ප්‍රාථමික සටන් පාඨ කරපින්නාගෙන ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි යැයිද ශ්‍රී ලංකාවට යහ පාලනයක් ඇති කළ හැකි එකම මග සිංහල දෙමළ හා මුස්ලිම් සිතුම් පැතුම් අනුව ක්‍රියාකිරීම බවද මෛත්‍රිපාල සිරිසේන ජනපති
තමා 49 වසරක අත්දැකීම් ඇතිව මේ බව ප්‍රකාශ කරන බවත් ඔහු කීවේය.
අපේ ජීවිත කාලයේදී තවත් යුද්ධයක් ඇතිවීමට ඉඩ නොදී අප මුහුණපාන සැබෑ අභියෝගය තේරුම්ගෙන එක්සත්ව එක්සිත්ව ක්‍රියාකරන්නැයි ශ්‍රී ලංකා වාසීන්ගෙන් ඉල්ලයි.
පදනම් ආයතනයේදී ශ්‍රීලනිප දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් හමුවේ පැවති රැස්වීමකදී ජනපති එසේ ප්‍රකාශ කළේය.
දර්ශන අනුග්‍රහය - ස්වාධීන රූපවාහිනී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමල සහ මුස්ලිම් ජනතාවගේ සිතුම් පැතුම් වනුයේ වෙනම පරිපාලන කලාපයි. ටික දවසක් යනකොට ඒවා වෙනම රාජ්ය බවට පත් වේවි.(නදී)
සිංහලයාට ඇති මේ එකම මව්බිම අසිංහලයන්ට අයිති විමට ඉඩ හරින අයගෙන් පාලි ගැනීමට මගේ මරණින් පසු බලගතු යකෙකු වී ඉපදේවා.(ම)
රන්ජන්, ඔබ කියන විදිහට ඔවුන් ඉල්ලන දේ දෙන්න නම් අපි ඔවුන්ගේ වහල්ලු වෙන්න ඕනෑ නේද? නගරයක උදේ 8-5 රැකියාවක් කරන අයට කොහොමත් රට ගැන කැක්කුමක් නැති බව අපි දන්නවා (නි)
අපේ ජීවිත කාලෙ විතරක් නෙමෙයි, අපිට රටක් ඕනෑ. අපේ දරු පරම්පරාවට අනාගත රටක් ඉතිරි කරනඑක කාගෙත් වගකීම. (නි)
එක පැත්තකට විශේෂ බලතල නොදී රටේ දස දිශාවේම එකම නීතියක් තිබෙනවා නම් අපි කැමතියි (නි)
ආයෙත් යුද්ධයක් ඇතිවෙනවාට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු කැමති නොවෙනු ඇති (නි)
ජනපති කියන දේවල් හොඳයි. රටේ සැවොම සමගියෙන් සිටියොත් තමයි රටේ දියුණුව ඇතිවෙන්නේ.හැමෝම ගැන එකිනෙකා සැකසහිත වීම ඉතා නරකයි (නි)
කතාකරන සියල්ල තම හෘද සාක්ෂියෙන්ම පැවසිය යුතුයි (නි)
ඉන්දියාව වතුකරයටත් ඇඟිලිගසාවි. වැඩිකල් නොගොස් ඉන්දියාව දෙන නියෝග ක්‍රියාත්මක කරන්න වේවි. (නි)
සීමා , කඩයිම් පැනවිලා තියෙන්නේ සිංහල අපිට. උතුරේ හිටපු සිංහල පවුල් නැවත පදිංචි කරන්නේ කවදාද? සිංහලයන්ට උතුරේ ඉඩම් මිලදී ගතහැකිද? (නි)
ආයේ යුද්දයක් ඇති වෙන එකක් නැහැ. මොකද එයාල ඉල්ලන ඊළම මෙයා ගේ කාලේදී දෙනවනේ. සිංහල අපිට වෙන්නේ මුදට පනින්න තමා.((නදී)
වැඩේ නරක නැහැ. හැබැයි කෙරෙනතුරු විශ්වාසත් නැහැ (නි)
තම ජාතියට කරන ආදරය - කිසිම ජාතියකට නොවේ අනාදාරය (ම)
මේකේ අදහස් දැක්කම අහන්න හිතෙනවා මෙහෙම. දෙමළ අයට කියන්නේ සිංහල අය කියන විදියට ඉන්න කියලද? එහෙමත් නැතිනම් වහල්ලු වගේ ඉන්න කියලද...? (නදී)
මේ මිනිසුන් කාටද මේ බන කියන්නේ. සිංහල අපි බය කරන්නද හදන්නේ. (නදී)
කමක් නැහැ ජනාධිපති තුමනි. යහපාලනය කියල හිතාගෙන සිංහල කොල්ලෝ 30000 මරුන එකේ පාඩුව උන්ගේ අම්මල තාත්තලටනේ ඊලම ඔන්න ඔහේ දීල දාමු. (නදී)
මුස්ලිම් අයට අරාබිය, ද්‍රවිඩ අයට ඉන්දියාව වත් තියනවා අපිට තියෙන්නේ මේ රට හැර වෙන මොකක්ද ? (නදී)
සිංහලයට වැඩි කල් යන්න කලින් මේ රටත් නැති වෙනවා. (නදී)
උණුවෙන හදවත් තියෙන ජාතියක් හැටියට සිංහල ජාතිය අනෙක් ජාතින් සමග සමගියෙන් ඉන්නට උත්සහ දරනවානම් අනෙක් ජාතින් ඒ සමගියේ පුරුක් වසයෙන් එකට අත්වැල් බැදගන්න උත්සහ දැරිය යුතුයි. (අ)
සිංහල කෙසේ වෙතත්, මුස්ලිම් සහ දෙමල සිතුම් පැතුම් වලට නම් ඉඩ ලැබෙන බව පේනවා. ඇත්තටම් කල ගුණ සලකන්නත් එපයි! (අ)
ඉල්ලන හැමදේම දෙනකොට ආයේ මොනවටද යුද්ද (අ)
ඔව් මහත්තයෝ ඔක්කොම දීල රට දෙකට කඩා දමල සාමෙන් ඉඳිමු (නදී)
ආයෙත් යුද්දෙකට ඉඩ නොදෙන්න ඉවසන්න ඕන සිංහලයා විතරද ? (නදී)
මොන පිස්සුද කොහෙන්ද එච්චර හයියක්. ඉල්ලන ඕන දෙයක් දීල අපි අපේ වැඩක් බලාගමු (නදී)