IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ආසාදිතයන් 53 දෙනෙකු අද හමුවීම සුළුවෙන් තකන්න බැහැ


(මනුල වික්‍රම)

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සමාජය තුළ කොරෝනා වයිරසයේ විෂබීජ පැතිරීම තවදුරටත් වැළැක්වෙන ආකාරයට කිරීමට කටයුතු යොදන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(01) පැවසීය. අද දිනයේදී හමවූ කොරෝනා ආසාදිතයන් 22 ත් සමගින් පැය 24 ක් තුළ කොරෝනා ආසාදිතයන් 53 දෙනෙකු හමුවීම බැරෑරුම්ව සිතිය යුතු බවත්, ඉකුත් අප්‍රේල් 30න් පසු මේ දක්වා සමාජයෙන් කෝවිඩ් ආසාදිතයින් හඳුනා නොගත් බවත් එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා  කරගැනීමට පියවර ගන්නා බවත් යුද හමුදාපතිවරයා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ  සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව ඉදිකිරීම් රැසක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

‘‘විදේශයන්හි සිටින සියලු ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ආ යුතුයි. ඒත් එය සිදුකරන්නේ ඉතාමත් පැහැදිලි ක්‍රමවේදයකට අනුව. ගුවන් යානයක එකවර පුද්ගලයින් 200 ක් - 300 ක් රැගෙන එනවා. ඒ තත්වය තුළ රෝගය පැතිරීමේ අවදානම වැඩි නිසා යම් පාලනයකට යටත්ව මෙම සංඛ්‍යාවන් වෙනස් කිරීමට සිදුවේවි.“

“විදෙස් රටවල සිටින මෙන්ම ලංකාවේ ජනතාව ද මේ තතත්වය තේරුම් ගතයුතුයි“ යයිද යුද හමුදාපතිවරයා පැවසීය.

“අද දිනයේ දී ආසාදිතයන් 53 දෙනෙකු හමුවීම සුළුවෙන්  තකන්න බැහැ. අපි අප්‍රේල් 30න් පසු මේ දක්වා සමාජයෙන් කෝවිඩ් රෝගීන් වාර්තාවීම නවතා දැම්මා. ඒ වගේම ඒ තත්ත්වය තවදුරටත් ඉදිරියට පවත්වා ගතයුතුයි.“

“කනගාටුවට කරුණ නම් අපේ ජනතාව ඇතැම් ස්ථානවල ගැවසෙන්නේ කෝවිඩ් සදාකාලිනව තුරන් කළා වගේ. මේ වන විට සමාජයේ කෝවිඩ් පැතිරීම් සිදුවන්නේ නෑ. අපි මේ තත්ත්වය උදාකරගත්තේ බොහෝ කැපවීම් කරලා. ලෝකයේ කෝවිඩ්-19 පාලනය  කිරීම අතින් සාර්ථකම රට ශ්‍රී ලංකාව. ඒත් පිටරටින් එන අයගෙන් බෝවීම් වාර්තාවන නිසා තමා අපේ නම ඉහළින් සඳහන් නොවන්නේ. මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා පෙර සේම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා‘‘ යැයි ඒ මහතා ප්‍රකාශ කළේ ය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී, රාජ්‍ය සේවය සඳහා රජයෙන් බඳවාගන්නා උපාධිධාරීන්ට නායකත්ව පුහුණුව ලබාදීමේ දී  500 කට පමණ දෙනාට නවාතැන් ගතහැකි නේවාසික සංකීර්ණයක්, පැසිපන්දු ක්‍රීඩාංගණයක් හා ගජබා රෙජිමේන්තු මධ්‍යථාන සේනාවිධායක සඳහා වන නිල නිවාසයක් ද විවෘත කිරීමට එක්වූයේය.  ගජබා රෙජිමේන්තු භූමියේ සකස් කෙරෙන ක්‍රිකට් තණතිල්ල  ද මෙහිදී ඒ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

එම නේවාසික සංකීර්ණය, උපාධිධාරීන් පුහුණුකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ යුද හමුදාව සමඟ සහයෝගිතා පුහුණුවකට පාකිස්ථානයෙන් පැමිණීමට නියමිත හමුදා අංශ සඳහා නවාතැන් ලබාදීමටත්, ගජබා හමුදා සාමාජිකයින්ගේ නේවාසික අවශ්‍යතා වෙනුවෙනුත් භාවිත කෙරේ.



අදහස් (2)

ආසාදිතයන් 53 දෙනෙකු අද හමුවීම සුළුවෙන් තකන්න බැහැ

Dewa Tuesday, 01 September 2020 11:34 AM

ඔබතුමා හරි.. මේ වෙලාවේ වෙන්න ඕනෑ.. ආයෙමත් පී.එච්.අයි. මහත්වරු මේ ගැන රටේ ජනතාවට පෙරපුරුදු නීතිගත කරන්න. නැතිනම් රට අනතුරේ.

:       0       153

pradeepa Tuesday, 01 September 2020 01:01 PM

ඡන්දෙට කළින් නම් කොරෝනා වලට කිසිම බයක් තිබුණේ නැහැ. නිලධාරීන් නම් දැන් ආයෙත් කොරෝනාවලට බයවෙලා.. විදේශීය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට දැන් උනන්දුව අඩුයි වගේ...

:       108       33

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1467 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 2966 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 853 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2248 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1198 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 5932 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 402 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 665 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1899 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site