(ඩයනා උදයංගනී)
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ලැබුණු පසු රටේ ආරක්ෂක ක්‍ෂේත්‍රයේ සම්පූර්ණ විපර්යාසයක් කිරීමට රජය බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
මෙහිදී ඉදිරිපත් වන සාක්‍ෂි අනුව ජනතාව තුළ රටේ ආරක්ෂාව පිළිබඳ විශාල චකිතයක් ඇතිව තිබෙන බව කී අමාත්‍යවරයා මෙම ඛේදවාචකයට වගකිවයුත්තේ, මුදල් සැපයූවේ හා ආශීර්වාද කළේ කවුද ආදිය සොයා බලා ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට මෙන්ම, අනාගතයේ මෙවැන්නක් නොවීමට අවශ්‍ය සියලු පියවර රජය විසින් ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සඳහා රටේ නීති වෙනස් කළ යුතුද? ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ පරිපාලනය තව ශක්තිමක් කළ යුතුද ආදීය කෙරෙහි අවධානය යොමු කරන බව ද ඇමතිවරයා කීවේය.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේදී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආරක්ෂක තත්ත්වයේ වෙනසක් කරන්න පාස්කු ප්‍රහාරයේ වාර්තාව ඕනා
De Monday, 26 October 2020 11:22 AM
බොහොම ස්තුතියි, දැන් නම් හරියටම රට දුවනවා. හරිම සතුටුයි.
Champa Monday, 26 October 2020 12:16 PM
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දෙන්නගෙන් එක්කෙනෙක්වත් තාම ඒ කොමිසම ඉදිරියට ගෙනාවේ නැතුව කොහොමද වරදකරුවන් හොයන්නේ?
Hitan-2 Monday, 26 October 2020 01:07 PM
මෙයා කියන විදියට රටේ තාම තියෙන්නේ කලින් තිබුන ආරක්ෂක තත්වයමයි.
තරංග Monday, 26 October 2020 01:17 PM
කවදා වගේ ඔය වාර්ථාව දානවද, ඇවිල්ල අවුරුද්දකට ලගයි, ඉතිරි අවුරුදු ගානම ඕකෙ පිහිටෙන් එල්ලිලා ඉන්නද හදන්නෙ. දීපු ඡන්දය ගැන දැන්නම් ආඩම්බර වීමක් නැත.
බද්රානි Monday, 26 October 2020 02:06 PM
සිදුවිය යුත්තක් සිදු කල යුත්තේ, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ව සිරගත කිරීමෙන් අනතුරුවයි.
Purring Monday, 26 October 2020 02:06 PM
සහරාන්ට සල්ලි දුන් අය ගැනත් සොයන්න
WCA Monday, 26 October 2020 02:38 PM
පාස්කු ප්‍රහාරයට වගකියන්න ඔනෙ කට්ටිය හම්බවූනත් ඔය කොමිසමෙන් මාධ්‍ය සංදර්ශන නැතිව ඒ අයට දඩුවමක් දුන්නොත් අපිටත් කියන්න හොදේ
Prabha Monday, 26 October 2020 03:32 PM
ඇයි ඒ දවස්වල පන පිහිටවලා කිව්වා නේද හැම දෙයක්ම දෙනවා කියලා. ඇයි ඉතින් පමා වෙන්නේ.?
Nihal Monday, 26 October 2020 03:56 PM
යන විදියට නම් වරදකරුවන් නැති හිස් වාර්තාවක් එළියට එයි වගේ.
lalithm Monday, 26 October 2020 04:27 PM
ඔහු ප්‍රගුණ කළ වෘත්තිය ගැන අපට කණගාටුයි.
de silva Monday, 26 October 2020 04:50 PM
අහසේ තරු සහ හඳෙන් කොටසක් අවශ්‍ය නැද්ද.?
නාමල් Monday, 26 October 2020 05:32 PM
සියළු බලය ජනාධිපති යටතට නොගෙන කොරෝනා පාලනය කරන්නත් බැහැ. ඒ නිසා තවත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි.
Kamal Koyrala Monday, 26 October 2020 05:51 PM
ජී.එල්. මහත්තයා දැන් ආරක්ෂක ඇමතිද?
rana Tuesday, 27 October 2020 01:43 AM
ප්‍රතිඵල ඉදිරියේදී
කනිෂ්ක Tuesday, 27 October 2020 01:47 AM
එකල එනම් 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසුව එවකට පැවති රජය විසින් 'අපරාධ යුක්ති විනිශ්චය කොමිසම' පිහිටුවා වැරදි කරුවන්ට දඩුවම් නියම කර ඇත. ඒ ආකාරයෙන් පාස්කු කොමිසමෙන් වැරදි කරුවන්ට දඩුවම් දීමක් සිදු නොවන්නේ ද!