ලෝක ළමා දිනයේ පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රාජ්‍ය ආයතන තිස් පහකට ලබන 10 වැනි දා මානව හිමිකම් කොමිසමේ පෙනී සිටින්නැයි නියෝග කර තිබේ.
ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනිය, විභාග කොමසාරිස්, අධ්‍යාපන ලේකම් ඇතුළු පිරිසක් අදාළ වන බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.
ලෝක ළමා දිනයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් ළමයින් මානසිකව හා කායිකව පීඩාවට පත් වීම ඇතුලු විශ්ව ළමා ප්‍රඥප්තියේ කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමා විහිළු කාරයෙක් වෙලා !! මේ දරවන් අපේ රටේ අනාගතය මේ දේවල් වලට පිළිතුරුදෙන්න වෙන්නේ තව අවුරුදු 20 කින් එතකොට පරක්කු වැඩයි !!! (අ)
රටේ අනාගතයට, අපේ දරුවන්ට මොකද මේ වෙන්නේ? හරියට කළකිරෙනවා ලංකාව ගැන. (නි)
ජනාධිපතිතුමනි, දරුවන්ට පිහිට වෙන්න. හරිම අසාධාරනයක් මේ (නි)
ප්‍රශ්නයේ වැරදි කොනෙන් අල්ලාගෙනයි විසඳන්න හදන්නේ. විභාගයේ ප්‍රතිපලය දෙන දවස මොකක් වුණහම මොකද? ඊළඟට කියයි උත්‍රපල නැකත හෝ කැති නැකත එනතුරු ඉන්න කියලා ප්‍රතිපල නිකුත් කරන්න.සැබෑ ප්‍රශ්නය තියෙන්නේ ශිෂ්‍යත්වය කියන එක මහා වදයක් බවට පත්වී තිබීම තුලයි. ළමයි යන්ත්‍ර බවට පත්වෙනවා. අම්මලා යන්ත්‍ර බවට පත්වෙනවා. තාත්තලා මැෂින් ඔපරේටර්ලා බවට පත්වෙනවා. ප්‍රතිපල අසතුටුදායක වූ ළමයි මානසික ලෙඩ්ඩු වෙනවා. ඔන්න ඕකටයි විසඳුම් හොයන්න ඕනෑ. (නි)
අපේ මානව හිමිකම් කොමසාරිස්ට වෙන දේවල් නැතුව ඇති මේක අල්ලාගෙන දගලන්න. කෝ මේ වගේ අනිත් බලු වැඩ වලට ඇමති වරු ගස් බදින ඒවාට , ගුරු වරුන්ට්ට ගහන ඒවට , නිකම් අනවශ්‍ය දේවල් වලට කාලය යොමු නොකර එළියට දාන්නා අර රටට කුඩු ආපු විදිය.(නදී)
අනේ මන්ද බන්දුලලා දෙන්නම එක විදියට හිතන්නේ. මේ විභාග ක්‍රමය වැරදියි. මුළු අවුරුද්ද පුරාම වාර විභාග වලදී ගන්න ලකුණු වල සාමාන්‍යය අරගෙනයි ළමයාගේ දක්ෂතාවය මනින්ට ඕන.මේ රටේ කරන්නේ එහෙමයි. බන්දුල ඇමති තුමා ඒ ගැන හිතන්න. (ස)
බන්දුල මහත්තයා කරන්න හදන වැඩෙන් ළමා දිනයේදී වැඩිපුර ළමයි දුක්වෙනවා මේ දිනයට ප්‍රතිඵල නිකුත් කිරීම හොද නැ (නදී)
දරුවන් කියන්නේ රටේ අනාගතය මේ ගැන මෙයාට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනි. සමහර අය අදහස් දාලා තියෙන්නේ රොබෝලා වගේ අනිත් රටවල දරුවන් ගැන හරියට සැලකිලිමත් වෙනවා ඇමරිකාව, ප්‍රංශසය ජර්මනිය කැනඩාව ජපානය සිංගප්පුරුව අද අපේ රටේ ළමයි ගෙන් පලිගන්නවා ළමා කාලය හරි වැදගත් දරුවන්ට සහ යහපත් සමාජයක් ඇති කරන්න. විබාග තියෙන්න ඕනි නමුත් යම්කිසි ක්‍රම වේදයකට සාදාරනයක් තියෙන්න ඕනා. රටේ අධ්‍යාපනයට මුල් තැන දිලා දරුවන්ව යහමග යවන්න ඕනි. නමුත් මෙතනවෙන්නේ සුදු පොලක් වගේ වැඩක්. අනවශ දේසපාලන බලපෑම් අධ්‍යාපනයට අත තියලා ප්‍රෝඩාව රජ ක රනවා හරිදේ වෙන්නේ නැහැ.(නදී)
බන්දුල මහත්තයා කරන්න හදන වැඩෙන් ළමා දිනයේදී වැඩිපුර ළමයි දුක්වෙනවා මේ දිනයට ප්‍රතිඵල නිකුත් කිරීම හොද නැහැ.(නදී)
අහවලා කඩේ යන්නේ කාටද ?? (නි)
ඇමතිතුමා කාගේ හරි ළනුවක්වත් කැවද ? (අ)
ළමා මනස සුරැකීම දක්ෂයන්ට තැනදීම රජයේ වගකීමක් විබාග ප්‍රතිපල හරියට නිකුත් කරීම වගකීමක් ඇතිව කරන්න. මේ වර ප්‍රතිපල විකෘති වී ඇතනම් නැවතත් බලා දරුවන්ට සාදාරණය ඉස්ට කරන්න ඇමති තුමාගේ වගකීමක් දරුවන්ට සහනයක් දෙන්න බල දාරින්ගේ අවදානය පිනිසයි.....(නදී)
ළමයින්ට මේ සමහර සංවිධාන කරන කිසිවක් නැහැ. එහෙත් රජය අපහසුතාවයට පත් කරන්න නම් කඩිමුඩියේ වැඩ කරනවා. (නි)
රටම හඩවා මොකක්ද මේ කළේ? මෙයට සුදුසු අයෙක් පත්කිරීම රජයේ වගකීමක්. දරුවන් රටේ අනාගතයයි !!! (නි)
දැන් රටේ අධ්‍යාපනයටයි ක්‍රීඩාවයි දේශපාලනය අත දාල තියෙන්නේ. හැමදේම විකෘති කරනවා. දක්ෂයට තැනක් නැහැ .මෙවර ප්‍රථිපල හොදට එක පෙන්නුම් කළා. රටේ අධ්‍යාපනයට මුල් තැන දීම බලධාරීන්ගේ වගකීමක්....(දිල්)
මෙවර ප්‍රතිපලවල දක්ෂයන්ගේ කප්පාදුවක් තිබෙනවා. එයට හේතුව පාසල්වල තදබදය අඩුකිරීමයි. මෙය වැඩියෙන් බලපා ඇත්තේ බස්නාහිර පළාතටයි. සමස්තයක් වශයෙන් ගත්විට ප්‍රතිපල වලින් සෑහීමකට පත්වෙන්න බැහැ. මම දකින්නෙ මේක හරිම අසාධාරනයක් විදියටයි. රටේ අනාගතයට මෙවැනි දේවල් කෙලින්ම බලපානවා. යහපත් සමාජයක් ගොඩ නැගිමට නම් මෙවැනි දේවල් රට තුල නොවිය යුතුයි. (නි)
ඕක තමයි ඇත්ත තත්ත්වය... (නි)
රටේ අනාගතය වෙන මෙම දරුවන් ළමා දිනය දවසේ රටට වෛර කරනවා. ප්‍රතිපල විකෘති කරලා තියෙන්නේ. මේ ගැන සුළුවෙන් හිතන්න බැහැ. දවසක මෙම දරුවන් හැමෝටට වෛර කරනවා. (නි)
බන්දුල ඇමති තුමා ගත් තීරණය හරි . දැන් මේ විභාගය ළමයින්ගේ නෙමෙයි අම්මලාගේ. ( ලකුණු 136 ළමයට කරපු දේ දන්නවෙනේ ). එම නිසා බොරුවට කතා නොකර අනාගතය ගැන කතා කරමු.(නදී)
අපේ අයට ප්‍රශ්න නැතුවට වගේ. කාලේ කන්න දක්ෂයෝනේ. ඔය පොඩි එවුන්ට ඔය කියන තරම් රුදාවක් විභාගේ ගැන නැහැ. දෙමාපියන්ට තමා ඔය ඔක්කොම ඒකනේ එක තාත්ත කෙනෙක් තමාගේම පුතා පිච්චුවේ විභාගේ අසමත් කියලා. පොඩි ලමුන් ගේ හිත දුෂණය නොකර පාඩුවේ ඉන්න දෙන්න. බන්දුල මහත්තයා එක්ක තිබෙන ප්‍රස්න වෙන ආකාරයකට බේර ගන්න. පොඩි පැටව් අත කොළුවක් කර ගන්න එපා.(නදී)
ප්‍රතිපල කවද නිකුත් කලත් ප්‍රතිපලම තමයි. අඩන එකා අඩනවා. සතුටු වෙන එකා සතුටු වෙනවා. මෙයාල කියන විදියට ළමා දිනේදී අඩන එක නරකයි. එම කාරණයටම වෙන දවසක අඩන එක හොදයි. කාටද මේ විහිලු. පොඩි එව්වන්ට නැති ප්‍රස්නයක් උන් තබේකට ගණන් නොගන්න ප්‍රස්නයක් හදා ගෙන තියෙන්නේ මේ ලොකු එව්වෝ...උසස් පෙළ ළමුන්ගේ විබාග ප්‍රතිපල තමන්ගේ දීමනාව දින දෙකක් ප්‍රමාද උනා කියල ඇපේට ගන්න හදපු ගත්තු ගුරු සංගමේත් මේ සිදුවීමට හඩා වැටිලා තිබුනා මතකයි. මෙතන තියෙන්නේ පොඩි එව්වෝ ගැන අනුකම්පාවක් නෙමෙයි. බන්දුල මහත්තයත් එක්ක තියෙන තරහවක් පොඩි එවුන්ව විකුණලා පිරිමහගන්න හදන නින්දිත ක්‍රියාවක්...(නදී)
මේ කතාවේ ඇත්තක් තියනවා මගේ පුතා හරිම දක්ෂයි ලකුණු 198 විතර එයා බලාපොරොත්තු උණා. නමුත් ලැබුනේ 178යි. ඒකට පුතාගේ හිත හරියට රිදුණා පන්තියේ හැම වැඩකටම ලකුණු 100 ගන්නවා. ගණිතයට හරිම දක්ෂයි මමත් සහ ගුරුවරුත් හිතුවා හොදම ලකුණු මට්ටමකට දරුවා යයි කියලා. දරුවාගේ බලාපොරොත්තුව නැති කලා හරිම සංවේගශීලී අවස්ථාවක් මේක. ළමා දිනය වෙනුවෙන් සරුන්ගල් යවන්න හිටියේ නමුත් එදා ඒයා ගියේ නැහැ කල්පනා කර කර හිටියා.(නදී)
මෙවර ප්‍රතිපල විකෘතිකරලා හරිම අසාදාරනයක් කරලා තියන්නවා. ළමයි ගොඩක් ළමා දිනය දවසේ ඇඩුවා. දුක් උණා!! ලකුණු 160ක් කරලා පාස් මාර්ක් එක මොකක්ද බලාපොරොත්තුවෙන්නේ. පොඩි දරුවන්ගෙන් හැම දරුවෙක්ම ආසයි හොද පාසලකට යන්න අපේ රටේ අනාගතය මේ දරුවෝ. සහනයක් තියෙන්න ඕනි ළමයින්ට මේ ළමයි දක්ෂයි නමුත් කප්පාදු කරලා තියෙන්නේ අමාත්‍යංශයෙන්.(නදී)
අලුත් විදුහල් ඇතිකරනවා වෙනුවට ළමයින්ගේ දක්ෂතා කප්පාදු කරලා ළමාදිනය විනාශ කළා. හරිම අසාධාරණයි (නි)
ලංකාවේ පාසල් පද්ධතිය දුර්වලයි. දැන් පාස්වෙන ප්‍රමාණයය වැඩියි. ලකුණු 160 වැනි ලොකු ගානක් ගෙනල්ලා දක්ෂයන්ව කප්පාදු කරලා දරුවන්ව අසරණ කළා. ළමා දිනය දවසේ ලොකු පීඩනයක් දරුවන්ට. පුංචි මනසට දරන්න අමාරුයි (නි)
බන්දුල මහත්තයා, මීට වැඩිය ඔබ ජනතාවට සවන්දෙන්න ඕනෑ. (නි)
අහෝ බන්දුල, නැත කෙළවර නෑම! (නදී)
මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගතය සමගයි. මෙය විශාල වරදකි. මගේ දරුවත් මේ විභාගයට පෙනී සිටියා. අපි දකිනවා දරුවන්ගේ දුක සැබවින්ම (නි)
මේ ප්‍රශ්න පත්‍ර ඇගයීම ගැන මොකක්හරි රහසක් තියෙනවා. ළමයි හරියට කලකිරිලා ඉන්නේ. ලකුණු හිතපු විදියට නැහැ. හරිම අඩුයි (නි)
රටේ අනාගතය වන අපේ දරුවන් අදුරට ඇදදමන දවසක්. එදින මේ ගැන සුළුවෙන් හිතන්න බැහැ. හරිම අසාධාරණයි මේ දේවල්. මොනවද වෙන්නේ මෙරටට? යකඩ මිනිසුන් ඉදිරියේදී බිහි වේවි (නි)
ළමයි කියන්නේ රටේ අනාගතය. අපි දරුවන්ට මග පෙන්වන්න ඕනෑ. එහෙම නොවුණොත් සමාජයට දරුවන් දවසක වෛර කරනවා. ඒක සුභ ළකුනක් නොවෙයි. (නි)
විෂයට සරිලන පරිපුර්ණ මිනිසුන් නැති වුණහම ඔය දේ වෙනවා. මේක රටේ අනාගතය ගැන ප්‍රශ්නයක්. සාධාරන විසදුමක් ඕනෑ දරුවන්ට මේකට. ශ්‍රී ලංකාවේ දරු පරපුර අනාත වෙනවා මෙහෙම ගියොත් (නි)
පොඩි කාලේ ඉදලා දරුවන්ට දෙන්නේ මෙවන් ආදර්ශ නම් රටේ අනාගතය ගැන කවර කතාද ? (නි)
දරුවන්ගේ මේ දුක දන්නේ විභාගයට පෙනීසිටි දරුවන්ගේ දෙමුපියෝ. මේ වැඩේ හරිම අසාදාරණයි. හරි විසදුමක් අපිට ඕනෑ (නි)