බත්තරමුල්ලේ මාධ්‍යවේදිනිය ඝාතනය කළැයි සැකපිට දොම්පේ පින්තාරු බාස් කෙනකු (39) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු දින කිහිපයක් එම නිවසේ හෝ අසළ නිවසක වැඩ කර ඇති බවත්, නිවැසියන් ඉරිදා පල්ලි යන බවත් හොඳට දැනගෙන සිටි බවත් පොලිසිය පවසයි.
අද උදේ ඔහු එම නිවසට පැමිණ ඇත.
ඉදිරිපස දොර් සොයිබය බමණක් දමා තිබුණු බවත්, එය ඇරගෙන ගේ තුළට යන විට මාධ්‍ය වේදිනිය ඔහු දැක හඳුනාගෙන ඇති බවත්, ඒ සමග ඔහු ළඟ තිබූ පිහියෙන් ඇන, ගෙදර තිබූ පිහියෙන් බෙල්ල කපා ඇති බවත් සැක කරයි.
රුපියල් 1200ක් හා ජංගම දුරකතනයක් සොරා ගත් බව සැකකරු කීවත් පොලිසිය එය විශ්වාස නොකරයි. පොලිසිය කියනුයේ වැඩි මුදල් ගෙන යන්නට ඇති බවයි.
අපරාධයෙන් පසු ඔහු හංවැල්ලට ගොස් ඇති බවත්, අත්අඩංගුවට ගන්නා විට හොඳටම මත්පැන් ශරීර ගත වී තිබූ බවත් පොලිසිය කියයි.
සැකකරු නිවසට එන ආකාරය සහ නිවසින් යන ආකාරය සීසීටීවී අසල නිවසක සීසීටීවී කැමරාවක සටහන් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වෙලාවට කැමරා තිබුනේ. නැත්නම් කොහොම අල්ලන්නද?
තාක්ෂණයට පින් දෙන්න.(නදී)
තනි පංගලමේ ඉන්න තරුණියන් කොතරම් පරිස්සම් විය යුතුද? සමහර විට දවල් ගෙට රිංගා හැංගි සිට රාත්‍රියට එලියට එන්න පුළුවන්. (දී)
දැන් තාක්‌ෂණය දියුණු නිසා තමා මේවා කරන්න පුළුවන් වෙන්නේ. (දී)
සමන් ධර්මප්‍රිය, මට නම් පෙනෙන්නෙ මීට ඉස්සර කේස් එකකදි වගෙ අනා ගන්නෙ නැතුව කට්ටිය වැඩේ සෙට් කරපු පාටයි.(නදී)
නියම චිත්‍රපටියක්. කව්ද දන්නේ නැහැ අධ්‍යක්ෂක.(නදී)
මේ වගේ අපරාධ කරුවන්ට සමාව දෙන්න හොඳ නැහැ. එතකොට මීට වඩා හිතයි අනිත් කට්ටිය. කැමරාවට පින්සිද්ද වෙන්න රටම බේරුනා නින්දා චෝදනා වලින්. ආණ්ඩුවට විතරක් නෙමේ ඔය තර්ජන දාන්නේ, රට බෙදීමේ ඉලක්කයෙනුයි කලබල ඇතිකරවන්නේ අපේම මිනිස්සුත් ඉන්නවනේ ඔලු නැති. රුසියාවේ ඉඳන් දැන් රටවල් කොච්චරක වෙනස් කම් කෙරෙවවද ? (නදී)
අන්න අරහේ සුළු වැරදි කරපු දාහක් හෙට නිදහස ලබනවලු. අපේ රටේ ජනතාවගෙන් බහුතරයක් අපරාධ කාරයෝ වෙලා.(නදී)
මගේ තීරණය එල්ලලා මරන්න ඕනා.(නදී)
තවත් කන්ගැට්ටෙක්ද? (නදී)
මේ තකහනියේ හමුවනේ නියම මිනිමරුවමද ? හරි පුදුමයි. පොලිසිය නිකන් ඇහිං දැක්ක වගේ කතාව කියද්දී මට කන්ගැට්ටා මතක්වෙනවා. මේවා මිලේච්ජ අපරාධ. (නදී)
විපක්ෂයයි ටීඑන්ඒ. එකයි දත කට මැදගෙන ඉන්න ඇති.(අ)
වරද කරුට පරිම දඬුවම් පමුනු වන්න (දී)
සමන් ධර්මප්‍රිය ඔබ හරි නමුත් මුට්ටිය ඇල්ලීමට අවස්ථාවක් කර නොගනිමු (දී)
හොද වෙලාවට කැමරා තිබුනේ (දී)
ළගදීම ඇත්ත හෙළි වෙයි (දිල්)
මිනී මැරුම ගැන දැනගත්ත වේලාවෙම සමහරු ආණ්ඩුවට බැනලා ඉවරයි (දිල්)
ඕකත් අර කටු ගෙට පැන්න කන්ගැට්ටා වගේ ජිල්මාර්ට් එකක් ද දන්නේ නැහැ..(දිල්)
සමන් ධර්මප්‍රිය, පෙනෙන්ට තිබෙන දෙයට වඩා සත්‍යය වෙනස් වෙන්න පුලුවන්! ලංකාවේ නීතිය රකින්නට ඉන්න අය දක්ෂයි(දිල්)
නිවෙස්වල වැඩට පැමිණෙන බස්වරු ගැන විශේෂයෙන් සුපරීක්ෂාකාරී විය යුතුය,(දිල්)
මත පැන් හා මත ද්‍රව්‍ය නිසා රට අන්තයටම පිරිහෙනවා.මෙවැනි අය සුළු ප්‍රමාණයක් හිටියත් රට පිරිහෙන්න ඇති. මියගිය මාධ්‍යවේදිනියට නිවන් සුව (දිල්)
පොලිසියේ සිටින දක්ෂ නිලධාරීන්ට අපගේ උත්තමාචාරය. (දිල්)
මෙවැනි වටිනා ජීවිත අහිමිවීම ඉතාම කණගාටුවක්.මෙවැනි ක්‍රියා නැවැත්වීමට බලධාරීන්ගේ ඇස් ඇරේවා (දිල්)
හොඳවෙලාවට මිනීමරුවා හමුවුනේ නැත්නම් රජයර විරැද්ධව උද්ඝෝෂණ (අ)
පොලිසියට උත්මාචාරය (දිල්)
පොලිසියට අපරාධ කාරය අල්ලගන්න බැරිවුණා නම් හැමෝම ඉතින් පවතින රජයට තමා ඇගිල්ල දික් කරන්නේ.(දිල්)
අපරාදේ වටිනා ජීවිත කිසිම වටිනාකමක් නැති මිනිසුන් විසින් මුදල් නිසා විනාශ කරනවා (දිල්)
දක්ෂ ඒ ජගත් මාධ්‍යවේදනිය දෙව් මව් තුරුලේ සදා සැතපේවා!!!. (දිල්)
රුපියල් 1200ක් හා ජංගම දුරකතනයක් සොරා ගත් බව සැකකරු කීවත් ඔහු ළඟ තිබූ පිහියෙන් ඇන, ගෙදර තිබූ පිහියෙන් බෙල්ල කපා ඇති බව ඔහු කීවේ නැද්ද?(දිල්)