එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය සැමරුම් උළෙල අද (10) කොළඹ කැම්බල් පිටියේ පැවැත් වෙයි.
අගමැති රනිල් වික්‍රමසිහ ඇතුළු එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සැමරුම් උළෙලට ආරාධිතයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති ද සහභාගී වී සිටියි
ආරාධිත දේශනය පවත්වමින්
“ඇමති මණුඩලය එපා කියද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නියමිත කාලයට වසර දෙකකට කලින් ඡන්දයකට ගියේ ආර්ථික අර්බුධයට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට මුහුණ දීමට ඇති බය නිසායි. අද ඔහුට වෙලා තියෙන දේ කවුරුත් දන්නවා“ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති කියා සිටියේය.
වසර 70 කට පෙර සිංහල, දමිල හා මුස්ලිම් ඇතුළු ශ්‍රී ලංකාවේ සියළුම දෙනා එකමුතු කරගෙන සංහිඳියාව ගොඩ නගන්න ඩී.එස්.සේනානායක එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ එදා ගත් උත්සාහය මෙතෙක් අනි කිසිවෙකුගෙන් ඉටු වීනොමැති බවත් අද එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම කාරනය තේරුම් ගෙන එය ඉටු කිරීමට ගන්නා උත්සාහය සාර්ථික කර ගැනීමට ඔබ සියළු දෙනාගේ සහාය බලා පොරොත්තු වන බවත් ජනපති කීවේය.
2015 ජනවාරි තමාට ලැබුණු ජනවරමේ වැඩිම පාර්ෂවකාරයින් සිටිනා පක්ෂයේ 70 වැනි සංවත්සරයට ආරාධනා ලැබීම හාඇමතීමට ලැබීම විශාල සතුටක් බව ජනපති වැඩිදුරටත් කීවේය.
සමරු උළෙල අමතමින් රනිල් වික්‍රමසිංහ අගමැති මෙසේ කීය
“රාජපක්‍ෂ රෙජීමයේ ණය පරම්පරා ගණනාවකට ගෙවීමට ඉඩ නොතබා අපේ ජීවිත කාලයේදී ආණ්ඩුව 2020 වන විට අපි ඒ ණය බර ගෙවනවා.“
“සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලූ දෙනා එක් කරගනිමින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ඇති කරන්න එක්සත් ජාතික පක්‍ෂය කැපවී සිටින බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ රැසක් හා එක්ව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇති කර තිබෙන ආණ්ඩුව එය ඇතිකිරීමට ඇති හොඳම අවස්ථාව“ .
“මේ එක්සත් ජාතික පක්‍ෂයේ සියලූ දෙනාත් අපි කවුරුත් එකතු වෙමු. පැරණි මතවාද දුරුකරමු. නවීන ලෝකයට ගැළපෙන නවීන මතවාදයෙන් සන්නද්ධව ඉදිරියට යමු. මේ වගකීම් දරන්න අපි එඩිතර වෙමු. සියලූ අභියෝගයන් ජයගමු. සියලූ ජාතීන් සමගියෙන් වාසය කරන බලවත් ශ්‍රී ලංකාවක් කරා ඊ ළඟ පරම්පරාව ගෙනයන්න නායකත්වය දෙමු. සියලූ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිය සම්පුර්ණයෙන් භුක්ති විඳිය හැකි වඩා ප‍්‍රජාතාන්ත‍්‍රික ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු. ආර්ථික හා සමාජ දියුණුව සහිත සංවර්ධනික ශ්‍රී ලංකාවක් බිහි කරමු. එවිට ඊ ළඟ පරම්පරාවට තම පුද්ගලික අභිලාෂයන් සම්පූර්ණයෙන්ම මුදුන්පත් කරගැනීමට හැකිවනු ඇතැයි අපේ 70 වැනි සංවත්සරයේ තීන්දුව හැටියට ගෙන ක‍්‍රියාකරමු.“ යැයි ද අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.
මෙහිදී අපේ මතවාදයේ යෝජනාව ඉදිරිපත් කිරීම හා සම්මත කිරීමද මෙහි දී සිදු විය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය මහින්දගෙන් තව බොහෝ දේ ඉගෙනගත යුතුයි. මහින්ද ජනාධිපති කාලේ රැස්වීමකට ගියොත් අදාළ දේ විතරයි කතාකළේ. (නි)
බයවුණේ කවුද කියලා අපි හොඳට දන්නවා (නි)
මෙයාලා දැන් මොනවද රටට කරන්නේ. බයගුල්ලෙක් නෙමෙයි මහින්ද මැතිතුමා. (නි)
කාගෙ කාගෙත් හැටි අපි හොඳට දන්නවා (නි)
බුද්ධාගමේ කියන්නෙ පවට භයවෙන්න, ලැජ්ජාවෙන්න කියලා. නමුත් මහින්ද නොකළෙත් ඕකම තමයි. (නි)
මහින්ද බය හඳුනන්නෙ නැහැ කියන අය මොනවා දැනගෙනද දන්නෙ නැහැ එහෙම කියන්නේ? (නි)
මහින්ද ජිනීවා වලට බයවුණා නම් දැන් එතකොට මහින්දට බයවෙලා ඉන්නේ කවුද? (නි)
මහින්දව ජිනීවා ගෙනියන්න මුලපිරුවේ කවුද කියලා අපි දන්නවා. ඒ දවස්වල මහින්දට විරුද්ධ පත්තරවල ඕවා මහා ලොකු වැඩ වගේ පාරම්බාලා කිව්වේ. හිලරි ක්ලින්ටන්ව හමුවෙලා ලංකාවේ ආණ්ඩුව සුළු ජාතිකයන්ට අසාධාරණ කරනබව එහෙම කියලා තිබුනේ හරියට තමන්ගේ කෙනෙක් හමුවුණා වගේ. ඉතින් පාවාදීමේ සටන යනකොට මහින්ද වෙන මොකද කරන්නේ? එකම දේ ගේ ඇතුළෙත් ජුදාස්ලා හිටි බව දන්නේ නැතුව ඇති. මේවා හදපු කතා නොවෙයි ඇත්තටම අපි ලංකාවේ සමහර පත්තරවල කියවපු දේවල්. ලංකාදීපයට ස්තුතියි! (නි)
දැන් සමහරුන්ට නම් හරි සතුටු ඇති (නි)
ජනාධිපතිවරයාට ආරාධනා කරලා ළඟ තියාගෙන එජාප ආණ්ඩුවක් පිහිටුවන බවට පොරොන්දු දෙනවා. දැන් සතුටුද දන්නෙ නැහැ (නි)
රංචාගොඩ, අකුරැස්සේ තිබුන රැස්වීමේදී "අදාළ දේ" කරපු හැටි අපි හැමෝම දැක්කනේ (නි)
මම නම් බය නැහැ. පොරොන්දු වුණ විදියට උතුරේ හමුදාව ඉවත් කරන්න (නි)
ඊටවඩා භයානක දේවල් වලට මහින්ද බය නැතුව මුහුණ දුන්නා (නි)
මහින්ද ඡන්දයකට ගියේ නිල කාලය දිගුකර ගැනීමට විනා වෙන හේතුවකට නොවේ. බදු බර අඩුකරන්න කතාකරන්න, බොරු බයිලා නොකියා (නි)
ජනපතිතුමනි, අගමැතිතුමනි, ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, ඔබ සැමට ජාතියේ ගෞරවය හා ප්‍රණාමය හිමිවෙනවා, ඔබ යන මේ සාමූහික ගමනට (නි)
මම නම් හිතන්නෙ නැහැ මහින්ද කවදාවත් බය කියන දේ හඳුනන කෙනෙක් කියලා (නි)
දියුණු යයි සම්මත රටවල බලයේ සිටින දේශපාලකයෝ වෙනත් පක්ෂ වල පාලන කාලයන්හිදී ඔවුන් කළ නොකළ දේවල් ගැන කතා කරනවා වෙනුවට තමන්ගේ පාලන කාලයේදී රටේ දියුණුවට කළහැකි දේවල් ගැන කතා කරනවා. ඒ විතරක් නොවේ, කළහැකි දේවල් පමණක් පොරොන්දුවෙන අතර පොරොන්දු වූ දේවල් ඉෂ්ඨ කරනවා. ඒ රටවල් වල දියුණුවේ රහස ඒකයි (නි)
අා! අපේ මැඩම් එහෙමත් ඇවිල්ල ඉන්නේ (නි)
මහින්ද ඕවට බයවුණාට ප්‍රභාට බයවුණේ නැහැ. ඒකයි අද ඔය මහත්තුරු ස්ටේජ් වලට නැගලා බයනැතුව කෑගහන්නෙ. (නි)
හුඟක් සෙනඟ ඉන්න බව පේනවා. ඔතන ඉන්න ඔක්කොම එජාප යට ගිහින් අනෙක් අයට තම පක්ෂය රැකගෙන ඉන්න ඉඩ හරින්න. මේ යන විදිහට ජනතාව කිසියම් තීරණයක් ගත යුතුයි. රාජපක්ෂලා ණය අරගෙන තමුන්නාසේලාට මාතෘකාවක් හදලා තිබීම ගැන කණගාටු වෙනවා. (නි)
මහින්ද බයවුණ බවක් අපි නම් කවදාවත් දැකලා නැහැ (නි)
දැන් හොඳට රට ඉදිරියට යනවා. (නි)
අවුරුදු 70 සංවත්සරේදීවත් 'මහින්ද' යන වචනය පාවිච්චි නොකර පක්ෂය ගැන කතාකරන්න බැරිවීම හරිම කණගාටුවක් (නි)
හැබැයි දැන් කාටවත් විනය පරීක්ෂණ නැහැ, වෙන පක්ෂ වල රැස්වීම් වලට යනවා කියලා (නි)
මට නම් හිතෙන්නේ, මට මේ වෙන හැමදෙයක්ම දැන් සිද්ධවෙන්නේ මහින්ද නිසාමයි කියායි.
මහින්ද ඔබල වගේ බය වෙන දේශපාලකයෙක් නෙමෙයි. උතුරේ සිංහල ඉගෙන ගන්න ගිය සිංහල ළමයින්ට පහර දෙනකොට, බුදුපිළිම කඩන කොට ඔබගේ කට ගොළු වෙලා තිබුන. යුද්ධය ඉවරවෙලා අවුරුදු 6ක් ගියත් මහින්දගේ කාලයේ මෙහෙම දේවල් වුනේ නැහැ. ඔබලාගේ තියෙන බියගුළු ස්වභාවය නිසා මෙහෙම දේවල් වෙන්නේ.මහින්ද ඡන්දය ඉල්ලුවේ දිනන්න මිසක් පරදින්න නෙමෙයි (බ)
එක අවුරුද්දකට මහින්දට ආණ්ඩුව බාරදීලා බලන්න (නි)
ශ්‍රී ලංකාව යනු කොළ පාට, නිල් පාට, රතු පාට මිරිඟු පසුපස යන මෝඩ මිනිසුන් ජීවත්වන රටකි (නි)
හිටපු ජනාධිපති මහින්ද ත්‍රස්තවාදය පරාද කළ නිසා ලෝක බලවතා ලැජ්ජාවට තමයි ඔය චෝදනාව ගෙන ආවේ. එනිසා කෙසේ හෝ එම රජය විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ දේශපාලන භූමියෙන් අතුගා දැමීමට ඇමෙරිකාව ප්‍රමුඛ ලෝක පොලිස්කාරයෝ මුලිකත්වය ගෙන කටයුතු කළා. ලෝක පොලිස්කාරයට අභියෝග කළේ අපේ පුංචි රටේ හිටපු නිර්භීතම මිනිසා. (නි)
බය නැති අය ප්‍රභාකරන්ගේ කාලේ බයේ වෙවුලුවනේ (නි)
හැමඑකටම මහින්ද වැරදිකාරයා??? (නි)
මහින්දගේ අද තිබුණු හෝමාගම රැස්වීමටත් මිටවඩා සෙනඟ ඉන්නවා
ආකර්ශනීය කතා ආකර්ශනීය වැඩ සටහන් පටන් ගන්නවා.. ඒවා දින කීපයකින් සෝඩා බෝතලේ කැඩුවා වගේ වියැකී යනවා... (ර)
කලින් කියලා තිබුනනේ වැට් වැඩිවීම දැනගත්තෙත් පත්තරෙන් කියලා මම හිතන්නේ මේ ජනතාවගේ අදහස් ටික කියවලා බැලුවානම් අද ඔහු ඉන්නේ කිනම් තැනකද කියලා තමාගේම හදවතට කතාකරල බලන්න පුළුවන්. (ර)
මේ දක්වලා තියෙන අදහස් ඇති මේ ආණ්ඩුවට තේරුම් ගන්නවානම් ජන මතය කොතනද කියන එක. කලින් ආණ්ඩුවට වැරදුනෙත් ජනතා මතයට පයින් ගහපු නිසයි වත්මන් රජයට වෙන්නෙත් ඒ ටිකම තමයි. (ර)
තනි ඇහැත් පොට්ට වෙනවා මේ කතාවලට. (ර)
දැන් විනය පරීක්ෂණ නැත්ද අනුන්ගේ රැස්වීම් වලට ගියාම. (ර)
ඉස්සර නම් කිව්වේ මහින්ද ව්‍යවස්තාව වෙනස් කරගෙන කැමතිවාර ගනනක් ඉන්න පුලුවන් විදියට හදහා ගත්තේ බල තන්හාව නිසා කියලා. දැන් තමයි තේරෙන්නේ එහෙම කලේ නැතිනම් අවුරුදු 9ට වඩා ජනාදිපතිකම කරන්න වෙනවා කියලා. (ර)
මහත්තයෝ ඇත්ත ඇස් පනාපිට තියාගන මොකටද තමාම මුලාවක පැටලෙන්න දගලන්නේ? (ර)
ඡන්දේ තිබ්බෙ දිනන්න මිස පරදින්න නොවේ. (ර)
සෑම්, දැන් මහින්ද කතා කරන්නේ ජනාධිපති විදිහට නෙමෙයි. (ර)
එදා ඉඳලම කරන්නේ මහින්දට බනින එක විතරයි (නි)
ඔබතුමාලගේ ඔය කතා ලක්ෂ 62 කටම කන් වලට මී පැණි වගේ ඇති නේද? (නි)
කොහොමද දන්නෙ නැහැ මෙහෙම කියන්නේ? නේද? (නි)
අනේ අපි නොදන්නවායැ මේ රජයේ කෙරුවාව? (නි)
අයියෝ මහත්තයෝ, ඔය කතා අහලා අහලා දැන් එපාවෙලා. ඔබතුමාම කීපාරක් ඕක අපිට කිව්වද?ඉතිහාසය කතා කරන්නද අපි ඔබතුමාලව ඔතනට එව්වේ? හැමෝටම වැඩක් වෙන යෝජනාවක් අදහසක් වගේ දෙයක් කියන්නකෝ (නි)
සුබ උපන් දිනක් වේවා! එක්සත් ජාතික පක්ෂයට ජය වේවා! (නි)
මහින්ද ගැන කියෙව්වා ඇති. දැන් වැඩට බැහැලා රටේ ප්‍රශ්න විසඳන්න. (නි)
දැන් කාට කාටත් වෙලා තියනදේත් හැමෝම දන්නවා. (නි)
මෙයාලා දැන් බලය රැකගන්න බොරු කියවනවා. ජාත්‍යන්තරයට බයවෙලා එයාලට ඕනෑ විදිහට නටනවා. මහින්ද එදා යුද්ධය ඉවර කළේ කොච්චර බලපෑම් තිබිලද? එදා බය නැති මහින්ද අද බයත් නැහැ. කරන්න පුළුවන් ඔක්කොම මෙයාලා කරලා ඉවරයි දැන්. හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට. (නි)
කරුණු කාරණා එසේ නම් මැතිවරණ පරාජය, ඔහු ප්‍රර්ථනා කළ දෙයක් වියහැකියි. (නි)
යුද්ධයටවත් ප්‍රභාකරන්ටවත් බයනොවුණ මහින්ද ඕවට බයවෙන්නේ මොකටද? නිකම් සුරඟන කතා කියන්න එපා. අනිත් එක ඔයාලා අද කියන්නේ ඇත්ත නම් එදා කිව්වේ බොරු. ඒ කියන්නේ ඔයාලා ජනතාව රවටනවා කියන එක
ඇත්ත, මහින්ද බයනොවුණේ හරියට කොන්ද කෙළින් තියාගෙන යුද්ධ කරන්න විතරයි. (නි)
නැහැ නැහැ, මහින්ද මහතා බයවුණේ ඔහු නිසා බය නැතුව පාරේ යන්න නිදහස ලබාගත් අයම මහින්ද මහතාව පාවාදෙන්න යන බව දැනගත්තහම. කොටින්ම ලංකාවෙත් ජුදාස්ලා ඉන්න බව දැනගත්තහම. (නි)
මහින්ද, මහින්ද, මහින්ද ඇරෙන්න රටට කිසිම වැඩක් කරන්නේ නැහැ (නි)
දැන් ඉතින් එහෙමවත් කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? අවුරුදු එකහමාරක් දෙකක් තිස්සේ 'මහින්ද නිසා' කිය කියා මිනිසුන්ව අන්දවනවා ඇරෙන්න කරපු දෙයක් නැති බවයි අපට නම් හැගෙන්නේ. (නි)
මහින්ද ඡන්දෙන් දිනුවා නම් බය නැතිවෙනවද? (නි)
තාමත් මහින්ද භීතිකාව. දැන්වත් ඕක නවත්වලා රටට වැඩක් කරන්න (නි)
ගෙදර අපේ ආර්ථික අර්බුදය ඔය කියන අර්බුදයට වැඩිය දැන් භයානකයි. අපේ යෝජනාව දැන් ඒවාට පිළියම් ඉල්ලීමයි. ඒවාට සහන දෙනු! (නි)
අනේ ඔවු. මහින්ද මහත්තයට නිකන් ඉන්න බැරි නිසා යුද්ධය ජයගත් නිසානේ මේ ඔක්කොම (නි)
මේ තමයි 2020දි ඔයකියන ආණ්ඩුවක් හදන්න තබන පළමු පියවර (නි)
තව මාස දෙකකින් වැට් බද්ද අය වැයත් එක්ක දීපු හැටියේ මෙතන බලාගෙන ඉන්න කට්ටියට හරිම සනීපයක් දැනෙයි. (නි)
බොරු කියන්න එපා. මහින්ද ඔහුගේ දරදඬුකමට හෝ මෝඩකමට හෝ බය කියන එක දැනගෙන හිටියේ නැහැ.ඒක කවුරුත්දන්නවා. (අ)
මහින්ද නැතුව රැස්වීමක් තියන්නම බැහැ වගේ (නි)
65 ට හිටියා 70 වට වඩා වැඩියෙන් සෙනඟ (නි)
වැඩේ නම් හොඳයි වගේ. හැබැයි ටිකයි... (නි)
යන්නේ කොහෙද මල්ලේ පොල් වගෙයිනේ... (නි)
අපිට නම් එහෙම හිතෙන්නේ නැහැ . ජිනීවා යෝජනා අවේ මහින්දගේ පුද්ගලික ප්‍රශ්නයක් නිසා නෙවේ . එතුමා රට වෙනුවෙන් නිවරැදී ස්ථාවරයක් සිට ත්‍රස්තවාදය නිමා කල නිසයි . අනිකුත් නායකයන් වගේ එය වවා ගෙන කාලා තමන්ගේ ආරක්ෂව ගැන පමණක් හිතුවා නම් මේ කිසිම ගැටළුවක් මහින්ද මහතාට ඇති නොවනවා ඒකාන්තයි .ඔහු ඔබලා කියනා කාරයේ දුෂිත්යකු නම් ඔහුට කිරීමට තිබුණු හොදම දේ යුද්දය අවසන් කිරීම නොව එය කලින් සිටි අය මෙන් වවාගෙන් කෑමයි . මේ සරල යතාර්ථය තේරුම් නොගත් අවාසනාවන්ත බහුතර සිංහලයන්ට හා සාමය අගයන් අනෙකුත් ජාතීන් ට හෙට දිනයේ ඔබතුමාලා කුමන ආකාරයේ රටක් නිර්මාණය කර දෙයිද කියලා නම් අපට ඇත්තේ ඉමහත් බියකි .ගරු ජනාදිපති තුමනි කරුණාකර වැඩ කරන්න . වචන වලින් රට ටත් ජනතාවත යහපතක් නොසලසේ.තවම ප්‍රමාද නැත.කරුණාකර රටේආරක්ෂාව සලසන්න . දෙමල අන්තවාදීන්ට සුදු හුණු ගෑමෙන් හෝ ඔවුන්ට ලිහිල් ලෙස සැලකීමෙන් සාමය නොව්ක ඔවුන් ව තව දුරටත් අන්තවාදී ජාත්වාදී ස්ථාවර වලටම ආදී යන බවත් රටම ප්‍රපාතයට හෙලන බවත් තේරුම් ගන්න .ඔබතුමන්ට එය අපට වඩා හොදින් තේරුම් ගොස් ඇති මුත් ඔබතුමා එය සිතා මතා අමතක කරනවා විය හැක . මහිtන්ද රට අවි ත්‍රස්තවාදයෙන් බේරා ගත්තා සේ ඔබ මතවාදී වශයෙන් බෙදුම් වාදය පරාජය කර නියම වීරයෙක් වන්න.(අ)
70 වක් කාපු කෑම පොඩිද ? (අ)
අන්න පොලොන්නොරුවේ වතුර නැතිව ගොවියෝ කුඹුරු ගිනිතියනවා. ඔයාට මහවැලිය තියෙද්දී මෙහෙ මොකද කරන්නේ.(අ)
ලෝකයට ලෝක ඉතිහාසයට දේශපාලන ඉතිහාසයට එ..ජා ..ප ..70 වන සැමරුම යමක් එකතු කලා කියා මට හැගේ ..එ.ජා.පය යුරෝපා සංවිධානය පැරිස් සාඛාව ..(අ)
යහපාලනය සම්මුනිය සමගිය එකමුතුව බුදු වදන් මේ දුටු මට මෙනෙහි වේ.(අ)
මහින්ද මහත්තයා නැත්නම් අද කාටවත් නොබියව කතාකරන්නවත් වෙන්නෙ නැහැ (නි)
බයියන්ට දැන් කියන්න දේවල් නැද්ද, කටවල් වැහිලා ඇති නේද. (අ)
මිනිසුන්ට වැඩ නැද්ද මේවට ගිහින් හිට ගෙන ඉන්න. මේ ජාතිය කවදා හැදෙයිද (අ)
ජනපතිතුමනි, ඔබ නිකන්ම ශ්‍රීලනිපයෙන් ඈත්වෙනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව විරුද්ධ පක්ෂයක් නැති වුණොත් වෙන්නේ මොකද කියලා දන්නවද? ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් වගේම ශක්තිමත් විරුද්ධ පක්ෂයත් ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය අංගයක්! (නි)
ඔබට සතුටුයිද දැන්! (නි)
හෙට වෙනකොට අගමැතිට හා ජනපතිට හොරුන් සමඟ නැගිටිමු කියන කට්ටිය අපේ රට දැන් ආරක්ෂිතයි කියලා හිතන්නේ නැහැ. මහින්දයි පවුලේ කට්ටියයි මහපොළොවේ පය ගහලා ජීවත්වුණේ නැහැ. හිතින් මවාගත් ලෝකයක හිටියේ (නි)
සම්මුතිවාදි යැයි පැවසුවද කිසිම සම්මුතියක් නැති, වැඩබැරි ආණ්ඩුවක විලාපය හෙවත් මහින්දගෙන් තොර ලොවක් නොමැතිකම! (නි)
පක්ෂ පාට නෙමෙයි ඕනෑ, රටට වැඩ කරන නායකයින්. දැන් බලන්න යහපාලනේ කොච්චර හොඳද කියලා. ඔහොම යමු ඔහොම යමු. ඉදිරිය හොඳයි. හදවතින්ම සුබ පැතුම්! (නි)
ලංකාවේ බහුතරයක් දේශපාලුවන්ගේ බහට රැවටි, තමන් මුලාවක වැටී ඇති බව තාම තේරුම්ගෙන නැතත් ඇත්ත වැටහෙනවිට රට නැතිවී හමාරය. (නි)
අපි මොකටද මහින්දගේ ණය ගෙවන්නේ 2020 වෙනතුරු? (නි)