IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ආනන්දසංගරිගේ පුතා කැනඩා අමාත්‍ය මණ්ඩලයට

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ගැරී ආනන්දසංගරී මහතාට අමාත්‍ය ධුරයක් හිමිව තිබේ.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ගැරී ආනන්දසංගරී මහතා අමාත්‍යවරයකු ලෙස පත් කර ඇත.

ගැරී ආනන්දසංගරී යනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වීරසිංහම් ආනන්දසංගරීගේ පුත්‍රයාය.ඔහු ප්‍රථම වරට 2015 වසරේදී මන්ත්‍රීවරයකු ලෙස කැනඩා පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.

ගැරී ආනන්දසංගරී මහතා 1983 වසරේදී සිය මව සමඟ කැනඩාවට සංක්‍රමණය වී තිබේ.

නව අමාත්‍යධුරය යටතේ ස්වදේශික ඉන්දියානුවන් සම්බන්ධයෙන් වන ඉන්දීය පනත සහ අනිකුත් පනත් බලාත්මක කිරීමේ වගකීම ගැරී ආනන්දසංගරී මහතාට පැවරෙනු ඇත.



අදහස් (7)

ආනන්දසංගරිගේ පුතා කැනඩා අමාත්‍ය මණ්ඩලයට

විජේ Thursday, 27 July 2023 03:01 PM

පට්ට ඇනයක් ඉතිං

:       0       1

pakeer Thursday, 27 July 2023 03:14 PM

සුභාසිංශන .මේ ගූ වලේ ගූ නානවට වඩා ඔබ කැනඩාවට ගිය එක සුපිරි .සුභ පැතුම් .මිස්ටර් සංගරී

:       1       0

nanda Thursday, 27 July 2023 03:23 PM

ආනන්ද සංගරී මහතා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට ආව වැදගත් දේශපාලකයෙක් ,ත්‍රස්තවාදයට විරුද්ධ උන කෙනෙක්

:       0       1

Mangala U Ranasinghe Thursday, 27 July 2023 04:06 PM

gari සංගරී ගේ අමාත්‍යධූරය ශ්‍රී ලාංකිකයෙකුට හෝ කැනඩාවේ වෙසෙන අපට හෝ උදම් ඇනීමට කාරණයක් නොවෙයි. කැනඩාවේ සිටින කොටි ක්‍රියාකාරිකයෙකු වන ඔහු මෑතකදී කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳව කරන ලද ප්‍රකාශය සඳහා මුල් වූ පුද්ගලයා වෙයි. ශ්‍රී ලංකාවට විරුද්ධව කැනඩාවේ සිදුවන සියලු ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ ගැරී සංගරී නැමැති පුද්ගලයාය. මෙම අමාත්‍ය ධුරයත් සමග ඔහු තවත් බලවත් වන අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහ රජයට පසුපස පන්නමින් පහර දීමට ඔහුට හැකියාව ලැබෙනු ඇත. අප විසින් කළ යුතුව ඇත්තේ අමාත්‍යධූරයක් ලබාදීම පිළිබඳව කැනේඩියානු රජයට කණගාටුව ප්‍රකාශ කිරීමත් ඔහුගේ කොටි ත්‍රස්තවාදී ක්‍රියාවලිය ලොවට හඬගා ප්‍රකාශ කරමින්, ත්‍රස්තවාදියෙකු අමාත්‍ය මණ්ඩලයට පත්කිරීම පිළිබඳව ්‍රශ්න කිරීමයි

:       0       2

Balasuriya Thursday, 27 July 2023 04:45 PM

මොහු ඉතාම ප්‍රබල කොටි ආධාර කරුවෙකි. ලංකාවේ දෙමල සංහාරයක් සිදුකල බවට කැනඩා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත්කර සම්මත කරගත්තේ මේ පුද්ගලයායි.

:       0       2

nimal Thursday, 27 July 2023 04:59 PM

නව අමාත්‍යධුරය යටතේ ස්වදේශික ඉන්දියානුවන් සම්බන්ධයෙන් වන ඉන්දීය පනත සහ අනිකුත් පනත් බලාත්මක කිරීමේ වගකීම ගැරී ආනන්දසංගරී මහතාට පැවරෙනු ඇත. එමගින් ගැරී ආනන්දසංගරී කැනඩාවේ first nations ( red indins ) පිලිබදව සහ ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම පිලිබදව කටයුතු කෙරෙනු ඇත. සත්‍ය වශයෙන්ම ඔහුව දේශපාලනික වසයෙන් ඔහු එරට first nations ( red indins ) පිලිබදව තිබෙනාවූ පනත් කුමන කාරයට ක්‍රියාත්මක කරාවිද යන්න සහ ලබදෙනාවූ විසදුම් පිලිබදව අනාගතයේදී දැක ගැනීමට හැකිවනු ඇත. කැනඩාවේ first nations ( red indins ) පිලිබදව සහ ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනත් රටක ඉපදී කැනඩාවට සන්ක්රමනයවූ පුදගලයකුට ලබදිමෙන්ම පැහැදිලි වන්නේ කැනඩාව රටක් වසයෙන් දේශපාලන තීන්දු නොව ප්‍රතිපත්තිමය තීන්දු මගින් තීරණ ගන්න රටක් පමණක් නොව කිසිදු ජාතිවාදයක්, ආගම්වාදය හෝ අන්තවාදය මත පිහිට ක්‍රියා නොකරන රටක් බවට ගැරී ආනන්දසංගරී එම තනතුරට පත්කිරිමෙන්ම පැහැදිලි කර ඇත.

:       0       0

nimal Thursday, 27 July 2023 05:01 PM

නව අමාත්‍යධුරය යටතේ ස්වදේශික ඉන්දියානුවන් සම්බන්ධයෙන් වන ඉන්දීය පනත සහ අනිකුත් පනත් බලාත්මක කිරීමේ වගකීම ගැරී ආනන්දසංගරී මහතාට පැවරෙනු ඇත. එමගින් ගැරී ආනන්දසංගරී කැනඩාවේ first nations ( red indians ) පිලිබදව සහ ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම පිලිබදව කටයුතු කෙරෙනු ඇත. සත්‍ය වශයෙන්ම ඔහුව දේශපාලනික වසයෙන් ඔහු එරට first nations (red indians ) පිලිබදව තිබෙනාවූ පනත් කුමන කාරයට ක්‍රියාත්මක කරාවිද යන්න සහ ලබදෙනාවූ විසදුම් පිලිබදව අනාගතයේදී දැක ගැනීමට හැකිවනු ඇත. කැනඩාවේ first nations ( red indians) පිලිබදව සහ ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනත් රටක ඉපදී කැනඩාවට සන්ක්රමනයවූ පුදගලයකුට ලබදිමෙන්ම පැහැදිලි වන්නේ කැනඩාව රටක් වසයෙන් දේශපාලන තීන්දු නොව ප්‍රතිපත්තිමය තීන්දු මගින් තීරණ ගන්න රටක් පමණක් නොව කිසිදු ජාතිවාදයක්, ආගම්වාදය හෝ අන්තවාදය මත පිහිට ක්‍රියා නොකරන රටක් බවට ගැරී ආනන්දසංගරී එම තනතුරට පත්කිරිමෙන්ම පැහැදිලි කර ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩු භාණ්ඩ භාරකරුගේ දුරකථන - බැංකු වාර්ථා කැඳවයි
2024 ඔක්තෝබර් මස 15 22 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 0 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


වැස්ස ක්‍රමයෙන් අඩු වෙයි
2024 ඔක්තෝබර් මස 15 228 0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


නිදහස් උළෙල සංවිධානයට මෙහෙයුම් කමිටුවක්
2024 ඔක්තෝබර් මස 15 874 0

77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු
2024 ඔක්තෝබර් මස 15 124 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව


ඩෙංගු හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 15 66 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 472 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1456 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site