IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ආසියානු දැල්පන්දු ශූරතාවලියේ පරාජයට සියලූ දෙනා වගකිව යුතුයි

ශ්‍රී ලංකාවේදී පැවැති ආසියානු දැල්පන්දු ශූරතාවලියේ පරාජයට දැල්පන්දු ක්‍ෂේත‍්‍රයේ සියළු පාර්ශ්වයන් වගකිව යුතු යැයි ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ කමිටුව කියයි. කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් පත්කරන ලද මෙම විමර්ශන කමිටුවේ සභාපතිධූරය දැරුවේ කී‍්‍රඩා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සජිත් ජයලාල් මහතාය.

බී.ඞී.එල්. කුලරත්න, තමරා ලියනගේ, ලක්‍ෂ්මී වික්ටෝරියා හා ලක්මිණි සමරසිංහ යන මහත්ම මහත්මීහු කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කළහ.

කොළඹදී පසුගිය වසරේ (2012) සැප්තැම්බර් මාසයේදී පැවැති හත්වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකාව සිංගප්පූරුවට එක් ලකුණකින් පරාජයවීම නිසාම ආසියානු කුසලාන දිනා ගැනීමේ අපේක්‍ෂාවද බිඳ වැටුණි

ආසියානු දැල්පන්දු කුසලාන දිනා ගැනීමේ දැඩි විශ්වාසයෙන් පසුවූ කී‍්‍රඩා අමාත්‍යාංශය ඒ වෙනුවෙන් ප‍්‍රවර්ධන වැඩසටහන් රැුසක්ද කි‍්‍රයාවට  නංවා තිබිණ.

ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සජිත් ජයලාල් මහතා පැවසුවේ පරාජයට හේතුවූ කාරණා ගැන කතා කිරීමේදී  එක් පාර්ශ්වයකට පමණක් වගකීම් පැවරිය නොහැකි බවයි.

තේරීම් කමිටුව, එවකට කටයුතු කළ අතුරු කමිටුව, පුහුණුකාරිණිය, සහය පුහුණුකාරිණිය, ශ්‍රී ලංකා කණ්ඩායම හා තාක්‍ෂණික කමිටුවේ දෝෂ හා අඩුපාඩු ගණනාවක්ම විමර්ශන කමිටුව විසින් නිරීක්‍ෂණය කරනු ලැබ ඇතැයිද ජයලාල් මහතා පැවසීය.

”විමර්ශනයේ අරමුණ වූයේ මෙම පරාජයේ අඩුපාඩු හඳුනාගෙන ඉදිරියට එවැනි දෙයක් ඇති නොවීමට  වගබලා ගැනීම සඳහා උපදෙස් දීමයි. කිසිවෙකු වැරදිකරුවන් කරලා දඬුවම් දෙන්න  කියන්න අපි උත්සාහ ගත්තෙ නෑ. ඒක අපේ වගකීමක් නොවෙයි”  යයිද ජයලාල් මහතා පැවසීය.

තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සුදානම් කිරීමේදී කළ වියදම් ඉස්මතු කර දැක්වීමට කමිටු වාර්තාවෙන් උනන්දු නොවූ බවත් ජයලාල් මහතා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ විමර්ශන කමිටුවේ සාමාජික ලක්‍ෂ්මී වික්ටෝරියා මහත්මිය පැවසුවේ ආසියානු දැල්පන්දු කුසලාන සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදානම් කිරීමේදී අනුග‍්‍රාහකයන් විසින්  ඕස්ටේ‍්‍රලියාවේ පුහුණු සංචාරයක් සඳහා රුපියල් මිලියන පහකට වැඩි මුදලක්ද, ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම සඳහා තමන් රුපියල් මිලියන පහකට වැඩි මුදලක් වැය කර තිබෙන බවයි. ඒ ක‍්‍රීඩා අමාත්‍යංශය ජාතික දැල් පන්දු සංචිතයට කළ වැය කිරීම් වලට අමතරවය.

කමිටු සාමාජිකා තමරා ලියනගේ මහත්මිය පැවසුවේ ප‍්‍රධාන පුහුණුකාරිණියගේ අතපසුවීම් රැුසක් කමිටුව විමර්ශනය කර තිබෙන බවයි.

ආසියානු කුසලාන අවසන් මහ තරගයේ තීරණාත්මක අවසන් මොහොතේදී පුහුණුකාරිණිය කිී‍්‍රඩිකාවන් ආදේශ කිරීමේදී නිසි වැටහීමකින් තොරව එය කර තිබෙන බව පෙනී යන බව පැවසූ තමරා ලියනගේ මහත්මිය  පළපුරුදු  පුහුණුකාරිණියකගෙන් සිදු නොවිය යුතු  අඩුපාඩු ගණනාවක්ම තම විමර්ශනයේදී හඳුනාගත් බවත් පැවසුවාය.

ඇය එහිදී වැඩිදුරටත් පැවසුවේ අවසන් මහ තගරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩිකාවන්  හත් දෙනා තරගයට පෙර දිනයේදී දැනුම් දීමට  කටයුතු නොකිරීමෙන් සංචිතයේ කී‍්‍රඩිකාවන්ගේ මානසික ඒකාග‍්‍රතාවය බිඳ වැටීමටද හේතුවක් වු බවයි.  
තරඟ නැරඹීමට පැමිණ සිටි ඔවුන්ගේ හිතවත් කී‍්‍රඩිකාවන් ඇතුළු පවුලේ ඥාතීන් සමග කතා කිරීමට තහනම් කිරීමෙන් ඔවුන් දුෂ්කරතාවයට පත්ව තිබෙන බවත් එය පුහුණුකාරිණියකට නොගැලපෙන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩිකාවන්ගේ විනය කඩ කිරීම් ගැනත් කමිටුව  විමර්ශනය කළ බව පැවසූ විමර්ශන කමිටු සභාපතිවරයා එහිදී කී‍්‍රඩකිවන් 14 දෙනකු  සාක්‍ෂි විමසීම් සඳහා කැඳවූ බවද පැවසීය.

එවකට දැල්පන්දු අතුරු කමිටුවේ සභාපති ධූරය දැරූ තමරා ධර්මකිීර්ති හේරත්, තේරිම් කමිටු සභාපතිනි සුරංගනී ජයෙන්ද්‍ර, ප‍්‍රධාන පුහුණුකාරිණි හයිසින්ත් විජේසිංහ යන මහත්මීන් ඇතුළු නිලධාරීණියන් හා කී‍්‍රඩිකාවන් පිරිසක්ද කමිටු විමර්ශණයේදී සාක්‍ෂි විමසීම සඳහා කැඳවා ඇත.

පුහුණුවීමේ තරගාවලියකට යැයි කියමින් මාස දෙකහමාරකට වැඩි කාලයක්  ගතවූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ  ඕස්ටේ‍්‍රලියානු (පර්ත්) සංචාරය තේරුමක් නැති සංචාරයක් වී තිබෙන බවත් කමිටු වාර්තාවේ සටහන් වේ.

 



අදහස් (0)

ආසියානු දැල්පන්දු ශූරතාවලියේ පරාජයට සියලූ දෙනා වගකිව යුතුයි

නදී Wednesday, 19 June 2013 04:47 PM

මේ රටේ ක්‍රීඩාව දැන් විහිළුවක් වෙලා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 190 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1082 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3800 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2914 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3379 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1483 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site