IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඇත්ත කිව්වත් කෝටි පහක රන් රාජසන්තකයි

ශ්‍රී ලාංකිකයෙකු ඩුබායි සිට  මෙරටට ගෙනා කිලෝ 10 යක රන් තොගයක් රාජසන්තක කල රේගුව ඔහුට දඩ නොපනවා ඔහු මුදා හැරියේය.

පසුගිය 23 වෙනිදා මොහු ඩුබායි  බලා ගොස් ඇති අතර එම අවස්ථාවේ  සහකාර රේගු අධිකාරී නුවන් බංඩාර මහතාට  මොහු ගැන සැකයක් ඇති වී ප්‍රශ්න කර  යළි මෙරටට පැමිණෙන දිනය පිළිබඳ අවදානයෙන් සිට මෙම වැටලීම සිදුකොට ඇත.

මෙම පුද්ගලයා  ඊයේ  යළි  ඩුබායි සිට මෙරටට පැමිණි බව දැනගත්   සහකාර රේගු අධිකාරීවරුන් වන  නුවන් බංඩාර සහ ඒ.කේ.ආර් සමන්ජිත්  යන මහත්වරුන් එක්ව  මොහු ගුවන් යානයෙන් බැස ගත් මොහොතේ සිට අවධානයෙන්  සිට පසු පසින් හඹාවිත් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට සැකකරු ගුවන්තොටුපොළෙන් පිටවීමට විවිධ උපක්‍රම භාවිතා කර ඇතත්  රේගු නිලධාරීන්ට අසුවු පසු  ඔහු අත තිබු  අත් බෑගයේ ඇත්තේ මොනවා දැයි විමසු විට  කිසිවක් කරකියා ගත නොහැකි වු තත්වයට පත් වු මෙම  පුද්ගලයා ‍රේගුවෙන් මිදීමේ අරමුණින්  තමාට  සෞදි ජාතිකයෙකු  දුන් බව කියමින් බෑගයේ තිබු   රන් තොගය රේගුවට ප්‍රකාශ කිරීමට උත්සහ දරා ඇත.

කෙසේ වෙතත් මොහු ලඟ කිසිඳු ලියවිල්ලක් නොතිබු බවත් රේගුව කියයි. මොහු කුලියට රන් ප්‍රවාහනය කරන්නෙකු බවටද කරුණු අනාවරණය වී ඇත.

නිල් පැහැති ටේප් වලින් එතූ කිලෝග්‍රෑමයක් බැගින් බර වූ  රන් කුටිටි දහයක් ඔහු ලඟ තිබූ බව රේගුව කියයි.

රන්කුට්ටි  වල වටිනාකම රුපියල් කෝටි පහකි.

රේගු මාධ්‍ය ප්‍රකාශක සහ රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ සාමාන්‍ය පුද්ගලයෙකුට තමන් පාවිච්චි කරණ රන් භාණ්ඩ  මෙරටට ගෙන ඒමට රේගුව ඉඩ දෙන නමුත්  වානිජමය ස්වරූපයෙන් රන් ගෙන ඒමට ඉඩ නොදෙන බැවින් මොහු අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත් ඔහු රන් රේගුවට පෙන්වීමට උත්සහ කර තිබු නිසා දඩ නොගැසූ බවද ඔහු කීවේය.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.පී චන්ද්‍රරත්න මහතා විසින් සිදු කළේය. 

මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධිකාරී ඩී. රත්නකුමාර මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන  නුවන් බංඩාර, ඒ.කේ.ආර් සමන්ජිත්, නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ, සශික කුමාරසිංහ, දුමිඳු සිරිසේන  යන නිලධාරීහු සිදු කළහ.

 

 



අදහස් (0)

ඇත්ත කිව්වත් කෝටි පහක රන් රාජසන්තකයි

චුලා Saturday, 25 January 2014 09:18 PM

කුලියට ප්‍රවාහනය කරන්නේ කාගේ රත්තරන්ද? (නදී)

:       0       0

දර්ශන Saturday, 25 January 2014 10:16 PM

වැරදි කරලා ඇත්ත කියලා වැඩක් නැත. මෙවන් මහා පරිමාන ජාවාරම් ලංකාවට විශාල පිළිලයක්. උපරිම දඬුවම් දිය යුතුයි.(නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Sunday, 26 January 2014 03:49 AM

රාජසන්තක කිරීම වරදක් නොවේ.(නදී)

:       0       0

සත්‍යා ' Sunday, 26 January 2014 08:39 AM

ලංකාවට ප්‍රශ්නයක් වී ඇත්තේ රත්තරන් රටින් පිට කිරීමයි. හොරෙන් ගෙනාවා වෙන්නේ නොකියාම පන්නන්න හැදුව නම්. වෙන රටක සිට මේ සා ප්‍රමාණයක් රත්තරන් ගෙනාවා කියන්නේ විනිමය ගෙනාවා කියන එකයි. දේශපාලනඥයිනුත් සම්බන්ධව රත්තරන් නීති විරෝධීව පිටකරන යුගයක, ඒවා සම්බන්ධයෙන් නිහඬව සිටින රටක මොහු කර ඇති වරද රටට වස්තුව ගෙන ඒමද? (දී)

:       0       0

බණ්ඩාර Sunday, 26 January 2014 09:46 AM

ඔය රාජසන්තක කරන ඒවායින් පිටි ගේමුද..... (දී)

:       0       0

පැහැසර Sunday, 26 January 2014 12:13 PM

අහුඋන එක හොදයි. හැබැයි ඕවට ටික දවසකින් මොනවා වෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

බෙනට් Sunday, 26 January 2014 01:23 PM

එන පාර මන්ත්‍රීවරු දෙදෙනෙකුට නොමිලේ සැප වාහන දෙකක්ම ගන්න පුළුවන් මේ හම්බ වෙච්ච සල්ලි වලින් ..ජයවේවා.(නදී)

:       0       0

ජයතිලක Sunday, 26 January 2014 04:57 PM

නිරෝෂ් ,මම දන්නා විදියට [රටින් පිටවී යන] පිරිමි ගුවන් මගියෙකුට පැළද ගෙන යා හැකි රත්තරන් ප්‍රමාණයේ බර පවුම් පහයි {ග්‍රෑම් 40 යි].ගැහැණු ගුවන් මගියෙකුට පවුම් දහයයි [ග්‍රෑම් 80 යි](දිල්)

:       0       0

ටෙනිසන් Saturday, 25 January 2014 02:35 PM

වැඩේ ටිකක් බරපත්ලයි. සමහර විට ඇත්ත තිත වෙන්න පුළුවන් .රන් කිලෝ දහයක් සෞදියෙන් පිට කලේ කොහොමද ? (අ)

:       0       0

දොන් පෙරේරා Saturday, 25 January 2014 02:52 PM

නීතියක් නෙති රටක් (අ)

:       0       0

චන්දිමාල් Saturday, 25 January 2014 02:55 PM

ගේන්නත් තහනම් . ගිනියන්නත් තහනම්. පුදුම නීතියක් නේද? හරිම අසාධාරනයි . හොඳ නීතීඥ සහයක් ගත්තොත් නිදහස් කරගන්න හැකි වේවි . අනෙක ඔහු රන් තොගය රේගුවට ප්‍රකාශ කරලත් රාජසන්තක කිරීම වැරද්දක් නොවේද?වාණිජ ප්‍රමාණයක් ගෙනාවනම් තීරු බදු ය කරන්නනේ තියෙන්නේ. රන් තොගයට ලෝභ වෙලා රේගු නිලධාරීන් කරපු දෙයක් කියලයි මට හැගෙන්නේ .(අ)

:       0       0

පෙරුමාල් Saturday, 25 January 2014 03:08 PM

තව ඒ වගේ රත්තරන් ගොඩක් ගේන්න පුලුවන් කියල කිවුවා නම් පළාත්පාලන ඡන්දෙට ටිකට් එක ගන්න තිබුණ.(අ)

:       0       0

මාරසිංහ Saturday, 25 January 2014 03:22 PM

කොහොමද රාජසන්තක කරන්නේ. රන් බිස්කට් ගැන මේ පුද්ගලයා රේගුවට ප්‍රකාශ කරලා තියෙනවා. රේගුව කලයුත්තේ අදාළ බදු මුදල් අයකරගෙන භාණ්ඩ නිදහස් කරන්න.(අ)

:       0       0

චන්ද්‍රා Saturday, 25 January 2014 04:36 PM

ලංකාවට රත්‍රන් ගෙනඑම තහනම්ද? නැත , එසේනම් ඔහු රේගුවට වරදක් ද කර නොමැත, එසේනම් ඔහු ගෙනා බඩු රාජසන්තක කිරීම වරදකි, ඔහුගේ බඩු ඔහුට බාරදී , ඔහු අපහසුවට පත් කිරීම නිසා රේගුවෙන් වන්දියක්ද ගෙවිය යුතුය, නැතිනම් රේගුවට මගින් බොරුම කියයි,(අ)

:       0       0

චින්තක Saturday, 25 January 2014 05:39 PM

මිට පස්සේ ඔය ගොන් වැඩේ නොකර, රන් ගේන අනිත් අය වගේ ප්‍රකාශ නොකර ගෙනියන්න. මේකෙන් ගන්න තියෙන හොඳම ආදර්ශේ එකයි. මේ සිරි ලංකාවනේ. එකේ ඉන්න කස්ටම් අය ඉතා හොඳයි. (අ)

:       0       0

දහම් Saturday, 25 January 2014 06:18 PM

මේ රත්තරන් ගෙන්න කොහෙන්ද සල්ලි? රත්තරන් ජාවාරම මහා පරිමාණයෙන් වෙන හැටි. රේගුවේ මහතුන්ට අපේ ආචාරය (අ) .

:       0       0

ඉන්දික Saturday, 25 January 2014 06:28 PM

කොහොම වුනත් මේ වගේ වංචා නවත්වන එක හොඳයි.(නදී)

:       0       0

නිරෝෂ් Saturday, 25 January 2014 07:22 PM

පාවිච්චි කරන රත්තරන් කොපමන ප්‍රමානයක් ගෙන යා හැකිද? (නදී)

:       0       0

රවීන් පිරීස් Saturday, 25 January 2014 07:35 PM

ශ්‍රී ලංකාව දුෂණයේ කේන්ද්‍රස්ථානයක්, ජාත්‍යන්තර කුඩු ප්‍රවාහනය , කළුසල්ලි නීත්‍යනුකුල කිරීම, උන්ඩියල් ගනුදෙනු සමපාත කිරීම් බොහොම ජයට සිදුවෙනවා. මෙහෙම ගිහිල්ල දවසක අපට කිසිම රටකට විසා නොලැබෙන තත්වයක් උදාවෙනවා නියතයි. බුද්ධිමතුන් පරයා නුගතුන් බලය පැතිරීමත් කිසිදා ගොඩ නොයන අර්බුද රැසකට රට ගමන් කරනවා. මේ යන විදිහට කිසිම කෙනෙක් මතු ආත්මයක මේ රටේ උපදින්න ප්‍රර්ථනා නොකරයි. (නදී)

:       0       0

සෑම් Sunday, 26 January 2014 10:31 PM

කවුද මෙච්චර රත්තරන් ගොඩක් ප්‍රකාශ කරලා ගේන්නේ, එතකොට බදු ගාන ගෙවන්න පුලුවන්ද? අහු වුනාම බොරු කරලා, හිරේ දාන්න තිබ්බේ.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 25 January 2014 08:56 PM

මෙතන මේ පුද්ගලයට අසාදාරනයක් වෙලා තියනවාද? රේගු මහත්වරුනි, මේ සිද්ධිය අපහැදිලියි. ඇයි දඩ ගත්තේ නැත්තේ? ඇයි රේගුව පරිශ්‍රය පසුකරන කම් හිටියේ නැත්තේ. මොහු රත්තරන් රේගුවට පෙන්නනවාද නැද්ද යන දැන අත්අඩංගුවට ගන්න තිබුනා නේද? එහෙම නම් දඩය ගන්නත් තිබුනා නේද? පැහැදිලි කරන්න.(නදී) 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 768 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 468 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 328 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 323 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 369 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 484 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site