
(නිමල කොඩිතුවක්කු)
ආසියා - පැසිෆික් ප්‍රතීතන සහ සහතික කිරීමේ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකාවේ කෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකාවේ තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු පද්ධතියේ ප්‍රතීතනය සහ සහනික කිරීමේ මුලික මූලධර්ම ඉදිරියට ගෙන යාමේ අරමුණින් පිලිපීනයේ පිහිටි ආසියා - පැසිෆික් ප්‍රතිත්‍යා සහ සහතික කිරීමේ කොමිසන් සභාව සහ ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර මින් පෙර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබ ඇත. වසර 05 ක කාලයක් සඳහා අත්සන් කරන ලද එම අවබෝධතා ගිවිසුමේ වලංගු කාලය මේ වන විට ඉකුත් වී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබේ. වෘත්තීය අධ්‍යාපනයට අදාළව කලාපීය සබඳතා සහ සහයෝගය ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනයේ උන්නතිය සඳහා ආසියා - පැසිෆික් ප්‍රතීතන සහ සහතික කිරීමේ කොමිෂන් සභාවේ සහාය ලබා ගැනීම, වෘත්තීය පුහුණුව සපයන ආයතන සඳහා ආසියා - පැසිෆික් ප්‍රතීතන සහ සහතික කිරීමේ කොමිසන් සභාවේ ප්‍රතීතනය සහ සහතික කිරීම ප්‍රවර්ධනය කිරීම, ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාව සඳහා ප්‍රතීතන ජාතික සම්බන්ධීකාරකවරයෙකු පත් කිරීම, අනාගත ප්‍රතීතන ක්‍රියාකාරකම් සඳහා ආසියා - පැසිෆික් ප්‍රතීතන සහ සහතික කිරීමේ කොමිෂන් සභාවේ ක්‍රියාපටිපාටි සහ ප්‍රමිතීන් පිළිබඳව පුහුණුව ලබා ගත හැකි දේශීය ප්‍රතීතන කරුවන් හඳුනා ගැනීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීම යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මඟින් අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එම අවබෝධතා ගිවිසුමට දෙපාර්ශ්වය විසින් අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd