කරුවලගස් වැව, තෙලි වැව, නික වැව වළකට වැටුණු අවුරුදු හතරක පමණ වයසැති ඇත් පැටවකු ගොඩ ගැනීමට කරුවලගස් වැව වනජීවි කාර්යාලය හා පොලීසිය සමත් විය.
ප්‍රදේශයේ චීන ව්‍යාපෘතියක සේවකයෝද ඊට සහාය දුන්හ.
මව් ඇතින්න සමඟ රංචුවව සමග යද්දී පැටවා වළට වැටෙන්නට ඇතයි නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම අලි වලවල් වල වැටෙනවා. ඇයි මේවා වහලා නැත්තම් ආරක්ෂිතව හදලා සත්තු රැකගන්න කාගෙවත් අදහසක් නැත්තෙ. (ස)
මේ අහිංසක සතාව බේරා දමපු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.(නදී)
කැලුම් කියන පරිදි හය හත පින්තූර දිහා බලනකොට කියන්න පුළුවන් මේ ඇත් පැටවා නාලාගිරි පරපුරට අයිති එකෙක් නොවේ කියලා. (නි)
අනේ මේකව හොඳ වෙලාවට දැක්කේ ගමේ අහිසක මිනිස්සු. බැරි වෙලාවත් ලොකු කට්ටිය දැක්කා නම් මෙයාට මෙලහට විලංගු දාලා.(නදී)
මාත් රෝහණ සහ සජි එක්ක එකාඟයි. (ස)
ෂෝයි අලි පැටියෙක්. අමිල හරි. (ස)
චන්ඩි, අන්න දැක්කද මෙයාගේ අදහස්.මෙච්චර කල් චීන්නුද ඇවිත් අපේ අලි ගොඩ දැම්මෙ, නිකන් යන්ඩ මෙයා යන්න. (ස)
චීනා හින්දා බේරිලා තියෙන්නේ. අපේ අයට පුලුවන්ද ඔය වගේ දෙයක්. (ස)
සජි, ඔබේ අදහස ඉතාම නිවැරදි.විදුලි වැට ඉතා භයානක දෙයකි.අගලක් කැපීම තුලින් මෙමෙ ප්‍රශ්නයට ඉතා හොඳ විසඳුමක් දිය හැකිය.එය ඉතා ලාබදායක සහ හොඳම විසඳුම වේවි. (ස)
මට මේ සිදුවීම දැක්කහම හිතට අදහසක් ආවා.. අලි වැටවල් ඕනා කියන පැතිවලට හොඳ නැද්ද, අලින්ට ගොඩ වෙන්න බැරි වෙන්න පළල් කාණුවක් අඩි හයක් අටක් ගැඹුරට කපන එක. අලින් එන වනාන්තරය පැත්තෙන් අලින්ට කානුව දක්වාම පහසුවෙන් එන්න පුළුවන් විදිහට සකස් කරලා. මිනිසුන් වාසය කරන පැත්තෙන් අලින්ට ගොඩවෙන්න බැරි විදිහට ගැඹුරට කානුව සකස් කරන්න පුළුවන්.. (ස)
කාරුණික හදවත් තියෙන මහත්වරුන් නිසා ජීවිතය බේරුණු මේ සතාට නරුමයන්ගේ හක්ක පටස් වලට ගොදුරු නොවී වනයටම යන්න ලැබේවා. (ස)
අනේ පව් අහිංසක සතා. දැන් ඔය සතා ගැන වැඩිය කියන්න යන්න එපා. නිදහසේ ඉන්න දෙමු. (ස)
මේ බේරුණු ඇත් පැටියා දළ කාරයන්ට ඇස නොගැටේවා. (ස)
උඹට කවදා හරි හෙනේට හිටින්නේ ඔය සුදු පාට උල් කැලි දෙක ! (ස)
සතා බේරා ගැනීමට වෙහෙස මහන්සි වූ සැම දෙනාටම පින්. (ස)
අපේ අය වගේ නොවෙයි හය, හත පින්තූර වලින් පෙන්නන්නේ මෙම සතාගේ කෘත ගුණ සැලකීමය.මා බේරාගත් ඔබට ස්තුතිය කීම නොවේද. (ස)
අපරාදේ මේ සතාට යන්න දුන්නේ. උඩවලවට ගෙනිච්චා නම් ජිවිතේ බේරාගෙන මැරෙනකම් ඉන්න තිබුනා. දැන් ඉතින් මේ දළ දෙක ටිකක් ලොකු වෙනකම් කට්ටිය කෙල හලයි මේ සතා පස්සෙන්. (ස)
ඔක්කොම අලි වලේ වැටිලා මඩ නාගන්නවා මේ දවස් වල.. කවුරු හරි අත දුන්නොත් වලෙන් ගොඩ එනවා.... බොරු නම් අහන්නකො අර අහවලාගෙන්. (ස)
මේ වටිනා සත්වයා බේරපු කාටත් අභය දානමය පින ලැබේවා. මේ මරුවැල වහල දැම්ම නම් තමයි වැඩේ සම්පුරණ.(නදී)
ගොඩක් පින්. (ස)
පව් අසරණයා. වැව් තුනකටත් (කරුවලගස් වැව, තෙලි වැව, නික වැව) වැටිලා තව වලකටත් වැටිලානේ. ඔයින් ගියා ඇති! (ස)
හොඳ වැඩේ නෝටි වැඩ කරනවට. අමිල සහ උපාලි සමඟ මාත් එකඟයි. මහත්වරුනේ ඔබලාට ගොඩක් පින්. මේ පැටියා බේරා ගත්තට. ! (ස)
අමිල කටුනායක, මාත් එහෙමම ප්‍රර්ථනා කරනවා. කොල්ලෝ, ඉක්මනට දුවපන් කැලේට. දැන් රටම දන්නවා උඹ ගැනයි දළ දෙක ගැනයි. අම්මට කියපන් දළ දෙක වහගෙන යන්න කොළ අතු මාලයක්වත් හදල දෙන්න කියලා. (ස)
මහත්වරුනේ ඔබලාට ගොඩක් පින්. (ස)