
(නිමල කොඩිතුවක්කු)
ජලසම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහන (උප වැඩසටහන 2) සඳහා මූල්‍ය පහසුකම් සලසා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම පිණිස උප වැඩසටහන් 05 ක් යටතේ ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 620ක ප්‍රතිපත්ති පාදක ණය ලබා ගැනීම සඳහා 2026-03-16 දින පැවති අමාත්‍ය
මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම ණය මුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් යොදා ගනිමින් ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහන - උප වැඩසටහන 2 ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ජල සම්පත් කළමනා කරණයේ පවතින දුර්වලතා, මෙහෙයුම් හා මූල්‍ය අකාර්යක්ෂමතා, දේශගුණික අවදානම් වෙත නිරාවරණය වීම, සමාජයේ සියලු කොටස් ඇතුළත් කර ගැනීමේදී පවතින අඩුපාඩු හා පාර්ශ්ව කරුවන් අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම යනාදී අභියෝගයන් පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග මඟින් විසඳීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වීම එම වැඩසටහන මඟින් අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මඟින් ලබා දෙනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක් සහ සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මඟින් ලබා දෙනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 50ක් වශයෙන් එකී ප්‍රතිපත්ති පාදක මුල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම් පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd