(ඉන්දිකා රාමනායක)
කොරෝනා වයිසරය පැතිරීමේ අවදානම හේතුවෙන් නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා හෙට (10) පෙරවරු 8.00 සිට රාත්‍රියේ 8.00 දක්වා ද එම ප්‍රදේශයේ ඖෂධ හා ආහාර වෙළඳසැල් විවෘත කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අද දිනයේ ද උදෑසන 8.00 සිට රාත්‍රියේ 8.00 දක්වා එම ප්‍රදේශවල වෙළෙඳසැල් විවෘත කර ජනතාවට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දුන් බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
එම ප්‍රදේශවල වෙළඳසැල් රාත්‍රි 8.00 වනවිට ඒවා වසා දැමිය යුතු බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම කාලය තුළ අවස්ථාව ලබා දෙන්නේ නිවස අසළ පිහිටි වෙළඳසැළට පමණක් බවත් එසේ නොමැතිව ඊට පරිබාහිරව ඇති වෙළෙඳසැල් වෙත ගමන් කිරීම සඳහා හැකියාවක් නොමැති බවද හෙතෙම කීය.
එසේ ගමන් කරන පුද්ගලයන්ට ඇදිරිනීතිය උල්ලංඝනය කිරීමේ වරද යටතේ කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මෙම වෙළෙඳසැල් වෙත පැමිණෙන ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම භාවිතා කිරීමට සහ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට වෙළෙදසැල් හිමියන් පාලන එහි අධිකාරි විසින් කටයුතු කළ යුතු බවත්, එසේ සිදුකරන්නේ ද යන්න පොලිස් නිලධාරීන් යොදා නිරීක්ෂණ කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇඳිරිය තිබුණත් වෙළඳසැල් හෙට රෑ 8 තෙක් ඇරලා
Darmasiri Saturday, 10 October 2020 06:36 AM
කඩ ඇරලා තිබ්බට කඩවල බඩු නැහැ මහත්තයා. මොකද ඩිලිවරි එන්නේ නැහැ. කරුණාකරලා මේකට පිළියමක් යොදන්න. අපේ දරුවෝ බඩගින්නේ.