තණමල්විල වැල්ලවාය වන්දම දෙමළියේදී කංසා හේනක් වටලන්නට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායෙන් තම සැමියා වන ආමි ලාල් මිය ගිය ආකාරය ගැන පරීක්ෂණ පවත්වන්නැයි තණමල්විල බළහරුවේ ඒ ජී දීපිකා තිදරු මව ජනපතිගෙන් හා ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලයි.
ගංජා හේනකදී වෙඩි හුවමාරුවකින් තම සැමියා මිය ගිය බව සත්‍යක් බවත් ඔහු මරා දමා ඇති බවත් ඇය කියන්නීය.
‘මගේ මහත්තයා දැන් කංසා වවන්නේ නැහැ .ඔහු අක්කර විස්සක වැවක් හදලා හේන් වගා කරනවා.හමුදාවේ සිට ඔහු නීත්‍යනුකූලව ඉවත් වු කෙනෙක්.අපට දරු තුන්දෙනයි.මිනීමරුවන්ට නිදැල්ලේ යන්න දෙන්න එපා‘ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වවපු හේනේ ගංජා ඉබේ වැවෙන්න ඇති. එකනේ ගංජා හේනේ මැරුණේ.(නදී)
මහත්තයා කලින් කරපු වගාව පිලිබදව නෝනට හොද දැනීමක් තියෙන බව පේනවා. රක්ෂිත ඇතුලේ අක්කර 20ක වැවක් හදල වවන්න කවුද අවසර දුන්නේ.? (නදී)
මේක නිසා තමයි අලි ගම් වලට පනින්නේ. මිනිස්සුන්ව මරන්නේ. ඒ වුනත් මේ වගේ මිනිස්සු තමන් ගැන විතරයි හිතන්නේ. වැරදි කීයක් කරලද? පොලිසිය වෙඩි නොතිබ්බ නම් එයාලයි වෙඩි කන්නේ. මේ පැතිවල බෞදධයන්ගේ තත්වේ හොඳ කරන්න හාමුදුරුවරුන්ට ඉඩ නැහැ. පන්සල් විනාශ කරලා ආපහු හදන්න දෙන්නේ නැතිලු? ඒවයි ආණ්ඩුව හොයන්න ඕනේ. (නදී)
කංසා, ගංජා, හෙරොයින් මෙකී නොකී දේවල් කිලෝ සිය ගණනින් අල්ලද්දී මෝරුන් කුඩා දැල් හිඩැස් වලින් රිංගා යද්දී හාල් මැස්සන් විශාල දැල්වලට අහුවෙද්දී "ආමි ලාල්" ව ඝාතනය කිරීම ගැන ප්‍රීති වෙන පින්වතුනුත් තවම ලංකාවේ ඉන්න එක ලොකු දෙයක්. (නදී)
ආමි ලාල් සොයුර, ඔබ රණවිරුවෙක් වී දිවි පරදුවට තබා සටන් කර මුදා ගත් දේශයේ කුඩු කන්ටේනර් වලින් ගෙන්වන ත්‍රස්තවාදයට උඩ ගෙඩි දුන්න අය අද රජයට මුවා වී දේශද්‍රෝහී වැඩ දිගටම කරගෙන යනවා. එවැනි දේශයකින් ඔබ මේ ආකාරයට හරි සමු ගත්ත එක ගැන එක අතකින් අප සතුටු වෙනවා.(නදී)
ඇත්තටම මේ පිලිබදව සාධාරණය ඉටු කරන්න .(දී)
පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. බිරිද කියාපු දේවල් වලම තියෙනවා සාදාරනය රට වෙනුවෙන් ඉටුවී ඇති බව.(නදී)
මෙයාට උදවු කරන "බලවතෙක්" ඇති. (නදී)
තණ මල් විල මතක්වෙද්දී මල් පබා ලා මතක් වෙනවා.(නදී)
මෙයා ගැන දන්නා අය හොඳට දන්නවා.(නදී)
"මහත්තය කංසා වවන්නේ නෑ" ඒ උනාට මැරිලා තියෙන්නේ කංසා හේනේ වෙඩි හුවමාරුවේදී. (නදී)
ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ වගේ ගංජා වැවීම සහ විකිණීම නීතිගත කලානම් ගංජා ලංකාවේ ප්‍රධාන කෘෂි බෝගය වෙන එක නියතයි.(නදී)
ගංජා හේනකදී වෙඩි හුවමාරුවකින් තම සැමියා මිය ගිය බව පිළිගන්නවා නම් එතනට ගියේ බඩ ඉරිගු කඩන්නද? (නදී)