ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුනොකර මේ රටට ද්‍රෝහි විය නොහැකි නිසා අලුත් බලවේගයක් ගොඩනගන්නට තීරණය කළ බවත් උතුමාණන් ළගට ගියොත් වරප්‍රසාද ලැබෙන නමුත් එසේ සිදු කැර ජනතාව පාවා නොදෙන්නේ යැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා මීරීගම පස්යාලේදී පැවසීය.
ෆොන්සේකා මහතා මෙසේද පැවසීය
‘අද කතා කිරීමේ නිදහස,අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ,රැස්වීම් පැවැත්වීමේ අයිතිය මාධ්‍ය නිදහස ,මානුෂිය අයිතිවාසිකම් කියන කිසිම දෙයක් නෑ.මේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවගෙන් සොරකම් කරලා. රට ආශ්චර්ය කරා යන බව කියනවා නමුත් දරුවන්ට පරිප්පුයි බතුයි කන්නන වෙලා තියෙන්නේ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා !!! (ස)
බොරු කියන්න එපා. තියෙන ඡන්ද ටිකත් නැති වෙයි. (ස)
අපි නොකා නොබී හරි ඉන්නවා. අපි දේශප්‍රේමියෝ.... (ස)
ඉන්දික ඕයා ඉන්නේ ලංකාවේද. (නදී)
ෆොන්සේකා මහත්තයෝ කාගෙවත් උගුල්වල මේ සැරේ නම් අහුවෙන්න එපා. ඔහොම හෙමිහිට යමු. එතකොට ගොඩක් දුර යන්න පුළුවන්.(නදී)
ජය වේවා !!! (නදී)
මේ රට බේරා ගන්න පුළුවන් ඔබ තුමාට පමණයි. ඔබ තුමාට ජය තෙරුවන් සරණයි.(නදී)
අද පරිප්පු එක්ක බත් කන්නත් පුළුවන් එක්තරා පැලැන්තියකට පමණි. (ස)
අබ්දුල් දවස් දෙකක් බඩගින්නේ හිටියොත් බිරිදගෙනුයි, දරුවන්ගෙනුයි දේශප්‍රේමීකම හම්බ වෙයි.(නදී)
රාවණ ගතිය ඇත උපතේ සිටම ලැබී. ලංකර ගන්නෙපා වානර වඳුරු පොදී. සුන් කළ එදා බල බිඳලයි දිව්ව කොටි. රට ගොඩ නගමු එස්එෆ් විරු පියාණෙනි. රවී (ස)
එහෙමවත් කන්න පුලුවන් නම් ලොකු දෙයක්. ඒකවත් හොයා ගන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවා ඇතිද? ඒ උනාට ඇමතින්ට නම් එහෙම අය නැහයිලු. (ස)
පරිප්පුයි බතුයි හරි කන්න පුළුවන් නම් කොච්චර හොඳද? (නදී)
චානක, ඔයත් ජයවේවා, ජයවේවා කිය කියා අලියට ගැහුවා නේද?? (නි)
අද අපි සතුටින් ජීවත් වෙන්නේ ජනපති නිසා (නි)
පරිප්පුයි බතුයි කන්න තියෙනවා නම් මොක්කක්ද ප්‍රශ්නේ? මෙයාගේ බලාපොරොත්තුව ඔක්කොටම චයිනීස් කෑම දෙන්නද දන්නේ නෑ. (ස)
මොන පරිප්පුද මහත්තයෝ? ඒවා කන්නත් මන්දිර වලට යන්න එපැයි.පුදුම වැඩේ කියන්නේ මේ වාර්තා බලන අයත් ගල් ගැහෙනවා. (නි)
මහතාණනි, ඔබ පිළිබදව අපගේ අවංකවම බලාපොරොත්තුවක් ඇත.අවංකව රට ජාතියට සේවය කිරීමට තවත් ශක්තිය ලැබේවා! අපි දැන් ඔබ සමගයි.ඔබට ජය! රටට සුබ අනාගතයක් ! (නි)
නිදහස නැති නම් ඔහොම කියන්නේ කොහොමද? (ස)
කථාව ඇත්ත. බලය ලැබුණහොත් ඔබතුමාවත් රටට යහපාලනයක් ඇතිකරන්න. (නි)
අම්මේ! මිනිස්සු ගැනම හිතන කෙනෙක්.... (නි)
අනේ පරිප්පුයි බතුයි කන්න තිබ්බත් ලොකු දෙයක්. ඒකත් නැතුව ඉන්නේ. (ස)
පරිප්පුයි බතුයි කන්න තියනවා නම් හොඳයිනෙ. පරිප්පු කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. (ස)
අපි පරිප්පුයි බතුයි හරි කන එක වාසනාවක්. අද ලෝකයේ බොහෝ රටවල් කන්නේ අවම පෝෂදායක කෑම. (ස)
තාම බත් කන හරක් වැඩියි ජෙනරාල්තුමනි. (ස)
දැන් මේ දේ වත් නිදහසේ කන්න පුළුවන්. යුද්දේ තියන කාලේ සමහර මිනිස්සු කන්නේ නැතුව දවස් කීයක් ඝන කැලෑවල් වල ගත කරන්න ඇතිද? (ස)
අපි නම් 2500 න් කාලා ඉන්නවා. (ස)
වැඩිය ඉන්නේ බත් කන හරක් නම්, මොලේ තියනවා කියල හිතාගෙන ඔය ඉන්න ඉතුරු ටික දෙනා කන්නේ පිදුරු වෙන්න ඇති. (ස)
ඇයි දැන් ඔබතුමාත් අපි වගේම බඩගින්නේද ඉන්නේ?? (නි)
අපිට ඉතින් පරිප්පුයි, බතුයි හොඳටම ඇති. (ස)
හරි මඟ යන්න බුද්ධිය ලැබේවා, ඔබට ජය ශ්‍රී. (ස)
ජෙනරාතුමනි, ලංකාවේ වැඩි දෙනෙක් බත් කන අහවල් ජාතියේ අය. කවදා හරි ඔය කට්ටියට මොළය පෑදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා (නි)
ආයෙත් ඇතුලට යන්න ඕන වගේ.(නදී)
බලයට එන්න පෙර කවුරුත් දුක දනිති.බලයට ආ පසු ඒවා මතක නැත.ඉන්පසු මුල් පුටුව වෙනුවෙන් පොර බදති. රැවටුණු එකා හැමදාමත් ඡන්දෙ දෙති! (නි)
අපි ඔයාට හරි කැමතියි.ඒ වුණාට ඔයාගේ කතාවට අකමැතියි (නි)
ඔබතුමා හොඳ හමුදා නිලධාරියෙක්. කිසිම සැකයක් නැහැ. නමුත් හොඳ දේශපාලකයෙක් වෙන්න අපහසුයි කියලයි මට හිතෙන්නේ. අතිගරු ජනාධිපතිතුමන් මේ රට භාරගත්තේ ඉතාමත් අභියෝගාත්මක වකවානුවක. අපි දන්නවා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමට පෙර සෑම මැතිවරණ රැලියකම දේශපාලන නායකයින් ජනතාවට ලබාදෙන මූලික පොරොන්දුව වන්නේ මේ රටට සාමය උදා කරනවා කියන එක. නමුත් වසර ගණනාවක් යුද්ධය නොයෙකුත් කරුණු කාරනා මත ඇදී ඇදී ගියා. නමුත් මෙතුමා අවංකව මේ රට බේරාගැනීමට කැපවුණා. ඒ කියන්නේ මෙතුමා යුද්ධය විකුණාගෙන කෑවේ නැහැ. දේශපාලන වාසියට රට පාවලා දුන්නේ නැහැ. ඒ වගේම කලක් අගනගරයට පමණක් සීමාවුණු සංවර්ධනය අද මුලු රටටම එකසමානව සිදුවෙනවා. ජීවන වියදම ඉතාමත් ඉහළ බව අපිත් පිළිගන්නවා. එසේ නම් මෙතුමාගේ යහපත් හා දක්ෂතාවයන් තමා සැමවිටම ඉදිර්යෙන් තිබෙන්නේ. ඒ නිසා මෙතුමා හැරෙන්න වෙනත් දක්ෂ / දේශපාලන පළපුරුද්ද බහුල නායකයෙක් වර්තමානයේ අපිට නැතැයි කියා මා ඉතා තදින්ම විශ්වාස කරනවා. මා සිතන්නේ බහුතරයක් ලාංකිකයින්ගේ අදහසත් මෙයයි. (නි)
මමත් මේ යන ක්‍රමයට නම් ඒ තරම් කැමති නැහැ තමයි. ඒ වුණාට නිදහස තියෙන හින්දා නේද අපි මෙහෙම හරි ලියන්නේ? බොරුද කියලා හිතන්නකෝ. අයිතිය නැහැ කියලා කිවුවට එහෙම දෙයක් නම් අපිට පෙනෙන්නේ නැහැ (නි)
සමහරු කියති බත් කන කට්ටිය ගැනම ..... අාසයි දැන ගන්න ඔවුනුත් කන දෙයම..... ලියන්නට කලින් දෙවරක් නොසිතාම... ඔබමයි ලෝකයට දෙන්නේ ,ඔබේ මෝඩකම.! (නි)
මෙය දේශපාලනයේ ස්වභාවයයි.මේ හැමෝම එන්නේ රට ගැන හිතලාමද? ජනතාවට මෙච්චරම ආදරේද? රටක් පාලනය කිරීමට රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් අවශ්‍ය වේ.පරිණතභාවය වැදගත් වේ.ඒ හැම දෙයටමත් වඩා මිනිසුන්ට ගරු කොට ආමන්ත්‍රණය කරන ආකාරය ඉතා වැදගත්.රටට ජාතියට වැඩ කරන්න දේශපාලනයම අවශ්‍ය නැත.යුද්ධය වනාහී සාමුහික ජයග්‍රහණයකි.එය කාගෙවත් පුද්ගලික ජයක් නොවේ.එයට හොඳ නායකත්වයක්ද අවශ්‍ය වේ.එය කරපින්නා ගෙන බලයට ඒමට උත්සාහ කිරීමද බල තණ්හාවයි.මෙහි අදහස් දමන සමහරු අති පණ්ඩිතයන් ලෙස අනෙක් අයට පරිභව කරන්නේ හරකුන් නමින් අමතමිනි.තමුන්ට අනෙකෙකුගේ මතවාදයක් බුද්ධිමය වශයෙන් පරාජය කිරීමට බැරි වූ විට හරසුන් වචන යොදා පරිභව කිරීම සතුන්වත් නොකරන පහත් දෙයකි.මට කවුරු දේශපාලනය කළත් කම් නැත.සරත් ෆොන්සේකා මහතාට මගේ උපරිම ප්‍රණාමය ඔහු යුද්දයේදී කළ කාර්ය භාරය උදෙසා. (නි)
සමහර මිනිස්සු ලියනවා සරත් ෆොන්සේකා මැතිතුමා එක්ක තියන තරහට වගේ. ටිකක් කල්පනා කරලා බලන්න අපේ ලංකාව ඉන්න තැන.මොනතරම් ඇමති මණ්ඩලයක් ඉන්නවද ?මොනතරම් නාස්තියක් කරනවද?හොරකම දුෂණය... රටේ නීතියක් නැහැ.මේකට කෙලින් කතා කරන්නේ ඔබතුමා පමණයි. ජයවේවා! ජයවේවා! ජයවේවා! (නි)
ෆොන්සේකා මහත්තයා රටට වැඩ ඇති කෙනෙක් (නි)
ෆොන්සේකා මහතාට හොඳ මොනවද කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)
ෆස්රුල් ගෆුර්ට එක දිනක තමන්ගේ වියදමට සමහර නායකයන් වෙන්කර ගන්නා මුදල් ප්‍රමාණය ගැන වැටහීමක් නැහැ වගෙයි (නි)
මුලින් අපේ නායක තුමාට සර් කියල ගරුස රුව කතා කළා. පසුව නිකන් නම කියන්න පටන් ගත්තා. ආපසු නම් නායක තුමා ගාවට කිට්ටු වෙනවා බොරු. හමුදවාවේ සිටිය දීත් කැලේ සිටින සත්තුන්ගේ නම් වලින් තමා කොල්ලන්ට කතාකරන්නේ.(නදී)
අනේ මහත්තයෝ වැදලා කියන්නම්, විවේක සුවයෙන් ගෙදරට වෙලා හිටියොත් නේද හොද. එතකොට තමයි ඔබ හොද යුද වීරයෙක් හැටියට සලකන්නේ.(නදී)
ලෙස්ලි ලෝව් - මාගේ අදහස් වලින් මා කියන්න උත්සාහ කරන්නේ අතිගරු ජනාධිපතිතුමන්ගේ වියදම අඩුය බඩුමිල අපට දැරිය හැකි අයුරින් ඇත හෝ කියා නොවේ. නමුත් වර්තමානයේ අපිට ඉන්න හොඳම නායකයා එතුමාය. සංජීව ඇමරිකාව ගේ - අදහස් ටිකක් කියවා බලන්න කිසිවෙක් රටට ආදරයට හෝ ජනතාවට ඇති ලැදිකමට හෝ දේශපාලනයට එන්නේ නැහැ. නොයෙක් නොයෙක් දේවල් දේශපාලනයේ සිදුවෙනවා. මේ කෑගහන මහත්වරුන් හෙට දිනයේ ඒ ආසනයේ වාඩි වුනා කියල ජනතාවට සියලුම නිදහස ලබා දේවිද? ෆොන්සේකා මහත්මයා හිටපු හමුදා නිලධාරියෙක්. ටිකක් හිතල බලන්න. මෙතුමා හෝ වෙනත් පක්ෂයක නායකයෙක් ජනාධිපති වුන දාට ශත පහක් වත් අපතේ නොයවා ජනතාවට අවංකවම සේවය කරයිද? කරුණාකරලා වෙනස වටහා ගන්න. (නදී)
මේ අයට පිස්සුද? (නදී)
ඔවු මාලිංග, වෙන්න පුළුවන්. හැබැයි ඒ ඔයාගේ ජාතියේ අය. (නි)
ඒකත් ඇත්ත තමයි (නි)
ෆොන්සේකා මහත්තයෝ ආණ්ඩුව පෙරලා ජයගන්නන ම් ප්‍රබල විපක්ෂය වන යු.එන්.පියට කොකා පෙන්නලා වැඩක් නැහැ. තනිව තරග කලොත් සදාකල් ප්‍රබල ආණ්ඩුව පෙරලන එක හීනයක් තමා.(නදී)
මෙතුමාට මුලදී මං කැමත්තෙන් හිටියා. නමුත් දැන් මගේ මනාපයක් නැහැ. නමුත් රට වෙනුවෙන් කළ උදාර මෙහෙයට ගරු කරනවා (නි)
ඵස්රුල් මහත්මයා මගේ අදහස සංස්කරණය වෙලයි වැටිලා තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වන හරවත් සංවාදයක් ගොඩ නගන්නට හැකියාවක් නැහැ. (නදී)
අර ගොල්ලන් ට කඩේ ගියා.(නදී)
සරත් ෆොන්සේකා මහතා ගැන යමක් ලියන්න අපට තහනම්දෝයි සිතෙනවා (නි)
මෙහෙම කතා කලාට දුවල දෙන්නම ඉන්නේ ඇමරිකාවේ. (නදී)
විශ්වාසයක් තියන්න පුළුවන් එකම නායකයාත් ජෙනරල් ෆොන්සේකා පමණි. (නි)
හමුදාවක් පාලනය කළ විදියට දේශපාලනේදී හැසිරෙන්න බැහැ කියලා තේරෙන්න ඉතින් අතට බලයක් ලබෙන්නම ඕනෑ.මමත් මගේ ඡන්දෙ මෙතුමාටම දෙනවා ඊළග පාර දුෂණ වංචා නැති රටක් ගොඩ නගන්න (නි)
ඉස්සර ජෙනරල් සරත් ෆොන්සේකා කතා කරන්න දන්නේ නැහැ කියලා පපුවට තඩි බාගෙන කෑගහපු අයට දැන් ඔන්න සත්‍ය තේරිලා.අද ජෙනරල් සරත් ෆොන්සේකා බලයට අාවා නම් මේ කල දසාව උදාවෙන්නේ නැහැ කියලා දුක් වෙනවා. (නි)
අනේ අම්මපා! මෙතන අදහස් දාන මිනිස්සු අැත්තටම මොනවා කන උදවියද කියලා හිතනවා. (නි)
අද වැලි කොට්ට දාලා මුළු කොළඹම පාරවල් අවහිර කරලා.අඩියෙන් අඩිය ,පියවර මැන මැන පැය ගානක් පාරේම දුක් විදින මිනිස්සු විදවන්නේ රට වෙනුවෙන්ද? (නි)
වෙන මොනවත් ඕනෑ නැහැ. අපේ අනාගත දරුවන් කුඩු වලින්,ස්ත්‍රී දුෂණ වලින්,ළමා අපචාර වලින්,හොරකමෙන් බේරා දෙන්න පුලුවන් නම් ඒ හොදටම ඇති. (නි)
ජෙනරල් සරත් ෆොන්සේකා කියන්නේ කියන දේ කරන,කරන දේ කියන අවංක නායකයෙක්.අපිට ඒ ගැන ඉර හද වගේ විශ්වාසයි. (නි)
ජෙනෙරල් සරත් ෆොන්සේකා නැත්නම් දිනයි යුද්ධය.එදා ඔය සමහර දේශප්‍රේමීන් හිටියා නම් ඇද යට රිංගයි. (නි)
කෝ දැන් පොරොන්දු දුන් අය ඒවා ඉෂ්ට කළාද? (නි)
පරිප්පුයි බතුයි කන්න තියෙනවා නම් ඒ හොදටම ඇති.එහෙමවත් කන්න නැති එකයි ප්‍රශ්නේ. (නි)
අපේ දරුවන්ට අපි අරන් එන දුරස්ථ පාලකයත් "රාජසන්තක" කරනවා.ඒත් ලොකු ලොකු පවුල් වල දරුවන් සන්තෝෂ කරන්න මහජන මුදලින් කෝටි 10-15 ලැම්බෝගිනි,ෆෙරෙර්රි,පොර්චේ,... කාර් ගුවන් යානා ගෙනත් දෙනවා. (නි)
අනේ අපිට ඒකවත් නැහැ (නි)
පරිප්පුයි බතුයිවත් නැති එකනේ මහත්තයෝ ප්‍රශ්නේ (නි)
මම මී කල්පනා කොලේ මීලග ජනාදිපතිවරණයේදී මොකක්ද කියන්නේ කියල.විධායක ජනාධිපති ධූරය නැතිකරනවා කියනවද ? ඇමති මණ්ඩලය 30ට අඩු කරනවා කියනවද / (ස)
වෙන කිසි දෙයක් ඕන නැහැ.රටේ නීතියක් තිබෙනවද?(ස)
මෙන්න තිලක් ඩුබායි අහනවා මෙතන අදහස් දාන අය කන්නේ මොනාද කියල.එතකොට තමුන් කන්නේ මොනාද? අහල තියෙනවද සද්දේ වැඩි හිස් භාජනවල කියලා කතාවක්?(ස)
තමුන්නාන්සේත් පරිප්පු කෑවා. නේද පස්සෙ තමයි කෑවෙ පරිප්පු බව දැනගත්තෙ. කොහොමත් පරිප්පුවත් නැතුව තණකොල කන අයත් කමෙන්ට්ස් දාල තියෙනවා (ස)
අනේ මන්ද පිස්සුද කියල (අ),
අපේ රටේ දැන් තියන ප්‍රශ්නවලට කාටවත් ඉක්මන් විසඳුම් දෙන්න අමාරුයි. නමුත් පොන්සේකා මහතා ඔබට රට හදන්න පුළුවන් ඉක්මනට. නමුත් ඔබ යන මග වැරදියි. අර 88-89 සිදු වුනා වගේ කණ්ඩායමක් හදල ලියුම් කැලි දීල වැරදි කරන අයගේ කොටස් හන්දිගානේ තියන්න. මුලින්ම බෝර්ඩ් කරේ දාගෙන ප්‍රදර්ශන කරවන්න. මේකෙන් රටේ වැරදි වැඩ 90% විතර අඩු කරන්න පුළුවන් වගේම ඔබතුමා වීරයෙක් වනවා. ඊට පස්සේ හැම අවුරුද්දකම ඔයාගේ කට්ටිය මහා සමරුවක් හැම අව්රුද්දකම පවත්වාවි (අ)
මෙතුමාට තියෙන්නේ වෛරය විතරයි කියලයි මම නම් හිතන්නේ. එය එසේ නම් වෛරය දේශපාලනයට සුදුසුකමක් වෙන්න බැහැ. (නි)
සිංහල.මුස්ලිම්.ද්‍රවිඩ.බර්ගර් සහ තවත් ජාතින් සිටින අප රටේ සියලු ජාතීන්ගේ දුක සැප දන්නා නායකයෙක් තමයි රටට අවශ්‍ය වන්නේ (නි)
අනේ පරිප්පුවත් නැහැනේ අපිට (නි)
ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීම මෙතුමාගෙන් කරගැනීම කාලෝචිත වේ. (අ)
රටේ මේ තිබෙන විනාශයෙන් රට ගොඩ ගන්න පුලුවන් නම් ප්‍රබාකරන් නැගිටලා අාවත් අපි නම් අපේ සහයෝගය දෙනවා. (නි)
හොදි නැතුවම පරිප්පු කවන්න තියෙන්නේ (නි)
මේ යන ක්‍රමයට ඉදිරියේදී රටේ වීරයෙක් බිහි වේවී. ඒ ගැන වැඩිය හිතන්න එපා (නි)
අායෙත් අමාරුවේ වැටෙන්නද මන්දා හදන්නේ. (නි)
ඔබ බලය ගත්තොත් බතුයි,පරිප්පුයි වලට වැඩිය දෙයක් අපිට ලැබෙයිද? (නි)
රටට ආදරේ කරන්න පුළුවන් වෙන්නේ අනෙකෙකුගේ ඉත්තෙක් නොවී හිටියොත් තමයි. (නි)
හැම පක්ෂයකම පාර්ලිමේන්තුවේ සිටින අයත් ,දානපතියනුත්,ඔවුන්ගේ ගෙවල් වල සිටින සතුනුත් විදින සැප සම්පත් ,මේ රටේ නැති බැරි අය නොවිදිනා බවත්,ජිවත් වීම සඳහා මහා සටනක් කරන බවත් ඔබතුමා හොඳින්ම දන්නවනේ. එබැවින් කෙසේ හෝ ඇති හැකි අය බවට පත්වූවන් සුරසැප විඳිමින් පසුවෙද්දී නැති බැරි කෙනාට තුන් වේලම කා ජිවත්වීමට ක්‍රමයකුත් , ගමේ කෙනාට රාත්‍රී නවයෙන් පසු යාමට ලංගම බස් රථයකුත්, අසනීප වී කරෙන් රෝහලට එන කෙනාට ගමන් කළ හැකි පාරකුත්, අධ්‍යාපනයේදී ගමට වගකියන විදුහල්පතිවරයෙකුත් විදුහල්පතිට මෙල්ල කළ හැකි ගුරු මණ්ඩලයකුත් දේශපාලන අැම්බට්ටයන්ගේ බලපෑම් වලින් තොර පාලන ක්‍රමයකුත් මේ සිංහල රටේ ,සිංහල, දෙමළ. මුස්ලිම් ඇතුළු සෑම පුරවැසියෙකුටම ලබා දෙන්න උත්සාහ කරන්න. යුද්ධය දිනවීමට කටයුතු කළා සේම ඔබතුමාට උත්සාහ කළොත් මෙයද කළ හැකියි. (නි)
කොයි කව්රුත් එන්නේ චයිනීස් දෙනවා කියල තමයි...හැබැයි අන්තිමට දැන් තියන දේත් නැතිවෙන එක තමයි වෙන්නේ... (ස)
මොනවා කීවත් නිසි තැනට වැටුනාම බත්තුත් නෑ පරිප්පුත් පෙන්නෑ. තමා ලබා ගත්ත ගෞරවය තමන් ළග නැති කරගන්න හදන එක. (ස)
ඔයාගෙන් කාපු පරිප්පු වල රස තාම අපිට මතකයි.(නදී)
ඔයා අාවොත් අපිට කන්න වෙන්නේ ලුණුයි බතුයි නේ. ඒක හින්දා පරිප්පුයි බතුයි අපිට හොදයි. (නි)
තිලක් ඩුබාය් - ඔයාට ඕනෙම දෙයක් ලියන්න පුළුවන් ඒක ඔයාගේ නිදහස. නමුත් "ජෙනෙරල් සරත් ෆොන්සේකා නැත්නම් දිනයි යුද්ධය" කියන එක කවදාවත් මම හෝ කිසිම කෙනෙක් පිළිගන්නේ නැත. අතිගරු ජනාධිපතිතුමා නැත්නම් අපිට මේ යුද්ධය කිසිදාක දිනන්න බැරි වෙනවා. පසුගිය අවුරුදු 30 ක්ම අපිත් ජීවත් වුනේ ලංකාවේ. අපි දන්නවා මේ යුද්ධය කොහොමද කෙරුනේ කියලා. රටේ නායකයාගේ එඩිතරභාවය හා විදේශ බලවේග වලට යටත් නොවේ ගන්නා ලද තීරණ, නිවැරදි නායකත්වය, නිසි මග පෙන්වීම. අවස්තානොචිත තීන්දු තීරණ වගේ දේවල් තමා ඉවහල් වුනේ. අපිට මීට පෙරත් අතිදක්ෂ හමුදා නිලධාරීන් හිටිය (ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෙකඩුව-මේජර් විජය විමලරත්න) වගේ තවත් බොහෝ නිලධාරීන් නමුත් එවකට හිටපු නායකයින්ට ඇය් බැරිවුනේ මේ යුද්ධය දිනන්න? ඒ කලේ එල්.ටී.ටී එකට මේ වගේ නවීන පන්නයේ ආයුධ තිබුනෙත් නැහැ. පහසුවෙන් දිනන්න තිබුන. එසේනම් අපිට එදා නොතිබුනේ එඩිතර නායකත්වයක්. නමුත් 2009 වනවිට අපිට විශිෂ්ට නායයෙක් හිටිය ඒ නායකත්වය තම ප්‍රධානම හේතුව වුනේ මෙම ජයග්‍රහණයට. (ස)
කල්පනාවට තුමනි ,ජයශ්‍රී !!!! (ස)
නිවැරදි නායකත්වය, යුද්ධය දිනවීමට මුලික කාරණාව. ෆස්රුල් ගෆූර් ඔබ හරි. (ස)
ඔබ පොරොන්දු දේසපාලකයෙක් වෙන්න එපා. නිහඩව ගමන යන්න. යූඑන්පී ට අනාගතයක් නැති නිසා ඔබට වාසනාව පෑදේවි (ස)
ඔබට සදා ජය. අපි ඔබ සමඟයි. (ස)
ආවට කමක් නැහැ. සෑම ජාතියටම එක විදියට සලකන්න. (ස)
කතා කරන්ට නිදහසක් නැත්නම් ඔයාට ඔහොම කතා කරන්ට පුලුවන්ද..? වෙනදට වැඩිය අද ඕනෑම දේකට නිදහස තියෙනවා. මිනිස්සුන්ට පිලිගන්ට පුළුවන් දෙයක් කියන්න. (ස)
මෙතුමාගේ විස්තර හුඟක් මම දන්නවා. මුදලට රට ජාතියට අවංක නායකයෙක්. මෙතුමාගෙන් සේවය ගන්න ලංකාවේ මිනිස්සුන්ට තාම වාසනාව නැහැ. (ස)
ෆස්රුල් ගෆූර් - කටාර් ඔබ වැනි කරුණු පැහැදිලිව දකිනා ලාංකිකයන් බොහෝ අඩු කාලයක්. ඔබගේ අදහස් මම නිතර කියවනවා. ඔබ සෑම විටම නිවැරදි ලෙස මධ්‍යස්තව ඔබගේ අදහස් පල කරනවා. ඔබට දහස් වරක් ස්තුතියි. (ස)
මේ රටේ කතා කිරීමේ නිදහස,අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස,රැස්වීම් පැවැත්වීමේ නිදහස,මාධ්‍ය නිදහස නැහැ කියල,ඔක්කොම ඒ රැස්වීමේ සිට කියනවා .කාටද මේ කියන්නේ.(දිල්)
මොනාලිසා,බොහොම ස්තුතියි ඔබගේ කීමට. (නි)
විවිධ නම් වලින්, විවිධ ජාතියකයින් වශයෙන් ,විවිධ රටවලින් විවිධ ලෙය අදහස් දානවා.ඒ අදහස් සියල්ලෙන්ම කියැවන්නේ අසාධාරනය සාධාරනීකරණය කිරීමක් කියලයි මට නම් හිතෙන්නේ (නි)
ඉස්සර රුපවාහිනී නාලිකා වලින් අපිට පෙන්වපු, ත්‍රස්තවාදීන්ගෙන් අල්ලගත්තු "රත්තරන් ටොන් දාස්" ගානට මොකද වුනේ? (ස)