IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ආයෙත් රඟපාන්න ආවේ අවුරුදු දෙකකට පස්සෙ

2016-07-23-ent-15

එදා හැන්දෑව ටෙලිවෘතාන්තයේ උදුලාවතී නමින් ගැමි චරිතයක් රඟපෑ නිසා ඇයට සම්මානයකුත් හිමිවුණා. ඒ වගේම සමනළ කඳවුර වෘතාන්තයේ රඟපෑ චරිතය ගැනත් වැඩිදෙනා කතාකළ බව කියන්න පුළුවනි. ඒත් ඉරේෂා රණසිංහ නමැති මේ ශිල්පිනිය ක්ෂේත‍්‍රයට අවතීර්ණ වුණේ 2002 දී විතර පුවත්පත් සඟරා පිටකවරවලට පෙනී සිටින ශිල්පිනියක ලෙසයි. ඉන්පසු ගීත ජවනිකා සඳහා පෙනී සිටි ඉරේෂා ටෙලි රංගනයෙන් වැඩි පේ‍්‍රක්ෂක අවාධානයක් දිනාගත්තා. කෙසේ නමුත් පසුගිය වසර දෙකක කාලයේදී රඟපෑමෙන් ඉවත්ව සිටි ඇය නැවතත් ටෙලිතිරය හැඩකරන්නේ මේ දිනවල විකාශය කෙරෙන ‘‘සල්සපුනා’’ නාට්‍යය සමඟයි. එහි ‘‘ජූඩි’’ නමින් සැර කටකාර චරිතයකට ආවේශව සිටින ඉරේෂා සැඳැල්ල හැඩකළ අවස්ථාවකි මේ.

 

ඉරේෂා, අපි කෙළින්ම ඇමති බිරිඳ ගැන කතා කරමු?

2016-07-23-ent-13ඇත්තටම මේ දිනවල මට වැඩි ප‍්‍රතිචාර ලැබෙන්නෙ ‘‘සල්සපුනා’’ නාට්‍යයේ ‘‘ජූඩි’’ ලෙස රඟපාන ඇමති බිරිඳ චරිතය නිසයි.

 

මේ ඇමති බිරිඳගෙ සැබෑ ජීවිතයෙ විස්තර කිව්වොත්?

මගෙ මහත්තයාගෙ නම චරිත රුබේරු. එයා රජයේ රැකියාවක් කරනවා. අපට පුතාලම දෙදෙනායි. අපි පුංචි ව්‍යාපාරයකුත් පවත්වාගෙන යනවා.

 

පසුගිය කාලයේ රඟපෑවෙත් නැහැ නේද?

පොඩිපුතා ලැබිලා අවුරුදු දෙකක් විතර යනකල් රඟපෑවේ නැහැ. අවුරුදු දෙකකට පසුව එක්වුණේ මේ ‘‘සල්සපුනා’’ සමඟයි.

 

මේක ටිකක් සැර චරිතයක් නේද?

සැර චරිතවලට කොටුවුණේ නැහැ. එදා ‘‘හැන්දෑව’’ නාට්‍යයේ රඟපෑවේ ගමේ x ගැමි චරිතයක්. රාජ්‍ය සම්මාන උළෙලේදී ජූරියේ සම්මානයකුත් හිමිවුණා. රඟපෑමට පෙර මම වැඩි හරියක් පෙනී සිටියේ ගීත සඳහා රූප ජවනිකාවලටයි. ඉන්පසුව රඟපෑමට අවකාශය ලැබුණාම කුමක් හෝ වෙනසක් ඇති චරිත සමඟ එක්වෙන්න අවස්ථා ලැබුණා. මේ සල්සපුනා කතාවේ, ජූඩිගේ කට සැරයි x ඒ වුණාට හිත හොඳයි.

 

කොහොමද ඒ චරිතයෙ ඔබ අඟර දඟර පාමින් කතා කරන ලීලාව ඇතිකර ගත්තෙ?

මුලින්ම මේ කතාවේ පිටපත ලිව්වෙ තුෂාරි අබේසේකර අක්කායි. එයා මේ චරිතය ගැන මට කිව්වා. ටිකක් විතර සිංහල බැරි විදියෙ කෙනෙක් කියලා තමයි කිව්වෙ. මෙච්චර සැර චරිතයක් කරන්නෙ පළමු වතාවටයි. සල්ලිකාර පවුලක චරිතයක්. මහත්තයාව කිසිකෙනෙකුට අයිතිවනවාට අකමැති ඒ හිමිකමට ලෝබ කරන චරිතයක්.

 

මේ චරිතය රඟපාද්දී ඒ පරිසරයේදී මතකයේ රැඳුනු දේ ගැන කිව්වොත්?

දමිතා අක්කා සිටින දවස්වලට ෂූටිං වැටෙනවා නම් මම හරිම ආසයි. මං විතරක් නොවෙයි, හැමෝම ආසා කරන්නෙ මහ ගෙදර ෂූටිං වැටෙනදාටයි. එදාට රම්‍යා වනිගසේකර, රෝහණ බැද්දගේ ඇතුළු ප‍්‍රවීණයින් මෙන්ම ගයනි, ජනක ඇතුළු ඊළඟ පරපුරේ ප‍්‍රවීණයින් මෙන්ම අනෙක් ඔක්කෝමලා එක්ක රඟපාන අවස්ථාව ලැබෙනවා.

 

දරු දෙන්නා ගෙදර දාලා ඇවිත් මේ රඟපෑම් වැඩ කරන්න පුළුවන්ද?

රූගත කිරීම් සිද්ධ වෙන්නෙ දහවල් කාලයේදී විතරයි. සමහරදාට විතරක් රාත‍්‍රි රූගත කිරීම් සිදුවෙනවා නමුත් එදාම ගෙදර එන නිසා ගෙදරට කාලය වෙන් කරන්න පුළුවනි. කොහොම වුනත් මහත්තයා චරිත මට ගොඩාක් උදව් කරනවා. එයාගේ අම්මත් හරියට උදව්කරනවා. සමහරදාට මම පරක්කු වුණොත් බබාලට කවලා - පොවලා ඒ කටයුතු ඔක්කොම මහත්තයා ඉවරකරලා තියෙනවා. එයාගෙන් ලැබුණු සහයෝගය නොවෙන්නට මට මේ ගමන මේ විදියට එන්න බැහැ.

 

ඉරේෂා කොහොමද ඔබට ලැබෙන ප‍්‍රතිචාර?

අවුරුදු දෙකකට පසුවනෙ චරිතයකින් හමුවන්නෙ, ඉතින් ප‍්‍රතිචාරනම් හරිම ඉහළයි. මම කාලයක් චරිත නොකර සිටියා කියලා පේ‍්‍රක්ෂකයින්ට අමතක වෙලා නැහැ. මේ නිසා මතකය තවත් අලූත් වුණා.

 

හැබෑවටත් ‘‘ඉරේෂා’’ සැරයිද?

2016-07-23-ent-14ටිකක් සැරයි නම් තමයි.

 

ඇයි සැර?

පුතාලාම දෙන්නෙක්නෙ. ඉතින් කොල්ලො මෙල්ල කරන එක එච්චර ලෙහෙසි නැහැ. සැර වෙන්නවෙනවා. චරිත් එයාලව හුරතල් කරන නිසා එයාට ඒක කරන්න බැහැ.

 

පවුල් ජීවිතයි, කලාවයි ගැන මොකද හිතන්නෙ?

කලාවට ආස නිසා තෝරා බේරාගෙන චරිත රඟපාන්නෙ. එයින් ඈත්වෙලා ඉන්න එක හරිම අමාරුයි. නමුත් මුල්තැන පවුල් ජීවිතයටයි. ගෙදරදී මම කලාව ගාව ගන්නෙ නැහැ. එතැනදී ගෘහණියක් බිරිඳක් සහ මවක්. මට සර්වන්ට්ලා නැහැ. ගෙදර වැඩ මමම කරන්න ඕනෑ. පිරිසිදුකම උපරිමයෙන් මට තියෙන්න ඕනෑ. ඒ නිසා ගෙදර සියලූ දේ වෙන්නෙ මගේ අතින්.

 

හොඳ රසට උයන්න පුළුවන් කියලා ආරංචියි?

ඇත්තෙන්ම ඔව්. ඒකට මම හරි ආසයි. රූගත කිරීම්වලට යනකොටත් මම දමිතා ගයනි අක්කලාට සහ රම්‍යා ඇන්ටිට එහෙම මොනවා හරි හදාගෙන ගෙනිහින් දෙනවා. එයාලා ඉතින් හරිම ආසාවෙන් ඒ ගැන වර්ණනා කරනවා. අපේ අම්මගෙන් තමයි මට ඒ ගුණය ඇතිවුණේ. අද ඇය ජීවතුන් අතර නැහැ. ඇය ශ්‍රේෂ්ඨ මාතාවක් වුණා. කෑම රසට හදලා අසල්වාසි හිතවතුන්ට පවා බෙදලා දෙන්න මම ආසයි.

 

අද මෙහෙම වුණාට, ඒ දිනවල ඔබ වඩා දක්ෂ වුණේ ක‍්‍රීඩාවලට නේද?

පාසල් කාලයේදී මම ක‍්‍රීඩා තරගවලට සහභාගී වුණා. දුරපැනීම, දිවීම වගේ ඉසව් නියෝජනය කළා. එදා හැමෝම හිතුවෙ මම ක‍්‍රීඩාතරුවක් වේවි කියලයි. එදා රඟපෑමට මම හරි ලැජ්ජාශීලි චරිතයක් වුණා. ඒත් ඉතින් ජීවිතය කියන්නෙ හරි පුදුම දෙයක්. සම්පූර්ණ වෙනස්දෙයක් වුණේ.

 

හැඩගැන්වීම් නුවන් සමීර

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ 

 

sandalla

 

2016-07-23-ent-12
2016-07-23-ent-11
2016-07-23-ent-10



අදහස් (0)

ආයෙත් රඟපාන්න ආවේ අවුරුදු දෙකකට පස්සෙ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 743 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2180 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11173 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 566 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1938 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3819 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site