IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඇන්ටන් රංජිත් හිමිපාණෝ තෙවැනි සහායක රදගුරු පදවියට අබිසෙස් ලබති


(ඩයනා උදයංගනී)

කොළඹ තෙවැනි සහායක රදගුරු පදවිය සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත්කරන ලද පී. ඇන්ටන් රංජිත් පියතුමන් අභිෂේක කිරීමේ දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී  පැවැත්විණි.

මේ වන විට රට තුළ පවතින කෝවිඩ් 19 වෛද්‍ය උපදෙස් හේතුවෙන් මෙම අවස්ථාවට සීමිත පිරිසක් පමණක් සහභාගී කරවා ගත් බව බව අගරදගුරුපදවි මාධ්‍ය අධ්‍යක්‍ෂ ජූඞ් ක්‍රිෂාන්ත පියතුමෝ පැවසූහ.

ශුද්ධෝත්ම පාප් වහන්සේ විසින් ඉකුත් ජූලි 13 වැනිදා මෙම පත්වීම සිදුකරනු ලැබූහ.

මේ වන විට 53 හැවිරිදි වියෙහි පසුවන පී. ඇන්ටන් රංජිත් හිමිපාණෝ කලක්  කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ උප අදියුරුවරයා ලෙසින් කටයුතු කළහ. පසුව මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අදියුරු පියතුමන් ලෙස පත්වීම් ලැබ ගිය උන්වහන්සේ විද්‍යාලය හැරපියා පැමිණියේ කොළඹ තෙවැනි සහායක රදගුරු පදවිය බාරගැනීමට සිදුවූ බැවිනි.

කොළඹ සෙසු සහායක රදගුරුවරුන් දෙදෙනා වන්නේ 2011 සහ 2018 දී පත් කරන ලද මැක්ස්වෙල් සිල්වා සහ ජේ. ඩී. ඇන්තනි ජයකොඩි හිමිපාණන් වහනසේලාය.

පී. ඇන්ටන් රංජිත් හිමිපාණන් වහනසේ  1966 සැප්තැම්බර් 23 වන දින යාපනයේදී උපත ලැබූහ. යාපනය විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ උපාධියක් ලබාගත් උන්වහන්සේ පසුව එක්සත් රාජධානියේ මිඞ්ල්සෙක්ස් විශ්ව විද්‍යාලයෙන්  අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගත්තේය. පසුව යාපනය විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද හිමිකරගත්තේය.



අදහස් (0)

ඇන්ටන් රංජිත් හිමිපාණෝ තෙවැනි සහායක රදගුරු පදවියට අබිසෙස් ලබති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 75 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 341 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 235 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 4110 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 344 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 805 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 410 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1904 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site