IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ආරෝග්‍යා පරමා ලාභා

 

01

 

ඔබ මුහුණ දෙන කායික මානසික ගැටළු නිසා නොයෙකුත් අපහසුතාවලින් පීඩා විදින්නට පුළුවන. මෙම ප්‍රශ්න සඟවාගෙන තබා ගැනිමෙන් සිදුවන්නේ ප්‍රශ්න තව තවත් උග්‍රවීම පමණි. ඒ හේතුවෙන් ඔබගේ කායික මානසික ඕනෑම රෝගයක් සම්බන්ධයෙන් අදාල බටහිර, ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍යවරුන් සම්බන්ධ කරගෙන පිළිතුරු සැපයීමට අපි සූදානම්. මෙහිදී ඔබේ අනන්‍යතාව සුරැකීමටත් වැඩි උපදෙස් අවශ්‍යනම් ඒ සඳහා අදාල වෛද්‍යවරුන් සඳහා ඔබ යොමු කිරීමටත් ‘‘එසැණ“ ට හැකියි.

ඔබේ ප්‍රශ්නය යොමු කරන්න [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ තැපෑලෙන් ‘‘ආරෝග්‍යා“, ලංකාදීප එසැණ වෙබ් අඩවිය, නො. 08, හුණුපිටිය හරස් පාර, කොළඹ - 02 ලිපිනයට


 (පිළිතුරු විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා සම්මන්ත්‍රණයක දී සඳහන් කළ කරුණු ඇසුරිනි )

drRatnasiriHewage

ප්‍රශ්නය - තුන් හැවිරිදි දරුවා නිතරම උණ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙයි ?

පිළිතුර - බොහෝ අවස්ථාවලදී උණ සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණයක් මිස රෝගයක් නොවෙයි. බොහෝ විට උණට හේතුව වෛරස් ආසාදනයයි. යම් වෛරසයකින් රෝගී වුණ දරුවකු නැවත තවත් වෛරසයකින් රෝගී වීමට පිළිවන. එම නිසා දරුවා වෛස් තත්ත්වයන්ගෙන් බේරා ගැනීම කළ යුතුයි. ඒ සඳහා දරුවා සෙනග ගැවසෙන ස්ථානවලට අනවශ්‍ය ලෙස රැගෙන යාමෙන් වළකින්න. විශේෂයෙන් ම නිතර අත සේදීමට දරුවා හුරු කරන්න. දෙමව්පියන් වැඩිහිටියන් පිටතට ගොස් එන විට දී දෑත සෝදා දරුවා වෙත යා යුතුයි. ආසාදන පවතින දරුවන් එම තත්ත්වය සුව වනතුරු ළදරු පාසල් යැවීමෙන් වළක්වාගත යුතුයි. වෛරස් මූළික කරගෙන පැතිරෙන රෝග සඳහා විටමින් වර්ග ලබාදීම මුදල් නාස්තියකි. විශේෂයෙන් ම විටමින් සී දීමෙන් වැඩක් වන්නේ නැත. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න

ප්‍රශ්නය -  හත් හැවිරිදි දරුවෙකි. පසුගිය දා උණ සමග වලිප්පුව (ෆිට්) සෑදුණා. කළයුත්තේ කුමක් ද ?

පිළිතුර - දරුවාට සෑදුණේ උණ වලිප්පුව නොවන බව හැඟී යයි. එම තත්ත්වය හට ගන්නේ මාස හයේ සිට අවුරුදු හය දක්වා දරුවන්ටයි. වහාම විශේෂඥ වෛද්‍ය උපදෙස් ගන්න

ප්‍රශ්නය -  අලුත ඉපදුණු මගේ දරුවාට මව්කිරි ප්‍රමාණවත් නැතැයි හැඟෙයි. කළ යුත්තේ කුමක් ද ?

පිළිතුර - අලුත උපන් දරුවාගේ ආහාරය ලෙස මව්කිරි පමණක් දරුවාට ප්‍රමාණවත්. දරුවාට මාසය ඉක්මවා ඇත්නම් මව්කිරි ප්‍රමාණවත්ව ලැබෙන්නේ ද යන්න නිගමනය කරන්නේ බර කිරීමෙනි. අවර්ණ ( වර්ණයක් නැති ) මුත්‍රා පහ කිරීමේ අඩුවක් හෝ බර වැඩිවීමක් නොමැති නම් වෛද්‍ය උපදෙස් අත්‍යාවශ්‍යයි.

ප්‍රශ්නය -  අවුරුදු එකහමාරක දරුවෙකි. බර වැඩි නොවේ. හේතුව ආහාර ගැනීමේ අඩුවක් ද ?

පිළිතුර - බර අඩුවීමට හේතුව ආහාර ගැනීමේ අඩුවක් ලෙස නිගමනයට පැමිණීම නුසුදුසුය. දරුවාගේ මුත්‍රාවල විෂබීජ ඇතිදැයි පිරික්සීම සහ තෛරොක්සීන් හෝමෝනය නිසි පරිදි පවතීදැයි පරීක්ෂා කළ යුතුයි. එම නිසා දරුවා වහාම විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරන්න.

ප්‍රශ්නය -  සිව් හැවිරිදි දරුවාට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ප්‍රතිකාර ලබමින් පසුවෙයි. නියුමෝනියා වැනි භයානක තත්ත්වය ඊට හේතුවක් ද යන්න ගැන සැකයක් මතුවෙයි.

පිළිතුර -  සැකය දුරුකර ගැනීමට ඇති හොඳම පිළියම වෛද්‍යවරයකුට දරුවා යොමු කිරීමයි. ඊට අමතරව දරුවාගේ හුස්ම ගැනීමේ වේගය පෙරට වඩා වැඩිවීමට ආහාර ගැනීමේ ප්‍රමාණය වෙනදාට වඩා ප්‍රමාණයේන අඩකට වඩා අඩු කිරීම දරුවා අධික නිදිමත ගතියෙන් පෙලීම, හුස්ම ගැනීමේ දී පපුව ඇතුළට නෙරායාම යනාදී ලක්ෂණ ඇත්නම් දරුවාට සෙම්ප්‍රතිශ්‍යාවට අමතරව නියුමෝනියාව වැනි රෝගයක් වැළඳී ඇතැයි සැක කළ හැකියි.

ප්‍රශ්නය -  තුන්මාසයක බිළිඳෙකි. දරුවාගේ කණ නිතිපතා පිරිසිදු කළ යුතු ද ? කළ යුත්තේ කෙසේ ද ?

පිළිතුර - මේ වයසේ දරුවන්ගේ කර්ණපට හා පටලය (කන් බෙරය) පිහිටා ඇත්තේ වැඩිහිටියන්ට වඩා බාහිරව ඉතා සමීපවයි. කණ පිරිසිදු කිරීමේට කොට්න්බඩ් පාවිච්චි කිරීමෙන් කන්බෙරය සිදුරු වුණ අවස්ථා එමටයි. වෛද්‍ය උපදෙසකින් තොරව කණ පිරිසිදු කිරීමෙන් වළකින්න

ප්‍රශ්නය -  හයමස් වියැති දරුවෙකි. දැන් නොනවත්මා හඬයි. අප කළ යුත්තේ කුමක් ද ?

පිළිතුර - දරුවා නොනවත්වාම හැඬීමෙන් අදහස් කරන්නේ අපහසුතාවයෙන් පෙළෙන බවයි. එම නිසා පැයකට දෙකකට වඩා නොනවත්වා හැඬීම විශේෂඥ වෛද්‍ය උපදෙස් ලැබීම අනිවාර්ය වන්නකි.

ප්‍රශ්නය -  තුන් හැවිරිදි වියේ පසුවන දරුවෙකි. කථා කරන්නේ වචන කිහිපයකි.

පිළිතුර - සාමාන්‍යෙයන් දරුවකු වයස අවුරුද්දේ දී “අම්මා“ “තාත්තා“ ලෙස වදන් කියයි. වයස අවුරුදු දෙක වනවිට ගලපා වාක්‍යයක් කියයි. උදාහරණයක් ලෙස මම ගෙදර යනවා. වැනි දේ කීමට හැකියාව පවතී. එසේ කතා නොකරයි නම් වෛද්‍ය උපදෙස් ගත යුතුය.

ප්‍රශ්නය -  සිව් හැවිරිදි දරුවෙකි. ප්‍රශ්නවලට පිළිතුරු දීමේ දී බොහෝ අවස්ථාවල දී නිරුත්තර වෙයි.

පිළිතුර - දරුවකු ප්‍රතිචාර දැක්වීමට දරුවාගේ හේතූන් මෙන් ම බාහිර පරිසරයේ හේතූන් ද බලපායි. කණ හොඳින් නොඇසීම, කුඩා කාලයේ ඇතිවූ වර්ධන දුර්වලතා වැනි දෑ දරුවාගේ හේතූන් ලෙස දැක්විය හැකියි. එම හේතූන් සොයාගත හැකිවන්නේ පළපුරුදු විශේෂඥ වෛද්‍යවරයකුට පමණි. බාහිර පරිසරයේ හේතූන් ඉවත් කිරීම වැඩිහිටියන්ට කළ හැකියි. දරුවන් නිබඳ සංවාදයට එක්කර ගැනීම දරුවාගේ පිළිතුරුවලට ප්‍රශංසා මුඛයෙන් සැළකීම උදාහරණ ලෙස දැක්විය හැකියි.

ප්‍රශ්නය -  දරුවන්ට ජංගම දුරකථන, පරිගණක යනාදිය පරිහරණයට ලබාදීම මොළයේ වර්ධනයට හේතුවක් ද ?

පිළිතුර - වයස අවුරුදු දෙකකට අඩු දරුවන්ට දර්ශනපථය සහිත විද්‍යුත් උපකරණ ලබාදීමෙන් වළකින්න. අවුරුදු දෙක ඉක්මවා ඇත්නම් දිනකට පැය දෙකක් පමණ ලබාදිය යුත්තේ දරුවන්ට සුදුසු වැඩසටහන් සමගයි. දර්ශනපථය සහිත විද්‍යුත් උපකරණ ක්‍රමාණුකූලව දරුවන් අතට පත් කළ යුතුය. අනවශ්‍ය ලෙස ඒවා දරුවන් අතට පත්කිරීමෙන් මොළයේ වර්ධනයට ඒවා හානිකර ලෙස බලපෑමට ඉඩ ඇත.

 

(එසැණින් කරනුයේ උපදෙස් දීම හා මඟපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් හෝ අපේ වෙබ් අඩවිය කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.) 

 

කමනි අල්විස්


(විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතා සම්මන්ත්‍රණයක දී සඳහන් කළ කරුණු ඇසුරිනි )

 

කසුන්ගේ ප්‍රශ්නය ට පිළිතුර

ඔබගේ ගැටළුව ප්‍රසිද්ධියේ පළ කිරීමට නොහැකි බැවින් මෙහි පළ කරන්නේ නැත. මෙය සාමාන්‍ය සිද්ධියකි. තමන්ගේ ඉන්ද්‍රියයන් හා අත, පය ඇතුළු සිරුරේ කොටස්වල විශාලත්වය තීරණය වන්නේ උපතිනි. නැතිනම් ඒවා වර්ධනය වීමේ දී සංකූලතා ද ඇතිවේ. ඔබ මෙය මානසික වදයක් කරගත යුතු නැත. ළඟම සිටින කායික වෛද්‍යවරයකු හමුවී ඔබේ ගැටළුව විවෘතව පවසන්න.  එය ඔබගේ ශාරිරික ගැටළුවක් නොවන බව පැවසුවහොත් මානසික ප්‍රතිකාර සඳහා ළඟම ඇති රජයේ රෝහලේ මානසික වෛද්‍ය සායනයට හෝ විශේෂඥ මනෝ වෛද්‍යවයරකු හමුවට හෝ යන්න. අන් අය ඔබේ ඉන්ද්‍රියයන් ගැන පවසන කරුණු සම්බන්ධයෙන් පශ්චාත්තාප වීමෙන් වළකින්න.

ප්‍රශ්නය - මම අවුරුදු 30ක විවාහක කාන්තාවකි. මගේ ඉකිළි ප්‍රදේශය කළු වී කැසිල්ලක් ඇතිවෙයි. දිලීර රෝගයක් බව පවසා ෆාමසියකින් ආලේපනක් දුන්න ද එයින් නිට්ටාවට සුව වූයේ නැත. ආලේපනය භාවිතා කරන විට අඩුවී යළි එය ඇතිවේ. මේ සඳහා ප්‍රතිකාරයක් අවශ්‍යයි . නිමාලි -

පිළිතුර -  ඉකිළි ප්‍රදේශය කළු පැහැවීමත් කැසීක් හටගැනීමත් බොහෝ දෙනකුට පවතින ගැටළුවකි. දහඩිය දැමීම හා යට ඇඳුම් අපිරිසිදු වීම හේතුවෙන් ද මේ තත්ත්වය හටගනී. මේ නිසා පිරිසිදුවට සිටීමත් පිරිසිදු යට ඇඳුම් භාවිතා කිරීමත් ඉතා වැදගත්ය. කෙසේ වෙතත් වෙළඳ පොළේ ඇති ආලේපන ගැල්වීමෙන් ස්ථිර විසඳුමක් සොයා ගැනීමට නොහැකිවනු ඇත. ඇතැම්විට වෙනත් ආසාදන තත්ත්වයන්ට ලක්වීමෙන් තත්ත්වය වඩාත් දරුණු වීමට ද ඉඩ ඇත. රෝහලක චර්ම රෝග සායනයට හෝ විශේෂඥ චර්ම රෝග වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසු ක්‍රමයයි.

ප්‍රශ්නය - විදේශගතව සිටින මම වසරකට මාසයක් පමණ නිවාඩු ලබා පැමිණෙන්නෙමි. වයස අවුරුදු 34කි. මෙය වසර එකහමාරක සිට පීඩාවකි මේ සඳහා ප්‍රතිකාරයක් තිබේ ද ? මෙය මානසික හෝ කායික රෝගයක් ද යන්න මම නොදනීමි. -ඉන්දික-

පිළිතුර -  මට තියන ප්‍රශ්ණය මානසික තත්ත්වය, නිරෝගීබව ආදී කරුණු රැසක් ඒ සඳහා බලපායි. ඔබට ඇති ගැටළුව සඳහා පළමුවෙන් මෞත්‍ර ලිංගික වෛද්‍යවරයකු හමුවන්න. ඔබට ඇති ගැටළුව සම්බන්ධයෙන් පළමු තීරණය ගතයුත්තේ එම වෛද්‍යවරයා විසිනි. කායික ගැටළුවක් නැතැයි එම වෛද්‍යවරයා තීරණය කරන්නේ නම් ඔබට මානසික ගැටළුවක් ඇත්දැයි තීරණය කිරීමට ළඟම ඇති රෝහලක මානසික වෛද්‍ය සායනයට ගොස් ප්‍රතිකාර සඳහා යොමුවන්න.

ප්‍රශ්නය -  මගේ වයස අවුරුදු 20කි. රාත්‍රියේ දී දැඩි මුත්‍ර දැවිල්ලක් හට ගනී. දිනපතා මළ පහවීමක් ද සිදුනොවේ.

පිළිතුර -  දිනපතා හොඳින් වතුර බොන්න. එවිට මුත්‍ර දැවිල්ල අඩුවනු ඇත. එසේ කිරීමෙන්  සුවයක් නොලැබෙන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් අනුව යූ.එෆ්.ආර්. නමැති සරල මුත්‍රා පරීක්ෂණය කරගෙන ඒ අනුව පරික්ෂා කිරීම අවශ්‍ය වේ.

මළ බද්ධයට ද ප්‍රතිකාරයක් වන්නේ දිනපතා හොඳින් ජලය පානය කිරීමයි. ඊට අමතරව ශරීරය වෙහෙසවන ව්‍යායාම ද අවශ්‍යය. අවම වශයෙන් දිනකට කිලෝ මීටර තුනක් හෝ අවිද යන්න. නැතිනම් ක්‍රිඩාවක නිරත වීම අත්‍යාවශ්‍යය. දෛනික ආහාරයට ඉදුණු කෙසෙල්, එළවළු, ගස්ලබු වැනි දේ එක්කැර ගැනීම අවශ්‍යය.

දිනකට දෙකකට වරක් යෝගට් හෝ මිදුණු කිරී ටිකක් කෑමට ගැනීම සුදුසුය. වැසිකිළියට යාමට නිශ්චිත වේලාවක් තෝරාගන්න.

ප්‍රශ්නය - මගේ ඇඟේ විටින් විට පලු මතුවේ. ඇඟේ සෑම තැනකම ඇතිවන මේ පලු දැඩි කැසීමකින් ද යුක්තය. සම මතුපිට තුඩකින් ඉරක් හෝ අකුරක් හෝ ලිවූ විට එැන ද එසවී පිම්බී ඒ හැඩේටම පලු මතුවේ. විශේෂඥ වෛද්‍ය උපදෙස් ගත් විට ප්‍රතිකාර නියම කෙරුණි. එසේ වුව ද බෙහෙත් නතර කළ විට යළි ඒ තත්ත්වය ඇතිවෙයි.

පිළිතුර -  සම මතුපිට තුඩකින් ඉරක් ඇඳීමෙන් පසු එතැන පලු මතුවීම ආශ්චර්යක් හෝ මැජික් එකක් නොවේ. එය Chronic urticaria නමැති රෝගයේ එක් ලක්ෂණයකි. මෙය හඳුන්වන්නේ Dermatographia හෙවත් සම මතුපිට ලිවීම යනුවෙනි. මේ රෝගයට බෙහෙත් තිබේ. බොහේ විට බෙහෙත් නතර කළ විට රෝගය නැවත දක්නට ලැබෙයි. මේ රෝගයේ ස්වභාවය එයයි. දිගුකල් පවතින රෝගයකි. මේ සඳහා ළඟම ඇති රෝහලක සමේ රෝග සායනයෙන් ප්‍රතිකාර ගන්න.

ප්‍රශ්නය -  මගේ වයස අවුරුදු 47කි. අත් දෙකේම ඇඟිලි නිතර නිතර වෙව්ලයි. මේ ගැටළුව ඇතිවී දැන් වසර 20ට ආසන්නය. කිසි දිනක මත්පැන් හෝ සිගරැට් පානය කැර නැත. වෛද්‍යවරු පවසන්නේ මට රෝගයක් නැති බවයි. එසේ වුව ද ඇඟිලි වෙව්ලීම මගේ සිතට මහත් වදයකි. මෙයට ප්‍රතිකාරයක් තිබේ ද ?

පිළිතුර -  ඔබේ ගැටළුවට පිළිතුරු දීමට අපහසුය. වඩාත්ම සුදුසු වන්නේ වෛද්‍යවරයකු හමුවී විස්තරය පවසා සාමාන්‍ය කායික පරීක්ෂණයක් කර ගැනීමයි.

ප්‍රශ්නය -  මගේ වයස අවුරුදු 49 කි. කාලයක සිට කන් ඇසීම අඩුය. මෙයට ප්‍රතිකාරයක් තිබේ ද ?

පිළිතුර - ඔබේ ගැටළුව ඉතා සරලය. වයස අවුරුදු 49ක් නම් ඔබේ කන් ඇසීම දුර්වල වී ඇත්තේ වයසට යාමෙන් නොවන බව පැහැදිලිය. එයට වෙනත් හේතුවක් බලපායි. ළඟම ඇති රෝහලේ ඇස්, කන් හා නාස සායනයට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.

ප්‍රශ්නය - මගේ වෘෂණ කෝෂ නිතරම තෙත් ගතියකින් පවතියි. කලක් මත්පැන් බහුලව භාවිතා කළ ද දැන් එය නතර කැර ඇත. මගේ ගැටළුව සඳහා උපදෙස් පතමි. මගේ වයස අවුරුද 53කි.

පිළිතුර -  වෘෂණ කෝෂ නිතර තෙත් ගතියකින් පවතිනවා නම් ඒ ඩහදිය විය යුතුය. නැතිනම් ඒ සඳහා Eczema නමැති සමේ රෝගයකින් ස්‍රාවය වන ද්‍රව්‍යයක් විය යුතුය. තෙත් ගතියට හේතුව ඩහදිය නම් අවශ්‍යවන්නේ සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම හා පිරිසිදුව සිටීමයි. සමේ රෝගයක් තිබේ යැයි සැකයක් තිබේ නම් වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරන්න.

ප්‍රශ්නය -  මම 25 හැවිරිදි අවිවාහක තරුණියකි. මගේ ගැටළුව නම් මළ පහ කිරීමේ දී සහ ඉන් පසු විනාඩි 30ක් පමණ ගතවන තුරු දැවිල්ලක් හටගැනීමයි. ගුදයේ කෙළවර කුඩා ගැටිත්තක් ද ස්පර්ශ වේ. මේ අර්ශස් රෝගය ද නැතිනම් වෙනත් තත්ත්වයක් ද ? මේ සඳහා ප්‍රතිකාරයක් දැන්විය හැකි ද ?

පිළිතුර -  ඔබගේ රෝගය අර්ශස් රෝගය ද කියා නිශ්චිතව දැන ගැනීමට ළඟම ඇති රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සායනයට ගොස් පරීක්ෂා කරවා ගන්න. එය අර්ශස් රෝගය හෝ වෙනත් තත්ත්වයක් දැයි කියා තීරණය කළ හැකි වන්නේ එවැනි පරීක්ෂණයකිනි. ප්‍රතිකාරය ලබාදිය හැකිවන්නේ රෝගයේ ව්‍යුහය හා පවතින අදියර අනුවය. මළ බද්ධය සඳහා බෙහෙත් ගැනීමේ සිට ස්ථානිකව ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම, අර්ශස් ගැටිතිවලට බෙහෙත් විදීම සහ අර්ශස් ගැටිති සැත්කමකින් කපා ඉවත්කිරීම දක්වා විවිධ ආකාරය ගනී.

 

(එසැණින් කරනුයේ උපදෙස් දීම හා මඟපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් හෝ අපේ වෙබ් අඩවිය කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.) 

 

වේරගොඩගේ සංජීව විජේවීර


( විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පිළිතුරු දුන් ප්‍රශ්න )

 

ප්‍රශ්නය - මගේ සැමියා රජයේ සේවකයෙකි. ඉතා සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ ද දැන් අපේ විවාහය දෙදරා යමින් පවතී. දිනපතා රෑ බෝ වී නිවසට එන සැමියා අතරමග ඇති නිවාසවල නානකාමරවලට එබිකම් කරමින් ගැහැනුන් නාන ආකාරය හොරෙන් බලා සිටින බව ගමේ අයට හසුවූයේය. මේ බව මා දැනගත්තේ ද ඒ සිද්ධියෙනි. ඔහුගේ පුරුද්ද අත් හැරීමට අකමැති වීම නිසා මා නාන අයුරු බැලීමට අවශ්‍ය බව ඔහු කීවේය. සැමියා බේරාගැනිමටත් දරුවන්ගේ ගෞරවය රැකීමටත් මම එයට ඉඩ දුන්නෙමි. දැන් ඔහු පවසන්නේ මගේ සිරුර අන් පිරිමින්ට පෙන්වීමට ඔහුට බලවත් කැමැත්තක් ඇති බවයි. වෛද්‍යතුමනි. මෙය මට බරපතල මානසික ගැටළුවකි. මෙයට ප්‍රතිකාරයක් ලබාගන්නා මගක් කියන්න.  -නිමාලි-

පිළිතුර -  ඔබේ සැමියා අසාමාන්‍ය ලිංගික ආශාවකින් පෙළෙන බව පෙනෙනවා. ඔහු සාමාන්‍ය ආකාරයෙන් සිටියත් අසාමාන්‍ය හැසිරීම් පෙන්වනවා. සාමාන්‍ය ක්‍රමයට වඩා වැඩි තෘපත්තියක් මෙවැනි අය මේ අසාමාන්‍ය හැසිරීම් වලින් ලබනවා. මෙය හඳුන්වන්නේ දර්ශන කාමුකත්වය කියා. එය වඩාත් දරුණු අවස්ථාවකට පත්වීමේ දී බිරිඳ පවා බිලි ගැනීමට පෙළඹෙනවා. ඔබ පවසන ආකාරයට දැන් ඔහු එම තත්ත්වයට පත්වෙමින් සිටිනවා. මේ රෝගයට ප්‍රතිකාර තිබෙනවා. ඔබ සැමියා සමග ළඟම ඇති රජයේ රෝහලේ මනෝ වෛද්‍ය සායනයකට ගොස් ප්‍රතිකාර සඳහා ඔහු යොමුකරන්න. ප්‍රතිකාර ගැනීමට ඔහු අකමැතිනම් එය උපායශීලීව කළ යුතු දෙයක්. මුල් කාලයේ දී මේ සඳහා ප්‍රතිකාර ලබාදීමෙන් දර්ශන කාමුකත්වය සම්පූර්ණයෙන් ම සුව කළ හැකියි.

ප්‍රශ්නය - මගේ සබකෝලය ප්‍රශ්ණයකි. මෙය මට විශාල මානසික ගැටළුවකි. මෙයට ප්‍රතිකාර තිබේ ද ?  - සම්මානි-

පිළිතුර - සබකෝලය යනු යෞවන යෞවනියන් අතර බහුලව දැකිය හැකි මානසික ගැටළුවකි. සබකෝලය සාමාන්‍ය ලජ්ජාශීලී බව මෙන්ම දැඩි ලජ්ජාශීලී බවේ සිට ඉන් ඔබ්බට යන සමාජ භීතිකා රෝග තත්ත්වයක් දක්වාම වර්ධනය වූ අවස්ථා දක්නට ලැබේ.

මේ රෝග සඳහා වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර පවතී. සබකෝලය මගහරවා ගැනීමට මනෝවිද්‍යාත්මක, චර්යාත්මක මෙන්ම ඖෂධීය ප්‍රතිකාර ඇත.  ප්‍රතිකාර ගැනීමට පෙර විශේෂ මනෝ වෛද්‍යවරයකු හමුවී හෝ ළඟම ඇති රජයේ රෝහලක මනෝවිද්‍යා සායනයකට ගොස් තම ගැටළුවේ තත්ත්වය හරිහැටි තේරුම් ගැනීම වැදගත්ය.

ප්‍රශ්නය -  මගේ පුතා (32) දැඩි සේ මත්පැන් පානයටත් දුම්වැටි පානයටත් ඇබ්බැහි වී සිටියි. ඔහු මත්පැන් බී නිවසේ බඩු මුට්ටු විසි කරමින් අප සමග රණ්ඩු කරයි. ඔහුගේ මේ ක්‍රියාව නතරකරලීමට හෝ මත්පැන් බීමත් දුම්පානයත් එපා කරවීමට බෙහෙත් තිබේ ද ?

පිළිතුර - මේ සඳහා බෙහෙත් තිබේ. සිදුවන්නේ බෙහෙත් බොන කාලයේ දී මත් පැන් හා දුම්පානය එපා වීමයි. බෙහෙත් ගන්නා කාලයේ දී ස්වල්ප වශයෙන් හෝ පරණ පුරුද්දට මත්පැන් පානය කළහොත් වමනය, පපුවේ ගැස්ම, රුධිර පීඩනය පහත වැටී ක්ලාන්තවීම වැනි ලක්ෂණ ඇතිවේ. ඒ හේතුවෙන් බෙහෙත් ලබා දිය යුත්තේ මනෝ වෛද්‍යවරයකුගේ නිර්දේශ ඇතිව පමණි. ළඟම ඇති රෝහලකින් විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවී අදාල ඖෂධ ලබා ගැනීමට හැකිවෙයි.

ප්‍රශ්නය -  මම 40 හැවිරිදි බෞද්ධ කාන්තාවකි. ආගම දහමට දැඩි නැඹුරුතාවක් දක්වන්නෙමි. එසේ වුව ද සැමියාගේ බලපෑම් හේතුවේ මට මගේ පියාට සැලකීමට නොහැකි විය. පියා තනිවම නිවසේ සිටිය දී මියගියේය. දැන ගත්තේ ද දින දෙකකට පසුවය. පියා මියගොස් දැන් මාස 10ක් ගතවී ඇත. දැන් සෑම රාත්‍රියක ම පියා මගේ නිවසට පැමිණ බැණ වදින ආකාරය මට පෙනෙයි. ඔහු නරක උත්පත්තියක් ලබා ඇතැයි සියළු දෙනා පවසයි. තොවිලයක් කර පියා අල්ලා බෝතලයකට දමා මුහුදට දැමිය යුතුයැයි සැමියාගේ ඥාතීන් කීව ද මා එයට කැමැත්තක් නැත. මෙය මානසික රෝගයක් දැයි විටෙක මට සිතේ. මා කළ යුතු දෙයක් කියා දෙන්න.

පිළිතුර -  ඔබ මුහුණ දී ඇති ගැටළුවට පිළිතුර ඔබගේ ප්‍රශ්නයේ ම සඳහන් කැර ඇත. මියගිය පුද්ගලයන් සැබැවින්ම යළි පැමිණෙන බවට කිසිදු සාක්ෂියක් නැත. තාත්තා ජීවත්ව සිටිය දී ඔබේ සිතැඟි පරිදි සැලකීමට නොහැකි වූ බව ඔබ පවසයි. මේ මානසික ගැටළුව හේතුවෙන් දැන් තාත්තා පැමිණ සිටින බවක් ඔබට පෙනෙන බව පැහැදිලිය. ළඟම ඇති රෝහලේ විශේෂඥ මනෝ විද්‍යා සායනයට ගොස් කරුණු කියා වහාම ප්‍රතිකාර ලබාගන්න.

 

(එසැණින් කරනුයේ උපදෙස් දීම හා මඟපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් හෝ අපේ වෙබ් අඩවිය කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ සුදුසු වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.) 

වේරගොඩගේ සංජීව විජේවීර

 

 



අදහස් (0)

ආරෝග්‍යා පරමා ලාභා

රනිල් නිශාන්ත Sunday, 31 May 2015 06:16 AM

හොඳ සේවයක්. (බ)

:       0       0

සේනාධීර Tuesday, 16 August 2016 10:46 AM

හොද වැඩක්.(හේ)

:       0       0

කලේන්ද්‍ර විශ්වජීව Sunday, 16 October 2016 01:03 AM

හරිම සතුටුයි (අ)

:       0       0

නිවන්තක Thursday, 10 December 2015 12:21 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ලහිරු Saturday, 06 February 2016 03:00 AM

ඇත්තෙන්ම වටිනවා..... (නි)

:       0       0

ලාල් සේකර Saturday, 30 May 2015 04:27 AM

ඇත්තෙන්ම මෙයනම් ඉතාම වටිනා සේවයක් ඔබලාගේ මේ කර්තව්‍යය සාර්ථක වේවා (බ)

:       0       0

රොහාන් Tuesday, 26 May 2015 03:42 PM

ගොඩාක් වටිනා වැඩක් මේක ලංකාදීපයට ස්තුතියි (බ)

:       0       0

ප්‍රදීප් ඉන්දික Thursday, 28 May 2015 06:24 AM

ගොඩක්ම හොද සේවයක්.(හේ)

:       0       0

සුසන්ත ප්‍රදීප් කුමාර Sunday, 12 July 2015 02:45 PM

මම සේවය කරන්නේ ඩුබායි වල. මම ලංකාදීප පත්තරේ හැමදාම බලනවා ඔබලාගේ සේවයට ගොඩක් ස්තුතියි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 50 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 344 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2288 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 246 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 1006 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1048 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37585 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24772 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 702 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site