IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ඇන්ජලිනාට 'ජොලී' බ‍්‍රැඩ් පිට්ට 'අන් ෆිට්'

2017-01-05-ent-16

නත්තලත්, නව වසරත් උදා වූයේ හොලිවුඩයේ ජනපි‍්‍රය නලූ බ‍්‍රැඩ් පිට්ගේ දෙනෙතට කඳුළු පුරවමිනි. වෙනදා නත්තල සැමරීමට ඔහු සමඟ සතුට බෙදා හදා ගැනීමට සිටි බිරිඳත් දරුවනුත් ඔහුගෙන් වෙන්ව ගොස් තිබීම ඊට හේතු විය.

2017-01-05-ent-17මෙවර නත්තලේ දී ඔහුට සිය දරුවන් වෙන 15 හැවිරිදි මැඩොක්ස්, 12 හැවිරිදි පැක්ස්, 11 හැවිරිදි සහරා, 10 හැවිරිදි සිලෝ හා 8 හැවිරිදි වියේ පසුවෙන නිවුන් දරුවන් වන නොක්ස් හා විවියන් හමුවීමට ලැබුණේ ඉතා කෙටි වේලාවකි. අධිකරණය විසින් නම් කළ නිලධාරියෙකුගේ සුපරික්ෂාව යටතේ සිය දරුවන් හමු වූ බ‍්‍රැඞ් ඔවුන්ට තමා ගෙනා තෑගි ලබා දුන්නේය. තෑගි ලබා ගත් දරුවන් නිහ`ඩවම සිය පියාගෙන් සමුගෙන මව ඇන්ජලීනා ජොලී සමගින් එතැනින් ඉවත්ව ගියහ.

ජනපි‍්‍රය නිළි ඇන්ජලීනා ජොලී හා බ‍්‍රැඞ් පිට් යුවල සැලකුණේ හොලිවුඩයේ ශක්තිමත්ම යුවල ලෙසයි. වසර දොළහක කාලයක් ජීවිතය එකට බෙදා හදා ගත් ඔවුන් දෙදෙනා විවාහ වූයේ මීට වසර දෙකකට පමණ පෙරය. එහෙත් පසුගිය සැප්තැම්බරයේ දී තමා බ‍්‍රැඞ් පිට්ගෙන් වෙන්වන බව ඇන්ජලීනා ප‍්‍රකාශ කළාය. උසාවි නියෝගයක් ලබා ගත් ඇය සිය දරුවන් පස් දෙනා සම`ගින් ඔහුගෙන් වෙන්ව ජීවත්වෙන්නට පටන් ගත්තේ දික්කසාදය ලැබීමටත් පෙර සිටය.

‘‘බ‍්‍රැඞ් ගේ හිත සම්පූර්ණයෙන්ම කැඩිලා.. එයා ඇත්තටම දැන් බි`දිච්ච වීදුරුවක් වගේ තත්වෙට පත් වෙලා ඉන්නේ.. එයා තවමත් ආදරේ කරන එයාගේ බිරි`දගෙන් එයා ප‍්‍රතික්ෂේප වෙලා.. එයාගේ දරුවෝ එයාට නැති වෙලා..’’ බ‍්‍රැඞ්ගේ හිතවතෙකු පවසා ඇත. ‘‘එයා තවමත් දික්කසාදය ගැන හිතන්නේ නෑ.. ඇන්ජලීනා තමන්ගේ තීරණේ වෙනස් කරයි කියලා එයා ම`ග බලාගෙන ඉන්නවා..’’

ඇන්ජලිනා දික්කසාදය ඉල්ලීමට හේතුව වශයෙන් ස`දහන් වූයේ ඔහු සිය දරුවන්ට හො`ද පියෙකු නොවූ බවයි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ දික්කසාදය සම්බන්ධයෙන් විවිධ කට කතා පැතිරුණි. ඔහු සිය වැඩිමහල් පුතු වන මැඩොක්ස්ට පෞද්ගලික ගුවන් යානයකදි වචනයෙන් හා ශාරීරික වශයෙන් හිරිහැර කිරීමත්, බ‍්‍රැඞ් ප‍්‍රංශ නිළියක සම`ග සම්බන්ධතාවයක් ඇරඹීමත් හේතුවෙන් ඇන්ජලීනා දික්කසාදය ඉල්ලූ බවට කටකතා ඇති විය. මාසෙට කිහිප වතාවක් පවත්වන මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණයෙන් බ‍්‍රැඞ් සමත් වී ඇති අතර අපචාර චෝදනාවලින් ද නිදහස් වී ඇත. කිසිදු සාධාරණ චෝදනාවක් නොමැතිව ඇන්ජලීනා හදිසියේ වෙනස් වීම සම්බන්ධයෙන් සියලූම දෙනා පුදුමයට පත් ව සිටින අතර බ‍්‍රැඞ් තදබල ලෙස මානසිකව කඩා වැටී ඇතැයි හිතවත්තු පවසති.

‘‘බ‍්‍රැඞ් දැන් අන්තර්ජාලයත් භාවිතා නොකරන තරම්.. ඔහුට තමා සම්බන්ධයෙන් පළවෙන ඕපදූප දැන ගන්න කිසිම ඕනකමක් නෑ.. බ‍්‍රැඞ් මට කිව්වා 2016 කියන්නේ හුඟක් එපා කරපු අවුරුද්දක් 2017ත් එහෙම කර ගන්න ඕනේ නෑ කියලා... ඒ වගේම එය කිව්වා මොන දේ සිද්ද වුණත් මම මගේ දරුවන් වෙනුවෙන් සටන් කරනවා.. එයාලාව මගේ ළ`ගට ගන්න එක මගේ කර ගන්න එකයි මට වුවමනා එකම දේ කියලා.. එයා දැන් හිතන්නේ තමන්ගේ දරුවෝ ගැන විතරයි..’’

 

පවනි උමයංගනා

 



අදහස් (0)

ඇන්ජලිනාට 'ජොලී' බ‍්‍රැඩ් පිට්ට 'අන් ෆිට්'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1186 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2120 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 935 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9181 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3345 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site