ප්‍රකට අධ්‍යාපනඥයකු හා කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයයේ ආරම්භක විදුහල්පති වු ආර් අයි ටී අලස් මහතා අද අභාවප්‍රාප්ත විය.
කොළඹ රාජකීය විද්‍යාලයයේ සහකාර විදුහල්පති වරයකු ලෙස ද කලක් කටයුතු කළ අලස් මහතා 1967 පෙබරවාරී මස 10 වැනිදා කොළඹ ඩී ඇස් සේනානායක විද්‍යාලයයේ ආරම්භක විදුහල්පති ලෙස තේරී පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරණීය ගුරු පියාණෙනි, ඔබ නැවත අපි අතරම ඉපදේවා! (නි)
මා සමග එකට ක්‍රීඩා කල ඔහුගේ පුතා පන්දුවක් හිසේ වේදීම නිසා ඔහු පොඩි කාලෙදිම මිය ගිය,ඔහු මලික් අලස්,ඔබ දෙපලටම නිවන් සුව (නදී)
ගුරු පියාණනි ඔබට නිවන් සුව පතමි (නදී)
ලංකාවේ බිහිවුන ඉතාම විශිෂ්ට ගුරු උතුමෙක් (අ)
දෙවියන්ගේ පිහිටයි.(නදී)
ඔබට නිවන් සුව පතමි! (නි)
අලුත් වෙනසක් කළ මිනිසෙක්. නිවන් දකින්නට කියා හැමෝම වගේ කියනවා. ඒත් මම පතන්නේ එයට පෙර යළි අප අතර ඉපදී රටට මෙහෙයක් කරන්නට නැවත අප අතරම ඉපදේවා කියා. ඔබ වැනි මිනිසුන් මේ මව් රටට අවැසි යුගයයි. (නදී)
අපට මේ තැනට එන්න මග පෙන්වූ ඔබට, අපට රත්තරන් පුතා කියා කියූ ගුරු පියාට නිවන් සුව පතමි. (නදී)
ඔබට නිවන් සුව ප්‍රර්ථනා කරමි.. නැවත ඔබ අප අතරම ඉපදේවා... (නදී)
ඔබට නිවන් සුව අත්වේවා! ඔබේ චරිතිය අපේ ලංකාවේ විදුහල්පතිවරුන්ට අත්පොතක් ලෙස දුන්නා නම් දැයේ දරුවන්ගේ අධයාපනය මීට වඩා උසස් තත්වයකට ගේන්න පුලුවන්.(නදී)
පාසලට මිනි පහනක විය ඔබ. ඔබට නිවන් සුව පතමු. (නදී)
ඔබට සුවබර නින්දක්! (නි)
ආදර්ශමත් පුරවැසියෙක්. කරන දේ අවංකව උපරිමයට කරන කෙනෙක්. නිවන් සුව ලැබේවා! (නි)
ඔබතුමාට නිවන් සැප ලැබේවා! (නි)
නිරහංකාරව ,සෑම දරුවෙක්ම තමාගේ යැයි යන හැගුමෙන් ,ඩී. ඇස්. සේනානායක විදුහල වෙනුවෙන් තම ජීවිතය දෙවැනි කොට තැකූ, අනෙක් සැමටම ආදර්ශමත්, ගුරු දේවයාණන්ට නිවන් සුව ප්‍රර්ථනා කරමු. (නි)
අපිට හරිම කණගාටුයි (නි)
ඉතා බුද්ධිමත් ,නැණවත්,අවංක ගුරුවරයෙක්. ඔබතුමාට නිවන් සුව අත් වේවා! (නි)
පාසල නවමු මගකට යොමු කළේ ඔබයි. තිබුණු සීමාව තුළ 'පාසැල'ට විශාල වෙනසක් හඳුන්වාදුන් ඔබට නිවන් සුව! (නි)
මම අද මෙතන ඉන්නේ මෙම ගුරුතුමා නිසා. ආදරණිය ගුරු පියාණෙනි, ඔබට මම සදා ණයගැතියි (නි)
ගුරු පියාණන්ට නිවන් සුව පතමි (නි)
ගුරුපියාණනි, ඔබ පාසලට හා පාසලේ දරුවන්ට ආදරෙන් ඉටු කරපු සේවය අපිට ඉතාම වටිනවා. ඔබට සසර ගමන කෙළවර බොහෝ දුර නොවේවායි පතමි. (නි)
ගුරුපියාණෙනි, ඔබතුමාට නිවන් සැප ලැබේවා ! (නි)
ඔබට නිවන් සුව පතමි. (නි)
ඔබට නිවන් සුව! (නි)
දැයේ දුදරුවන්ගේ ඇස් පෑදු ගුරු පියාණන්ට නිවන් සුව පතමි. (නි)
"පුංචි කාලේ අපි පාසලට එද්දි රත්තරන් පුතේ කියලා අමතපු අපේ ගුරුතුමා...අද සදහටම අපෙන් සමුගෙන...ගුරුතුමනි,ඔබ අප හට කියා දුන් දේ බොහෝය. ගුරුතුමනි, ඔබට අජරාමර නිවන් සුව පතන්නෙමු!" (නි)
අලස් මහත්මාට නිවන් සුව ලැබේවායි පතමු. (නි)
නිවන් සුව සර්! (නි)
ගුරු පියාණනි, ඔබට නිවන් සුව පතමු! (නි)
ඩි.එස්. සේනානායක විදුහලේ නිර්මාතෘ අලස් මහතාගේ අභාවය පිළිබඳව හද පත්ලෙන්ම මාගේ කණගාටුව පළකරනවා. ආරම්භක විදුහල්පතිතුමා වශයෙන් එතුමාගෙන් සිප් සතර හැදෑරු උගතුන් විශාල පිරිසක් අද ලෝකය පුරාම ජීවත් වෙනවා.එතුමා විශ්‍රාම ගන්නා උත්සවය අවස්ථාවේ වේදිකාව උඩදී පාසලට ඇතුළු කළ අවසාන සිසු දරුවා මාගේ එකම පුතා යැයි කිවුවොත් නිවැරදියි.දැනට එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබන පුතා ඇතුළු අප පවුලේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර අලස් මැතිතුමාට දෙව් මිනිස් සැප කෙළවර අමා මහා නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමු !!! (නි)
එඩිතර තීන්දු තීරණ ගත් මහත්මයෙකු රටට අහිමි විය (නි)