IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ආලෝක්ගේ 'මනමාලයි හිත' එළිදකියි

2017-01-04-ent-41

යෂාන් ද සිල්වා නිෂ්පාදනය කළ ආලොක් අකලංකගේ කුලුඳුල් ගීතය වන "මනමාලයි හිත" ගීතය මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රතිචාර ලබමින් සිටී. අපි ඒ පිළිබඳව විමසීමට හා යශාන් සම්බන්ධ කර ගතිමු.

 

ආලෝක් අකලංක

2017-01-04-ent-42"මනමාලයි හිත" ගීතයේ තමයි මගේ මුල්ම ගීතය. මෙම ගීතය නිෂ්පාදනය කළේ යෂාන් ද සිල්වා විසිනුයි. සංජුල හිමාල් සංගීතවත් කර යූ ප්‍රගීත් පද රචනයෙන් දායක වී තමයි මේ ගීතය නිර්මාණය කළේ. මම ආලෝක් අකලංක. ආලෝක් කියන සංකල්පයෙන් තමයි මුල්වරට ඉදිරියට එන්නෙ. විරහවම නැතුව අලුත් ආකාරයට ආදරය කරද්දි එන ගැටලු හිතට දැනෙන දේවල් එක්ක වෙනත් පැත්තක් කතා කිරීම තමයි අපේ සංකල්පය වුණේ. මෙහි වීඩියෝව සොබාදහමත් සමග මුසුවෙන, ආදරේ හැඟීම් දැනෙන විදියට තමයි වාද්දුවේ වෙරළ තීරයේදී රූගත කිරීම් කළේ. රත්මලානේදීත් රූගත කිරීම් කිහිපයක් සිදුකළා. එකම ආරකට නොගිහින් වෙනස් හැඩතලකට යායුතු ආකාරයෙන් තමයි ආදරයේ හැඟීම වෙනස් ආකාරයෙන් රූගත කළේ. ආලෝක් යන නම මුලින්ම මාධ්‍යයට හඳුන්වා දෙන්නෙ යශාන් අයියා. ඔහු තමයි මට මේ ක්ෂේත්‍රයට එන්න පාර කියා දුන්නෙ. අන්තර්ජාලයට මුදාහැරි කෙටි කාලය තුළ විශාල ප්‍රතිචාර තිබෙනවා. හරියාකාරව සැලසුම් කළ නිසයි මේ ගීතය හොඳ මට්ටමක පවතින්නෙ. මගේ අම්මා තමයි මගේ මුල්ම රසිකාවිය. තාත්තා, අයියා, අක්කා සහ මගේ මිතුරන් වගේම යශාන් අයියාත් මේ ගමනේදී සිහිපත් කළ යුතුයි.

මේ පිළිබඳව නිෂ්පාදක යශාන් ද සිල්වා මෙලෙස අදහස් දැක්වීය.

"මම හඳුන්වාදෙන පළමු වැනියා ආලෝක් නෙවෙයි. අලුතෙන්ම හඳුන්වා දෙන කෙනා තමයි ආලෝක්. ආලෝක් මට හමුවෙන්නෙ මීට මාස තුනකට පමණ කලින්. කාර්යබහුල කාලෙක. ඔහුගේ තිබුණු උනන්දුව හා කැපවීමත් සමග මා සතු සාර්ථක වීමේ ඉව නිසාම ඔහුගේ දක්ෂතාවත් එක්ක බොහෝ දුර යන්න හැකිවුණා. මුලදී ඔහු cover song කියමින් තමයි හිටියෙ. මේ කටයුත්ත සංගීතවත් කරන්න බාරදෙන්න හිටිය හොඳම කෙනා තමයි සංජුල හිමාල්. ඔහුත් සමග එකතු වෙලා තමයි තනුව නිර්මාණය කළේ. මෙහි ගීත දෙකක තනු දෙකක් එක් නිර්මාණයට ගොනුකළා. වචන ගැන කල්පනා කරමින් සිටියදී තමයි යූ ප්‍රගීත් රාජපක්ෂව හමුවෙන්නෙ. ඔහුගේ වචන දින දෙක තුනකින් හමුවුණාට පසුව අපි පටිගත කිරීම් සිදුකළා. පැය තුනක් ඇතුළත පටිගත කිරීම් කිරීම අවසන් කිරීමෙන්ම ආලෝක් ගැන තිබුණු විශ්වාසය වැඩිවුණා.

නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය හා ගීතයක් නිර්මාණය කිරීම ගැන කියනවා නම් එහි අපැහැදිලි තැන් බොහොමයක් තිබෙනවා. අධ්‍යක්ෂණය කියන්නෙ තනුව නිර්මාණය කිරීම සහ පටිගත කිරීම. නිෂ්පාදනය කියන්නෙ ඒ අධ්‍යක්ෂණය මෙහෙයවීම. එය කොයිවිදියටද?, එළිදක්වන්නෙ කවද්ද? ආදී හැම දෙයක්ම සිදුවෙන්නෙ නිෂ්පාදකගෙ අතින්. එය තමයි මගේ වගකීම. ගීතයක් නිර්මාණය කරනවා කියන්නෙ ගීතයක් නිර්මාණය කරලා සීඩී පටය නිර්මාණකරුගේ අතට දීම. එය නෙවෙයි මම කරන්නෙ. ඒ ගීතය තුළින් ඒ කෙනාව කලාකරුවෙක් විදියට නිර්මාණය කිරීම. ඔහු අඳින කතාකරන, රූපවාහිනියට මුහුණදෙන ආකාරය සමාජයත් එක්ක ගැටෙන ආකාරය ආදී සියලු දේ කියාදෙමින් කලාකරුවෙකු ලෙසින් නිර්මාණය කිරීම තමයි නිෂ්පාදකවරයෙකුගේ කාර්යය. මගේ පැත්තෙන් හදවතින් සහ උපරිමෙන්ම ඒ කටයුත්ත සිදුකරනවා. ආලෝක් කියන්නෙ එවැනි කුසලතා පිරිපුන් නිර්මාණකරුවෙක්.

0777-128606

 

සටහන - ඉඳුනිල් සින්දු

 



අදහස් (0)

ආලෝක්ගේ 'මනමාලයි හිත' එළිදකියි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 940 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1818 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 244 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 824 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8557 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3017 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site