කතරගම පාසලක සිසුහු පහළොස්දෙනෙක් ඇට වර්ගයක් කෑමෙන් රෝගාතුර වී කතරගම රෝහලට ඇතුළු කරනු ලැබුහ.
ඇට වර්ගය කෑමෙන් පසු සිසුනට වමනය යන්නට වු බවත් එක් සිසුවකු සිය නිවසින් මෙම ඇට ගෙනෙන්ට ඇති බවත් පාසල් ආරංචි කියයි.
හතර සහ පහ පන්තිවල එම සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනන්ඩ ඉස්සර මෙහෙම නම් දිනුවම කොහොම වේවිද ? (නදී)
ඉස්කෝලේ යන කාලේ කාපු 'පහට දෙකේ වඩේ' මතක් උනා. කඩවල් වලින් ඉවතලන පරණ වඩේ විකුණන කෙනෙක් හිටියා අපේ ඉස්කෝලේ ළඟ. සත පහට දෙකක් දෙනවා. දෙකට කඩනකොට නුල් ඇදෙනවා පිළුනුවේලා. පුදුම රසක්. අපට නම් ඉහෙන් බහින රෝගයක් හැදුනේ නැහැ. (නදී)
ඇටයක්, ඇට දෙකක් නෙමේ ගොඩක් කන්න ඇති ඒකයි ඉස්පිරිතාලේ යන්න උනේ. (නදී)
ඔහොම තමා ඇට කන්න ගියහම. හොද ඇට තෝරලා දෙන්න දෙව්මපියෝ දෙන ගන්න ඕන. කන එකත් බලල කන්න ඕන. (නදී)
ඇට කියන්නේ මොන ඇටද?.ළමයෙක් ගෙදරින් ගෙනාවනම් අනිවාර්යෙන්ම කල් ඉකුත් උන වර්ගයක් .ගෙනාපු ළමයාගේ දෙමවුපියන් ගෙන් ඇහෙවුවනම් දැනගන්න තිබුනා .(අ)
පව්! බඩ ගින්න ඉදිරියේ මොනවා කැවෙනවාද කියා ළමයින් ට තේරුමක් නැහැ. (අ)
මහත්මයාණනි එවැනි ප්‍රවෘත්ති පළ නොකරන්නේ එවැනි දේ තව කෙනෙක් ආදර්ශයට ගනී යැයි යන හැඟීම නිසාය.
දැන් ලංකාවේ දරුවන්ට කන්න අදින්න නැහැ.සමහර දරුවන් සපත්තු දෙකක් ගන්න සල්ලි නැතිව,පාසල් ගාස්තු රුපියල් 500 ක් ගෙවන්න නැතිව ඉන්නවා (අ)
මේක සෙල්ලමි කරුණක් නෙවේ.සුපිරි වෙළදසල්වල පවා තියන ඇට වර්ග පිළිබදව නිසි ප්‍රමිතියක් ඇද්ද යන්න විශේෂයෙන් පරීක්ෂා කර බලන එක කල යුතුයි.ගුල්ලන්ගෙන් හා වෙනත් කෘමි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මැලතියන් වැනි සැර රසායනික ද්‍රව්‍ය භාවිත කරනවා. මුං, කවිපි සහ කඩල වලට මොවුන් විෂ කලවං කරනවා.විකීණීමේදි පරීක්ෂා කිරීමේ සහතික කිරීමේ ක්‍රම වේදයක් තිබිය යුතුයි. (අ)
මේ ඇට වලට අධික ලෙස කෘමි නාශක යොදල තියෙන්න ඇති ගුල්ලෝ ගහනවට.(නදී)