IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ආසියානු යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කම් තුනක්

දෝහා කටාර් හි පැවති  ආසියානු යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විදුහලේ දිනූදා අබේසේකර සමත් වූවාය. ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද (2 වැනිදා) දිවයිනට පැමිණියාය.

ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ ලේකම් කේ. ඒ කුමාරදාස සහ උප සභාපති අජිත් තමෙල් ඇතුළු නිලධාරීන් විසින් දිනූදාව ඉතා උනුසුම් අන්දමින් පිළිගන්නා ලදහ.

ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියකදී  ශ‍්‍රී ලංකික  ක‍්‍රීඩිකාවක් පදක්කමක් ලබා ගත් ප‍්‍රථම අවස්ථාව මෙය ලෙස  ඉතිහාස ගතවන බව ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ ලේකම් කේ.ඒ කුමාරදාස මහතා පැවසීය. ඇය මෙම පදක්කම් තුන හිමිකරගත්තේ කිලෝග‍්‍රෑම් 44 බර පන්තියෙන් තරගවදිමින්  ස්නැච් ක‍්‍රමයෙන් කිලෝග‍්‍රෑම් 54 ක්ද, ක්ලීන්  ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝගෑම් 65 ක්ද බර මුලූ එකතුව කිලෝග‍්‍රෑම් 119 ක් වශයෙන් බර ඔසවමිනි.

දිනූදා  පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විදුහලේ 11 වසරේ  ඉගෙනුම ලබන ක‍්‍රීඩිකාවකි. මේ වන විටත් ජාත්‍යන්තර තරග රැසකින් ජයග‍්‍රහණය කර ඇති බැවින්  ඇය  අනාගත බලාපොරොත්තු තැබිය හැකි ක‍්‍රීඩිකාවක් බව ඇගේ පුහුණුකරු ඩන්කන් ජයසිංහ මහතා පවසයි.

තම ජයග‍්‍රහණය පිලිබද අදහස් දැක්වූ දිනූදා පැවසූවේ ඉදිරියේදී ශ‍්‍රී ලංකාවට කීර්තියක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් තම පුහුණුකරුවන්ටත්, පාසලටත් ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ නිලධාරීන්ටත් සිය ස්තුතිය පුද කරන බවත්ය. 

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ  පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විදුහලේම ඉසුරු සේනාධීර කිලෝග‍්‍රෑම් 94 බර පන්තියෙන් 6 වන ස්ථානය හිමිකරගත්තේය.

තරගාවලිය රටවල් 40 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 250 පමණ  සහභාගීත්වයෙන් මැයි 26 දා සිට දෝහා කටාර්හිදී පැවැත්විණි. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ  පුහුණුකරු වශයෙන් ඩන්කන් ජයසිංහ මහතාද කළමනාකරු වශයෙන් චමින්ද ගමගේ මහතාද කටයුතු කළහ.

(දිනූදා අබේසේකර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පිලිගන්නා ලද අවස්ථාව. වමේ සිට ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ උප සභාපති අජිත් තමෙල්, කණ්ඩායම් පුහුණුකරු ඩන්කන් ජයසිංහ, දිනූදා අබේසේකර (ක‍්‍රීඩිකා), ඉසුරු සේනාධීර (ක‍්‍රීඩක), කණ්ඩායම් කළමනාකරු චමින්ද ගමගේ සහ ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ ලේකම් කේ.ඒ කුමාරදාස යන මහත්වරු...)



අදහස් (0)

ආසියානු යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කම් තුනක්

දුමින්ද Monday, 03 June 2013 07:19 AM

සුභ පැතුම්! (නි)

:       0       0

දුලිප් Sunday, 02 June 2013 10:04 PM

ඔබ මුලු ජාතියටම ආඩම්බරයක් මගේ හදවතින්ම සුබපතමි.(නදී)

:       0       0

සරත් Monday, 03 June 2013 11:24 AM

අනාගතේ ජීවන බරම උසුලන්න වෙනවානේ. ඒ හින්දා දැන්ම බර උසුලල පුහුණු වෙන එක හොදයි.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 160 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 466 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 361 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 288 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 198 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1110 3

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site