ලෝක බාල දක්ෂ සම්මේලනයේ ආසියානු ශාන්තිකර කලාපීය නව අධ්‍යක්ෂක ජේ. රිසාල් සී පංගිලිනන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා පිලිපිනයේ මැනිලා නුවර සිට අද අළුයම දිවයිනට පැමිණියේය.
ලෝක බාල දක්ෂ සම්මේලනයේ ආසියානු ශාන්තිකර කලාපයේ ශ‍්‍රී ලංකා නියෝජිත ජනප‍්‍රිත් ප‍්‍රනාන්දු , ශ‍්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ නියොජ්‍ය ප‍්‍රධාන කොමසාරිස් ෂිරාස් සාලි සහ මුලස්ථාන කොමසාරිස් ප‍්‍රභාත් කුලරත්න යන මහත්වරුන් විසින් මෙරටට පැමිණි පංගිලිනන් මහතාව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඉතා උනුසුම් අන්දමන් පිළිගනු ලැබීය.
පංගිලිනන් මහතා ආසියානු ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂක ධුරය ලැබු පසු ශ‍්‍රී ලංකාවට පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි.
ශ‍්‍රී ලංකාවේ බාල දක්ෂ කණඩායම් නායකත්ව පුහුණු වැඩසටහන් කිහිපයකට දායක වීම පංගිලිනන් මහතාගේ මෙම ගමනේ අරමුණ වෙයි.
ආසියානු ශාන්තිකර කලාපයේ මුලස්ථානය පිලිපීනයේ මැනිලා නුවර පිහිටා ඇති අතර මිලියන තිස් හයක් වු ලෝක බාල දක්ෂ සාමාජික සාමාජිකාවන්ගෙන් මිලියන් තිහක්ම ආසියානු ශාන්තිකර කලාපයේ සාමාජිකයෝ වෙති.
මීට අමතරව කොළඹ දිස්ත‍්‍රික් බාල දක්ෂ සංගමයේ සියවස සැමරීමේ උත්සවයකටද ඔහු සහභාගීවීමට නියමිතය.
මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.
2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්
නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං
ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක
ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත‍්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර
ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත
මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප‍්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ආසියානු ශාන්තිකර කලාපීය බාල දක්ෂ අධ්‍යක්ෂක ලංකාවේ
සුමංගල-ඇල්පිටිය Monday, 13 January 2014 05:37 PM
බාල එක්කෙනෙක්වත් නෑ.(නදී)