IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ආහාර ද්‍රව්‍ය ටොන් 1,623ක් ගබඩාවල නරක් වෙලා

(යොහාන් භාසුර)

ආහාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රටපුරා ගබඩාවල ඇති ආහාර ද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 1,623 ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති බව ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා අද (3) පැැවසීය.

සහල්, පරිප්පු සහ තෙල් ඇතුළු ද්‍රව්‍ය 2022 වසරේ සිට ගබඩා කර ඇති බවත් එම ද්‍රව්‍යවලින් ඉතිරිව තිබෙන මෙට්‍රික්ටොන් 1,623 ක ප්‍රමාණයක් 2024 ඔක්තෝබර් මස ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය සහ රසපරීක්‍ෂණ යන දෙපාර්තමේන්තුව වෙත තත්ව පරීක්‍ෂණකට යොමු කිරීමට තීරණ්‍ය කළ බවත් ඒ මහතා කීය.

එම තත්ව පරීක්‍ෂාවෙන් පසුව එම ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි ජනවාරි මස දැනුම් දී තිබූ බව කී අල්විස් මහතා ඒවායේ විදෙස් සහ දේශීය වශයෙන් ලැබුණු ද්‍රව්‍ය ගබඩා කර ඇති බව ද සඳහන් කළේය.

ලෝක ආහාර සංවිධානයෙන් ලැබුණු ආහාර ලබඩා කිරීමට වේයන්ගොඩ ගබඩාව නොමිලයේ සපයා ඇති බව කී ඒ මහතා පැවසුවේ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය සහ ලෝක ආහාර සංවවිධානය ඉදිරි පියවර පිළිබඳව දැන්වීමෙන් පසුව එම ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන බවත්ය.

ආහාර දෙපාර්තමේන්තුව යටතේ රටපුරා ගබඩා 103 ක් පාලනය බවත් සතොස, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව, රේගුව වැනි රාජ්‍ය ආයතනවලට එම ගබඩා සපයන බව ද ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (4)

ආහාර ද්‍රව්‍ය ටොන් 1,623ක් ගබඩාවල නරක් වෙලා

C.K.Lankaputhra Tuesday, 04 February 2025 05:39 AM

රටට හෙන වැදුන එක පුදුමයක්යැ.

:       0       0

Aruna Tuesday, 04 February 2025 07:09 AM

නිකන් දුන්න ආහාර ටික සුදුසු අයට බෙදාදෙන්න බැරි නිලධාරීන්ගෙන් ඇති වැඩේ කුමක්ද? ඉස්සෙල්ල කරන්නේ ඕනේ වැඩ බැරි නිලධාරි අයින් කරන එක. කොහොමටත් අපේ රාජ්‍ය සේවය ඔනෙවතත් වැඩ වැඩිනේ...! ආයෙත් ලෝක ආහාර වැඩසටහනට හිඟමන් යන්න බැනේ.

:       0       6

rathana Tuesday, 04 February 2025 10:56 AM

රජයේ නිලධාරීන්ගේ පඩි වහාම වැඩි කරන්න. එයාලා හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. රටේ අනිත් මිනිස්සු වගේ නෙමෙයි.

:       0       0

fairoos Tuesday, 04 February 2025 05:34 PM

වග කියන්නඩ කවුරුත් නැද්ද? මේවාට නිසි දඬුවම් දිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 113 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 150 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 412 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 586 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 488 5

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 721 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 769 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 520 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site