යාළුවොත් එක්ක සෙට්වෙලා විනෝද ගමනක් යන්නට තියෙනවානම් අපේ කොල්ලන්ට කෙල්ලන්ට ඊට වැඩිය දෙයක් නැතුව ඇති. එසේ විනෝද චාරිකාවක් යාමට තැනක් ලෙස ආරුගම්බේ වෙරළ තීරය හඳුන්වන්න පුළුවන්. ලංකාවේ දෙස්-විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොමදව ලැබෙන ස්ථානයක් වන ආරුගම්බේ වෙරළ තීරය පිහිටා තියෙන්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේය.
ආරුගම්බේ වෙරළෙහි ඇති අපූරත්වයට හේතුවන්නේ නොගැඹුරු මුහුදත් එහි අලංකාරවූ පරිසරයත් හේතුවෙනවා. බොහෝ දෙස් විදෙස් සංචාරකයන් ආරුගම්බේ වෙරළ තීරයට පැමිණෙන්නේ දියමත ලිස්සා යෑමේ ක්‍රීඩා සඳහා ලෝකයේ වඩාත් උසස්ම තත්ත්වයෙන් යුත් වෙරළ තීරයක් වන හෙයිනි. ඔබත් ආරුගම්බේ වෙරළෙහි සුන්දරත්වය විඳ ගන්නට යන්නට කැමැත්තෙන් සිටිනවානම් ඒ සඳහා සුදුසුම වේලාව සවස්වරුව ලෙස හඳුන්වන්න පුළුවන්. මන්ද නැගෙනහිර ප්‍ර‘දේශයේ පවතින අධික රස්නය හා හිරු කිරණින් ආරක්ෂා වීමටය.
සවස්වරුවේ හිරු බහිනවත් සමග වෙරළ තීරයට එක් කරන්නේ අමුතුම සුන්දරත්වයකි. ඒ වගේම රාත්‍රී කාලේද මේ වෙරළ තීරයේ සංචාරකයන්ගෙන් අඩුවක් නැත. වෙරළෙහි පිහිටා ඇති අවන්හල්ද මේ වෙරළ තීරයට එක් කරන්නේ සුන්දරත්වයකි.
රාත්‍රී කාලයේ මෙම තීරයේ ගිනිමැලය වටා ඔබේ මිතුරු මිතුරියන් සමග ගී ගයමින් විනෝද වෙන්නටද අවස්ථාව තිබෙනවා.
ඒ වගේම ඔබට මතක් කරන්න තවත් කරුණත් තියෙනවා. සංචාරකයන්ගේ බහුලත්වය නිසාම මේ ප්‍ර‘දේශයේ සොරුන්ගේද අඩුවක් නැත. ඒනිසා ඔබ වෙරළ තීරයට වටිනා බඩු භාණ්ඩ රැගෙන යාමෙන් වළකින්න කියාත් මතක් කරන්න ඕන. ඔබේ විනෝදය අතරේ මේ පිළිබඳත් මතක තබාගන්න.
සටහන/ඡායාරූප - සරසි නෙත්මිණි
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.
නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආරුගම්බේ සුන්දර සන්ධ්‍යාවක්