සෑම වසරකම දෙසැම්බරයේ මතුගමට එන වැහිලිහිණියන් මෙම වසරේ නොවැම්බරයේ සිට පැමිණෙමින් සිටී
රාත්‍රි කාලයේ නගරය පුරා විදුලි රැහැන්මත සහ නියෝන් ආලෝකය ඇති ගොඩනැගිලි වල වසා සිටින මෙම වැහිලිහිණියන් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් නගරය පුරා දැකිය හැකි අතර සවස හයට පමණ විදුලි රැහැන් මතට එන මේ ලිහිණියෝ පාන්දර හය පමණ වන විට නැවත ඉගිලී යති
ශ්‍රී ලංකා කුරුල්ලන් හා සත්වයන් පිළිබඳ පර්යේෂණයන්හි නියුතු ආසියා කලාපයේ කුරුළු සංවිධානයේ සභාපති සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය සරත් කොටගම මහතා මෙසේ පැවසීය
මේ කුරුළු විශේෂය හඳුන්වන්නේ බාන්ස් ස්ලෝවන්ස් (Barnsley)කියලයි මේ අයගේ නිජබිම වෙන්නේපැසිපික් යුරෝපියන් පැත්තේයි වැඩිපුර වාසය කරන්නේ උතුරු ඉන්දියාවේ ඒරටවලයි ඒ පැතිවල ඇතිවෙන ශීත දේශගුණය නිසා මෙයාලා වෙනත් රටවලට පියාසර කරනවා ඒ නිසා මේ අය සංචාරක කුරුළු විශේෂයක් හැටියට තමයි හඳුන්වන්නේ
විශේෂයෙන් ලංකාවේ ඔය මතුගම පැත්තෙත් රත්නපුර පැත්තේත් මේ අය දකින්න ලැබෙනවා ඒකට හේතුව තමයි මේ ප්‍රදේශ දෙකෙහිම දකින්න ලැබෙන සමාන උෂ්ණත්වය
තවත් දෙයක් තමයි අපේ සෑම රටකටම ගැළපෙන උෂ්ණත්වයක් අපේ රටේ තිබීම මේ හේතු සියල්ලම වගේම ආහාර සහ එයාලගේ ජිවන රටාවට අවශ්‍ය පහසුකම් මෙහේ තිබීමත් හේතුවක් වෙනවා
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමනක් යනකොට මතුගම හරහා යනවා නම් කුඩයක් අරගෙන යන්න. (නදී)
රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ.(නදී)
මොකද කුරුල්ලෝ විතරද එන්න? කිරිල්ලියෝ එන්නේ නැද්ද? (නදී)
කුරුල්ලන්ට තදවෙලා ඇති. වෛයි ෆයි කෙහෙල්මලක් නිසා ලැගලා ඉන්න ටෙලි ෆෝන් කම්බියක් වත් නැහැ කියලා.(නදී)
මාගේ කාරුණික ඉල්ලීම ඉටුකිරීම පිළිබඳව ලංකාදීප කතු තුමා ප්‍රමුඛ සමස්ථ කාර්ය මණ්ඩලයේ දයාබර ඔබලාට මාගේ ස්තුතිය.ඔබ සැමට තෙරුවන් සරණයි! .(නදී)
මොන තරම් ලස්සනද ලංකාව (නදී)
දැක්මේත් වෙනසක්.(නදී)
දැන් මත්තලට කුරුල්ලෝ එන්නේ නැහැ නේ .යාන්ත්‍රික කුරුල්ලෝ එන හින්දා කුරුල්ලන්ට එහෙ තහනම්!. (නදී)
මමනම් මේ කුරුල්ලන්ට කොහොමටවත් කැමති නැහැ, ජරාකරලා දිගටම, (අ)
හරිම සුන්දර දසුනක් ,මෙහෙම හරි ඉගිලිලා මගේ රටට එන්න පුලුවන්නම් සීතල කාලයට .(නදී)
අපිත් මතුගම තමා හොද හොද ලස්සන කුරුල්ලෝ කිරිල්ලියෝ මතුගම ඉන්නව (අ)
ඉතින් මේ අය හැමදම නවත්ත ගමුකො අපි වියදමක් නෑ අපිට සේවයකුත් වෙනවා නේ (අ)
හරිම ලස්සනයි. ඒත් හිතක් පපුවක් නැති අය අන්තනෝමතිකව සොබා දහමේ ලස්සන විනාශ කරමින් ඉන්න නිසා මෙවැනි දසුන් අපේ අනාගත පරපුරට දකින්න නොලැබේවි! (නදී)
හරිම සුන්දර දර්ශනයක් (නි)
වැඩේ හොදයි නමුත් පොඩ්ඩක් කැතයි.(නදී)
මේ අය දවල් කාලයට ඉන්නේ කොහෙද ? ඡායාරූප ගැනීම සදහා විස්තර ලබාදෙන්න (නි)
ලෝකයෙ සිටින අති දක්ෂම පිනුම්කරුයි.. පියඹන අතර වැහිළිහිණිය නිදා ගනියි.. ටොන් ගණනක් මැසි මැස්සෝ කා වනසයි.. සොබාදහමේ කෘමිනාශක බෙහෙත මෙයයි... (නි)
පියඹා ආවා ප්‍රේම කුරුල්ලා,මතුගම නගරයේ කුඩු තනන්ටා...// ඔහොමම හිටපන් ප්‍රේම කුරුල්ලෝ අපෙ හිත සනසා ගීත ගයන්ටා// (නි)
ලංකාවේ ස්වභාව සෞන්දර්ය සීඝ්‍රයෙන් වනසමින් පවතී. ලෝකයේම හතරවන තැනට මහා පරිමාණ වන විනාශයන් කරන රට බවට පත් වී ඇත. ඉතාමත්ම කෙටි කාලයකින් ලංකාවේ ජෛව විවිධත්වය මෙන්ම දේශගුණයද සම්පුර්ණයෙන්ම වෙනස් වීම නොවැළැක්විය හැකිය. එහෙයින්, මෙවන් සුන්දර දසුන් අද අදම දැක බලා ගැනීම වටී. (නි)
වීසා අවසන් වූ ගමන් ආපසු තමන්ගේම රටටම යාවි (නි)
දේශප්‍රේමී කට්ටිය අැයි බලන්නේ? ඉන්දියානු කුරුළු හමුදාව. පැමිණීම අන්තර්ජාතික කුමන්ත්‍රණයක් (නි)
මගේ ගජ මිතුරා හුඟ කාලෙකින් දැක්කා. (පණ්ඩිතයින් ඇසුරු කිරීමත්,පිදිය යුත්තන් පිදීමත් මංගල කරුණු වේ.) (නි)
හරිම ලස්සනයි (නි)
ඉස්සර මේ කුරුල්ලන් ආවේ නැද්ද? කාළගුණය වෙනස් වීමක්ද? (නි)
හරිම ලස්සනයි.ඒත් මට බය තව ටිකක් කල් යද්දී ගස්කොළන් කපන ආකාරයට මගේ රටේ මේ දේශගුණය රදා පවතියිද කියලයි. (නි)
අනේ මේ කුරුල්ලො ටික හැමදාම මතුගම ඉන්නවා නම් හොදයි. රෑ වෙනකොට නගරය හරිම ලස්සනයි. (නි)