හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථානගත වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වූ ද මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උප කුලපතිවරයාද වන විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 09 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළේය.
ප්‍රියසාත් ඩෙප් සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේස්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ පෙත්සම කැඳැවිණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් වෙත යැවූ නොතීසී ඔවුන්ට ලැබී නොමැති හෙයින් එම නොතීසි යළි දන්වා යවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුගේ නීතීඥවරයාට දැනුම් දුන්නේය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම, සෞඛ්‍ය සේවා ආරක්ෂක ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, මූලික විමර්ශන කමිටුවේ සභාපති වෛද්‍ය ලක්ෂ්මි සී. සෝමතුංග, පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.ආර්.එස්.ආර් නාගහමුල්ල, අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ. හේවගේ, නීතිපතිවරයා ඇතුළු 13 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආනන්ද සමරසේකගේ පෙත්සම සැප්තැම්බර 09 සලකා බලයි
බෙනට් Wednesday, 31 August 2016 05:15 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
දිලිප් Thursday, 01 September 2016 07:53 AM
අස්තාන ගතවිමක් වෙලා තිබෙනවානේ. එයට වගකිව යුතු අයත් ඉන්න ඕනෙනේ! නීතියට අනුව කටයුතු කිරීමත් වැරදි නැහැනේ! අයි මේ මෙච්චර නීතියට බය. බලමු අපි නිතිය මෙය දකින්නේ කොහොමද කියලා (හේ)
ජයාත් Thursday, 01 September 2016 01:52 AM
මොන ප්‍රශ්න තිබුණත් මේක තියන්න ඕනෑ කියන මතයේ මම ඉන්නේ. මොකද මේ වගේ එකක් තියනකොට සමහරුන්ට තියන ඒකාධිකාරය නැතිවෙනවා (නි)
ධම්ම Wednesday, 31 August 2016 02:30 PM
සයිටම් එක ප්‍රශ්න ගොඩක්.(බ)