යාපනය සරසවි සිසුන් දෙදෙනාගෙන් වෙඩි වැදුණු සුලක්ෂන් සිසුවාට මීට මාස හතරකට පමණ පෙර කණ්ඩායමක් පහර දුන්නැයි ඔහු කළ පැමිණිල්ලක් විමර්ශනය කර නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමේ සභාපතිනි දීපිකා උඩගම මහත්මියගේ උපදෙස් පිට විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර එම විමර්ශනයේ දී විවිධ කාරණා ගැන දැනටම තොරතුරු රැසක් ලැබී ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
සුලක්ෂන් සිසුවාට මීට මාස හතරකට පෙර ‘ආවා‘ නමින් හඳුන්වාගත් කණ්ඩායමක් පහර දී ඇති බවටත්, ඒ සම්බන්ධයෙන් ඔහු පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවටත්, සිසුවා මිය යන තෙක්ම පොලිසිය එම පැමිණිල්ල ගැන විමර්ශනයක් පවත්වා නොමැති බවටත් ලද තොරතුරක් ගැන ද විමර්ශනයේ දී අවධානය යොමු වී තිබේ.
සිරුරේ වෙඩි සලකුණු ඇතැයි අනාවරණය වූ සුලක්ෂන් සිසුවා යාපනය විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය අංශයේ සිසුවෙකි. යාපනයේ සම්මානනීය නළුවකු වන ඔහු ප්‍රධාන චරිතයට පණ පොවන චිත්‍රපටයක් 2015 යාපනය සිනමා දැක්මේදී මුල් තැනට පැමිණ තිබිණි.
සුලක්ෂන්ගේ සහෝදරියක මීට මාස හතරකට පමණ පෙර විදේශ ගත වී ඇතැයි ද, ඇය විදේශ ගත වීමට පෙර දින ඇය විදෙස් ගත නොකරන ලෙස දන්වමින් ආරක්ෂක අංශයකින් යැයි කියා ගත් පිරිසක් සුලක්ෂන්ට දුරකථන ඇමැතුම් දී ඇතැයි ද, ඊට පසු අවස්ථාවක ආරක්ෂක අංශයේ යැයි කියා ගත් පිරිසක් 2009 දී අතුරුදන් වූ බව කියන සුලක්ෂන්ගේ අයියා ගැන තොරතුරු සොයා නිවසට පැමිණි බවට ද මානව හිමිකම් කොමිෂන් සභාවට තොරතුරු ලැබී තිබේ.
මේ තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය ගැනත්, මේ වන විට ලැබී ඇති තවත් විශේෂ තොරතුරු ගැනත් මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශන පවත්වාගෙන යයි.
කොමිසම සුලක්ෂන්ගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සිදුවීම් සත්‍යනම් කිසිසේත්ම මෙවැනි දේවල් වලට කිසිම සමාවක් නොදිය යුතුයි., අපේ රටේ මේ වගේ අදහස් වලින් මිදිලා සියලු දෙනාටම ජීවත්වීමේ නිදහස ස්ථාපිත කළයුතුමයි. (නි)
පොලීසියට මේ සිද්ධියේදී අපේ අප්‍රසාදය! (නි)
අන්තිමට ආවා කල්ලියත් හමුදාවේ බුද්ධි අංශයට ඇවිල්ලා බාරවෙයි (නි)
කලින් අපි කතාවට කිව්වේ ගහන ගහන හෙණ ලංකාතිලකෙට කියලනේ. දැන් කියන්න වෙන්නේ ආරක්ෂක අංශයට කියලා. (නි)
සමහර විට අහිංසකයෙක් වෙන්නත් පුළුවන්. මත්පැන් ගෙන සිටියාද කියා තවම විනිශ්චය කර නැත්නම්, අනිවාර්යෙන්ම යතුරුපැදිය නොනවත්වා යන්නත් අතීතයේ ඔහුට "ආවා" කණ්ඩායමෙන් හෝ ආරක්ෂක අංශ වලින් තිබුනායැයි කියන තර්ජනත් ඉවහල් වුණා යයි අනුමාන කළ හැක. (නි)
මොකටද අපි මෙපමණටම මේ ගැන කතා කරන්නේ? (නි)
එහෙ මැරුනොත් සියලුම පරීක්ෂණ, ලෝක අවධානය. මෙහෙ මැරුනොත්? (නි)
සත්‍යයා, අහිංසක මිනිසුන්ට ආරක්ෂක අංශ වලින් තර්ජන එන්නේ නැත. (නි)
කරුණාකරලා කට්ටීය වැඩිය සද්ද බද්ද දාන්නෙ නැතුව ඉන්නවද? අපි දන්නෙ නැති ගොඩක් දේවල් ඔය කේස් එක ඇතුළේ ඇති. (නි)
සිතියමෙන් ඔබ්බට යාපනේ නොදැකපු අය නීති තර්ක සහ ද්‍රවිඩ ජන සමාජය පිළිබඳ විමර්ශන ඉදිරිපත් කිරීමෙන්ම පෙනෙනවා සිංහල ජන සමාජය ඉන්නේ කොයිතරම් ගැඹුරු ළිඳක පතුලේද කියල. (නි)
අපේ දැන් ඉන්න දේශපාලඥයෝ සහ සමහරු උන්ගෙන් වෙන ලොකු ලොකු වැරදි හංගනවා. හැබැයි උන් අපෙන් වෙන පුංචි වැරදිත් කෙන්ද කන්ද කරලා ජාත්‍යන්තරේටම ගෙනියනවා. හා බොරුද? (බ)
ටිකිරිි යාපනයෙන් පිට ලංකාව නොදැකපු අය නිසා තමයි මෙපමණ කරදර වුනේ. අනික ඔබ ඔය කියන විමර්ශන ඉදිරිපත් කිරීමක් මෙහි කර නැත. ද්‍රවිඩ ජන සමාජය පිළිබඳව අපිට අමුතුවෙන් කියා දිය යුතුත් නැත (බ)
‘රූල්ස් ඔෆ් එන්ගේජ්මන්ට්‘ චිත්‍රපටය බලන්න (බ)
යාපනයෙහ් මෙම සිද්ධිය වීමටත් ආරක්ෂක අංශ වගකිව යුතු සාමාන්‍ය ජනතාවට මෙම කල්ලි විසින් වෙන තාඩන පීඩන පරීක්ෂණ නොකර ඉන්න ඉහලින් බලපෑමක් තියෙනවා ...ඔබ උතුරේ සාමාන්‍ය වැසියෙක් ගෙන් වීමසිමක් කළොත් තිත්ත ඇත්ත දැන ගත හැකි (අ)