IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ආර්ථික අර්බුදය ජනයාගේ සෞඛ්‍ය අයිතිය අභියෝගයට ලක් කරලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ අයිතිය අභියෝගයට ලක් කර ඇතැයි ඇම්නෙස්ටි සංවිධානය පවසයි. අත්‍යාවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ හිඟය ආර් ථික අර් බුදය උග්‍ර වීමත් සමඟ බරපතල ප්‍රශ්නයක් වී ඇතැයි ඇම්නෙස්ටි සංවිධානය පෙන්වා දී තිබේ.

'අපි සම්පූර් ණ කඩා වැටීමක් අභියස' නමින් ආර් ථික අර් බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් කඩ වීම පිළිබඳ නිකුත් කළ නවතම වාර් තාවේ මෙසේ සඳහන් වී තිබේ.එන්නත් මගින් රෝගීන්ට ලබා දෙන පොටෑසියම් ක්ලෝරයිඩ්,  ප්‍රතිජීවක ඖෂධ, ඉන්සියුලින් සහ ළමයින් සඳහා අවශ්‍ය ප්‍රමාණවල වෛද්‍ය උපකරණ වල හිඟයක් තිබෙන බව ඉකුත් ජූනි මස ළමා ශල්‍ය  වෛද්‍යවරයෙක් ඇම්නෙස්ටි සංවිධානයට ප්‍රකාශ කළ බව එම වාර් තාවේ දැක්වේ.

රජයේ රෝහල් වල ඇතැම් ඖෂධ තොග නොමැති වීම හේතුවෙන් රෝගියෙකු ඇතුළත් වන විට පුද්ගලික ඔසුසලකින් එම ඖෂධ රැගෙන ඒමට පවසන බවත් එසේ රැගෙන ඒමට මුදල් නොමැති රෝගීන් ආපසු හැරී යන බවත් වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළ බව එම වාර් තාවේ සඳහන් වේ.

ඉන්ධන හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වේලාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමට බාධා එල්ල වී ඇති බව එම වාර් තාව පෙන්වා දෙයි.

ඉන්ධන හිඟය ප්‍රවාහනයට බාධා පමුණුවා ඇති අතර ප්‍රවාහනය ලබා ගත හැකි අවස්ථා වල ප්‍රවාහන ගාස්තු ඉතා මිලෙන් අධික වීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට  සෞඛ්‍ය සේවා ලබා ගැනීමට බාධා එල්ල වී ඇතැයි එම වාර් තාවේ දැක්වේ.වතුකරයේ දමිළ ජනතාවට මෙම ගැටළුව දැඩිව බලපාන බව ඇම්නෙස්ටි සංවිධානය නිකුත් කළ වාර් තාවේ දැක්වේ.

ආර් ථික අර් බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගැනීමේ අයිතියද අභියෝගයට ලක්ව ඇතැයි එම වාර් තාවේ සඳහන් වේ. ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම, ජීවනෝපායන් අහිමි වීම සහ ලැබෙන අදායම අඩුවීම හේතුවෙන් ප්‍රමාණවත් හා පෝෂ්‍යදායි ආහාර වේලක් මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට ඇති හැකියාව අවහිර වී හෝ ආහාර වියදම් වෙනුවෙන් වැඩි මුදලක් වෙන්කිරීමට සිදුව ඇතැයි  ඇම්නෙස්ටි සංවිධානය පවසා තිබේ.



අදහස් (0)

ආර්ථික අර්බුදය ජනයාගේ සෞඛ්‍ය අයිතිය අභියෝගයට ලක් කරලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 343 0

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 1311 1

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 210 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 856 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 54 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
2024 නොවැම්බර් මස 18 5022 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1802 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site