අක්කර 48ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර රුපියල් කෝටි පහකට බෙල්ජියම් ජාතිකයකුට විකිනීයැයි සැකපිට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාපති ජගත් සමන්ත පෙරේරා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
අක්කර 48ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර රුපියල් කෝටි පහකට බෙල්ජියම් ජාතිකයකුට විකිනීයැයි සැකපිට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාපති ජගත් සමන්ත පෙරේරා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ යම්තාක් දුරකට හෝ දේශපාලන බලපෑමකින් තොරව නීතිය ක්‍රියාත්මක වන බවට නිදසුන් තමයි මේ (නි)
ඔබ හරියටම හරි දොඩන්ගොඩ. මේ එක නිදසුනක් පමණයි. (අ)
අයියෝ. මොනවද මේ කරන්නේ (ස)
ප්‍රාදේශී සභා ක්‍රමය අහෝසි කල යුතුයි. ප්‍රාදේශීය සභා තුලින් මදාවි, සල්ලාල හොරු ටිකක් රටට බිහි වුණා. (ඉතාම කලාතුරකින් අපට දැක ගන්න පුළුවන් ඉතා හොඳ, රටට ගමට වැඩක් කරන මහත්වරුන් / නෝනාවරුන් ගැන නෙවෙයි මේ කියන්නේ) (අ)
විදේශිකයන්ට දැන් ලංකාවේ ඉඩම් ගන්න බැහැ කියලා ලඟදි නීති සම්මත කළා නේද? (අ)
නිර්මලා ඔබ හරි. ඇමතිලාට සලකන එක මන්ත්‍රීරීලගේ වගකීමක්. මන්ත්‍රීරීලට සලකන එක පළාත් සබා කට්ටියගේ වගකීමක්. ඒ සේරටම සලකන එක ප්‍රාදේශීය කට්ටියගේ වගකීමක්. ඒ වුනාට ප්‍රාදේශීය කට්ටියට සලකන්න කවුද ඉන්නේ? ඉහල අයට දොළ පිදේනි දෙන්නත් මේ ගොල්ලම එපාය හොයන්න. ඒ හින්ද ඇති වෙන්න තමන්ට තමන් සලක ගන්නවා මෙන්න මෙහෙම. (අ)
ප්‍රතිචාර දාන ඔබ සමහරුන් හීන දකිනවා. (නි)
දේශපාලුවන්ට ඕනෑ විදියට ඉඩම් පිටරැටියන්ට විකුණන්න ගියොත් ඉදිරි අනාගතයේදී අපේ මිනිසුන්ට මුහුදට පනින්න තමා වෙන්නේ. (නි)
දැන් ලංකාවේ වෙන දේවල් හරිම පහත්. කරුණකරලා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. (නි)
තවත් ජගත් වැඩකාරයෙක් වගෙයි එහෙනම්... (නි)
අනේ! අහන්න ලැබෙන දේවල්? (නි)
කකුළු පැටව් ඇවිදින්නෙත් හරහට තමයි.(නදී)
දැන් දැන් ලංකාවේ මිනිස්සු වැරදි කරන්න බය නැහැ (නි)
දොඩන්ගොඩ, ඔබේ කතාව හරි, මෙම ක්‍රමය ඇතිකරපු අය නම් දැන් ගොඩක් දුරට විනාස වෙලා , නමුත් මෙම ක්‍රමය අහෝසි වෙන්නේ ,කරන්නේ කව්ද? කවදද? (ස)
මේ ප්‍රාදේශීය සභා ක්‍රමය නැත්තටම නැති කළ යුතුයි කියලයි මම නම් කියන්නේ. (නි)
මෙවැනි අය පක්ෂ තේරුම් කමිටුව හරහා මහජන සේවයට කොහොම ආවද දන්නේ නැ. සභාපති තනතුරට පත් වෙච්ච මොහොතේ සිට කලපනා කරන්නේ හොරකම , වංචාව , දුෂණ (ස්ත්‍රී දුෂණ ), දේශපාලන බලය යොදවා ගනිමින් කරන්නේ කොහොමද කියල. ජනතා සේවයට හිතැති අවංක අය............. ලංකාවෙන් වදවී යාවි.(නදී)
දේශපාලඥයෝ මේ රටට මොනවද මේ කරන්නේ කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)
තව ටික දවසකින් නිදහස්(නදී)
අපේ එකෙක් නිසා බේරගන්න පුළුවන් බයවෙන්න එපා (නදී)
අනේද කියන්නේ අපේ මිනිස්සු හරක් මස් කනවට උඩ පැන පැන දගලනවා. අපේ රටේ උරුමය විනාශ කරනවා. කෝ ඔය දගලන අය.(නදී)
මටත් හිතෙනවා මොහු කැබිනට් ඇමති වරයෙකු වෙන්න අවශ්‍ය වන සුදුසුකම් සපුරා ඇති බව.ඔහුගේ අනාගතයට ශුභ පැතුම්.(නදී)
හැමෝම මේ විදියට අදහස් දාලා අන්තිමට බැලුවහම ඡන්දෙත් දීලා (නි)
රට යන හැටියට, අපිට ඉතින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද? (නි)
ඕවා අද කාලේ ඒ තරම් ගණන් ගන්න තරම් දේවල් නෙමෙයි (නි)
මෙහෙම රට විනාශ කරන්න ඉඩදීම නම් ජාතික අපරාධයක්. මේවා නැවත ගන්න බැහැනේ. මෙහෙම රටක් විනාශ කරන එක නවත්තන්න පුළුවන් අය එක්විය යුතු කාලය පැමිණ ඇත. වෙන කවුරුත් කරන්නේ නැත්තේ ඇයි කියලා අහ අහා ඉන්න එකත් අපේම වැරැද්දක්. (නි)
අත් අඩංගුවට පත් නොවුන ප්‍රාදේශීය සභාපතිලා තවත් ඉතුරුවෙලා ඉන්නවද මන්දා? (ස)
මේ මිනිස්සු හරියට වැඩකරන්නේ තමන්ගේ පරවෙනියේ බුදලේ වගේනී ...මහජන දේපල...? මේ මිනිහගේ සියලුඋම දේපල රාජසන්තක කලයුතුයි ...? (අ)
ගමට රටට සේවයකරනවා කියල අහිංසක දුප්පත් මිනිසුන්ගේ ඡන්දෙන් ඇවිත් සැප විදිනවා මදිවට කරන හොරවැඩ. (අ)
රහස් පොලීසියේ මහත්වරුන්ට අපගේ උපහාරය! (නි)
මට නම් ඔහු ඉන්දියන් නළුවෙකුට වඩා ලස්සනයි. (නි)
අපිට හොද සිද්ධියක් බලාගන්න පුළුවන් වෙයි වගෙයි, ඉදිරියට (නි)
දෙවියන්ගේ පිහිටයි බෙල්ජියම් ජාතිකයාට (නි)
ප්‍රාදේශීය සභාපති කියනවා ඇහුනමත් මගේ ඇගේ මාළු නටනවා. බලමු මෙයාට වෙන්නේ මොකක් ද කියලා (ස)
ඊළඟ පළාත් පාලන සංවත්සරය බන්ධනාගාරයේ තියන්න හොඳටම ගනපූර්ණය හරි...(ස)
ඡන්දෙට ඉස්සෙල්ල සත පහක වංචාවක් නොකරපු කෙනෙක් වෙන්න ඇති, එකනේ පළාතේ අය ඡන්දය දීල තියෙන්නේ.(ස)
ටික දවසකින් ඔය ප්‍රශ්නෙන් ඔබතුමාට ගොඩ එන්න පුළුවන් වෙයි ...තනියම කන්න ගිය හින්දනේ ඔය ප්‍රශ්න (ස)
පින්තුරේ ඉන්න අහිංසක කමට ඊළඟ චන්දෙට කතිර 100 ක් විතර ගහන්න හිතෙනවා ..(ස)
හොද අනාගතයක් තියෙනවා, කැබිනට් ඇමතිකමකට සුදුසුම තියෙනවා දැනටම (ස)
වගකිවයුතු සභාපතිවරුන් ඇයි මේ වගේ වැඩ කරන්නේ? මේ රටට වැඩ කරන්න යන මිනිස්සු නේද? (නි)
ප්‍රශ්නයක් නැහැ දේශප්‍රේමීන් ලෙස නම් කරන ඔබලා ලගදීම නිදහස් වේවි.එදාට සියලුම දේශප්‍රේමීන් ඒකරාශී වී මල් මාල දමා ඔල්වරසන් හද පතුරුවමින් ඔබව පිළිගනීවි.මෙය මේ ආශ්චර්ය කරා යන ගමනේ විශේෂත්වයකි.(ස)
කෝටි පහක් වැනි ලොකු මුදලක් නිසා බිය විය යුතු නැහැ.ඔබට පිහිට වීමට සුවිශේෂී දේශප්‍රේමී පිරිසක් මේ රටේ සිටිනවා.ඔවුන්ට කල නොහැක්කක් නොමැත.(ස)
අපේ දේශප්‍රේමී ප්‍රාදේශීය මන්ත්‍රිවරුන්ගේ මේ සුළු සුළු වැරදි අමතක කර ඔවුන්ට සමාව.දී බෙරාගතයුතුය.මෙය කාලීන අවශ්‍යතාවකි.(ස)
මෙන්න තවත් ප්‍රතිපලයක් . සුබ අනාගතයක් ආසියාවේ ආශ්චර්ය ඔහොමයමු.(ස)
මේ අපට ගොඩාක් හිතවත් ප්‍රාදේශීය සභාපති කෙනෙක්.මේ අය අධර්යට පත් නොකර ඉකමනින් ඇප දී නිදහස් කරගමු.රටේ දේශප්‍රේමී,දේශමාමක,සියලුම දෙනා මල් මාල දමා මේ උත්තමයව පිළිගන්නට එදිනට එක් රොක් වන්න(ස)
මේ අපට ගොඩාක් හිතවත් ප්‍රාදේශීය සභාපති කෙනෙක්. (ස)
දැන් මෙයා නියෝජ්‍ය ඇමති කරමු (ස)
රජුන් අදමිටුවත්.....වෙති මතිදෝ ද එපවෙත් ......දැක උන්ගේ පැවෙත් ......බමුණු අතවසියෝද උගනිත් ,
ඒ කියන්නේ මව්බිම බෙල්ජියමට විකුණලා,,,,,, කෝ දැන් එතකොට තුන් සිංහලේ මුර දේවතාවෝ . (ස)
ඔවුන්ට දොළ පිදේනි දෙනවා නම් තමන් කැමති ඕනේ දෙයක් කරන්න පුළුවනි.කැමති ඕනෙම වාරයක් ලබා ගන්නත් පුළුවනි.හැබැයි දොළ පිදේනි අමතක කලොත් උන්ද වසල ඉවරයි.එලව එලවා පලි ගන්නවා සිකුරුයි.(ස)
ලංකාව විනාශ වෙන්නේ මේ ප්‍රාදේශීය සබා ක්‍රමය නිසයි . කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක් මේ ප්‍රාදේශීය සබා ක්‍රමය . නිකන් මහජන මුදලෙන් නඩත්තුකරන රස්තියාදු කාරයන් .මේවයේ ඉන්නේ . පේනවනේ මුන් කරන, වැඩ. හොර කසිප්පු හොර ඉඩම් ඔප්පු . ස්ත්‍රී දුෂණ . චන්ඩිකම් විතරයි මොවුන්ගෙන් සිදුවන්නේ (ස)