පහක් වටිනා විදුලි ජනක යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා කූඨ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇතැයි ද පැමිණිල්ලේ සඳහන්වේ.

 

 



අදහස් (0)

ආනන්ද විදුහල්පතිට/ අධ්‍යාපන ලේකම්ට සිතාසි

තේජා Friday, 24 June 2016 01:52 AM

පෙරපාසැලේ අලුතින් එන ළමයි පිළිගන්න, නිදහස්‌ දිනය සමරන්න ජාතික ඇඳුම් ළමා සාරි වලට, අධ්‍යාපන චාරිකාවක්‌ යන්න, සිංහල අවුරුදු පොළට, අවුරුදු උත්සවයට, ඇඳුම් වලට, වෙසක්‌ එකට කූඩු හදන්න, බණට, පොසොන් එකට භක්‌ති ගීත, ඇඳුම්, වාහනයේ තෙල් ගහන්න, වාර අවසාන කොන්සට්‌ එකට, නත්තල් උත්සවයට සල්ලි සල්ලි සල්ලි....!!! (නි)

:       0       0

අනුරාධ Friday, 24 June 2016 01:53 AM

දැන් මේ යන විදිහට පෞද්ගලික උපකාර පන්ති සහ මොන්ටිසෝරි යන විෂයන් අයත් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයටද? වෙළඳ කටයුතු අමාත්‍යාංශයටද? නැත්නම් නීතිය සාමය සහ බන්ධනාගාර පුනරුත්තාපන අමාත්‍යාංශයටද? (නි)

:       0       0

රජීව් Friday, 24 June 2016 02:19 AM

පාසැල් සහ පෙර පාසැල් වල අක්‍රමිකතා ගැන පැමිණිලි කරන්න හොට් ලයින් එකක් තියෙනවා නම් මේ අය ටිකක් බයවෙලා හරි අකටයුතුකම් නොකර ඉඳියි නේද? අපි දන්නේ නැහැ කාටද පැමිණිලි කරන්න ඕනෑ කියලාවත්. (නි)

:       0       0

ජයන්ති Friday, 24 June 2016 02:48 AM

සමහර පෙරපාසල් මුදල් නැති අය වෙනුවෙන් පෙන්වන දයාව නිසා ඇතුළත්වීමේ ගාස්‌තු අය නොකරයි. එය එම පාසල සඳහා කරන ප්‍රචාරණ සැළැස්‌මක්‌ ලෙසද පෙන්වයි. නමුත් එම ගාස්‌තුව නොගත්තාට ඔවුන් එම මුදල වාර ගාස්‌තු වලින් හෝ පොත් ලිස්‌ට්‌ එකෙන් සහ නිල ඇඳුමෙන් අල්ලයි. (නි)

:       0       0

රන්දෙනිය Friday, 24 June 2016 03:02 AM

මේ විදුහල්පතිවරුන් ගැන ගැඹුරින් හොයන එක හොඳයි. (නි)

:       0       0

විශාඛා Friday, 24 June 2016 03:04 AM

අවිධිමත් පෙර පාසල් වල ඇත්තේ වෛවර්ණ බෝඩ් පමණි. ඇතුළ හිස්ය. බෝඩ් එක බැලුවහම නම් ජාත්‍යන්තර තත්වයේ තියෙනවා වගෙයි. ඇතුළේ තියෙන්නේ පුටු ටිකකුයි, ඔංචිල්ලාවකුයි පමණයි (නි)

:       0       0

දහම් ධර්මරත්න Thursday, 23 June 2016 09:24 AM

බොහෝ පාසල්වලට මුදල් හිගයක් තියෙනවා. පහසුකම් ගාස්තු කියලා නිමක් නැති මුදල් කන්දරාවක් ගන්නේ, කාට කියන්නද? (ර)

:       0       0

පුෂ්පා Thursday, 23 June 2016 09:15 PM

කවුද මේ හොර සංස්කෘතිය ලංකාවට ඇබ්බැහි කළේ? කතාවට කියනවනේ කපුවා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුව කරනවා කියලා (නි)

:       0       0

ජගත්‍ Friday, 24 June 2016 12:30 AM

පහසුකම් ගාස්තු විතරක් නෙමෙයි. පොත් ටික, නිල ඇඳුම්, සපත්තු බෑග් ගන්න කියන්නෙත් පාසලේ ඇති කඩෙන්මයි. එම කඩය පවත්වාගෙන යන්නෙත් විදුහල්පතිගෙම කෙනෙක් තමයි. මේවා තමයි ගසාකෑම් ලංකාවේ. පෙරපාසල් වල තත්වයත් මීට නොදෙවෙනියි. (නි)

:       0       0

කීර්ති Friday, 24 June 2016 12:39 AM

අපේ පළාතේ පෙරපාසල් ගණනාවක්‌ තියෙනවා. හොඳම එක කියලා හිතාගෙන තමයි අපි අපේ පුතාව දැම්මෙ. සල්ලි, සල්ලි, සතියෙන් සතිය මාසෙන් මාසේ සල්ලි ඉල්ල ඉල්ලා එවනවා. අපි කියලා ගස්‌ වලින් කඩනවද? මොන දෙයක්‌ කරලා හරි ඉතින් ගෙවනවා. නැත්නම් දරුවටනෙ හොඳ නැත්තෙ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 912 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 447 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 389 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 328 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1595 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1721 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38808 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site