IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඇම්ජීආර් ළඟම ජයලලිතා අවසන් ගමන් යයි

ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයමරාම්ට අවසන් ගෞරව දැක්වීම සඳහා චෙන්නායි නුවරට යෑමට නියමිතය.

දින 73ක් ඇය රෝහලේ ගත කළාය. ඇය මියගිය බව ඇපලෝ රෝහල සඳුදා මධ්‍යම රාත්‍රියේදී ප්‍රකාශ කළේය. ඇගේ අනුප්‍රාප්තිකයා ලෙස ඕ. පනීර් සෙල්වම් පත්කර ගැනීම සඳහා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායකයෝ පක්ෂ මූලස්ථානයේදී රැස්වූහ.

පසුගිය සැප්තැම්බර් 22 වැනිදා ඇය ඇපලෝ රෝහලට ඇතුළු කරනු ලැබුවේ ශ්වසන අපහසුතාවයකින් පසුවය. එම රෝහලේ ඇය ගතකළ අවසන් 24 පැයේ වෛද්‍යවරු ඇගේ ජීවිතය බේරාගැනීමේ සටනක නිරතව සිටියදී රෝහලෙන් පිට ඇගේ ආධාරකරුවෝ දහස් ගණනක් දින ගණනක් පුරා රෝහල අවට දැඩි නොසන්සුන් තත්ත්වයකින් සිටියහ.

‘අම්මා‘ යනුවෙන් දස ලක්ෂ ගණන් ද්‍රවිඩ ජනයා ඇය සැලකූහ. ජනප්‍රිය හා නවරැල්ලේ සිනමා නිළියක වූ ජයලලිතා හය වතාවක් මහ ඇමැතිවරිය වූවාය. ඇයට එරෙහිව පැවැති දූෂණ චෝදනා නිසා 2001 දී හා 2014 දී මහ ඇමැතිකමින් ඉවත්වීමට සිදුවිය.

තනතුරේ සිටියදී ස්වභාවික හේතු මත මියගිය දෙවැනි මහ ඇමැති ඇයයි. ජම්මු හා කාශ්මීර් මහ ඇමැති ඊට පෙර එසේ මිය ගියේය.

ඇපලෝ රෝහල පවසනුයේ උණ සෑදී විජලනයට ලක්ව සිටි ජයලලිතාගේ ලේ විසවී තිබූ බව වෛද්‍යවරු කියා සිටි බවයි. ඇගේ ලේ විසවී සිරුර පුරාම යන්නට ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් 24 පැයේම ඇගේ ජීවිතය බේරාගැනීමට උත්සාහ කළැයි ද ඉරිදා (4) පස්වරු 4ට හෘදයාබාධයක් හටගැනීමෙන් පසු ඇය ගැන තිබූ බලාපොරොත්තු අල්ප වී යැයි ද රෝහල කියයි.

ඇය මිය ගිය බව රූපවාහිනී නාළිකා කිහිපයක් සඳුදා පස්වරුවේ ප්‍රකාශ කළ නමුත් එවෙලේම ඇපලෝ රෝහල එය ප්‍රතික්ෂේප කළේය. ඇය මියගිය බව රෝහල ප්‍රකාශ කිරීමත් සමග ඇගේ පක්ෂ මූලස්ථානයේ ජාතික කොඩිය අඩ කුඹු කැරිණි. චෙන්නායි නුවර බොහෝ කඩ සාප්පු වසා දැමිණි. ජයලලිතාට ප්‍රතිකාර කිරීම සඳහා දොස්තර රිචඩ් බීල් ලන්ඩනයේ සිට කිහිපවරක්ම ගුවන් මගින් චෙන්නායි පැමිණියේය. ඇගේ ජීවිතය බේරාගැනීම සඳහා වෛද්‍යවරුන් හැකි සැම දෙයක්ම කළ බවත් අවසන් මොහොත දක්වාත් තම සටන අත් නොහළ බවත් දොස්තර බීල් කියයි. නවදිල්ලියේ සමස්ථ ඉන්දියානු වෛද්‍ය විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනකු ඇපලෝ වෛද්‍ය කණ්ඩායමට සහාය වූ බවත් ඇගේ පණ රැක ගැනීම සඳහා අවසන් 24 පැයේ දී ඇගේ හදවත, පෙනහළු හා වකුගඩු ජීවිතාරක්ෂ උපකරණවලට සම්බන්ධ කර තිබූ බවත් සඳුදා මැදියම් රැයට පැය බාගයක් තිබියදී ඇය මියගිය බවත් ඇපලෝ රෝහලේ විධායක අධ්‍යක්ෂ සංගීතා රෙඩ්ඩි කියයි.

ජයලලිතාගේ දේහය චෙන්නායි නුවර මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති බවත් ඇගේ දේශපාලන ගුරුවරයා වූ ඇ.ජී.රාමචන්ද්‍රන්ගේ දේහය තැන්පත් කළ තමිල්නාඩුවේ මරීනා වෙරළ අසබඩ සොහොන් බිමේ අද අවසන් කටයුතු කිරීමට නියමිත බවත් එන්ඩීටීවී පුවත් සේවය කියයි.

ඇගේ දේහය බහාලූ මංජුසාව ඉන්දියා ජාතික ධජයෙන් වසා ඇත.

පක්ෂයේ නායකත්වය කාට හිමිවන්නේ දැයි තීරණයක් ගෙන නැතත් ජයලලිතාගේ ළඟම හිතවතියක වන ශෂිකලා නඩරාජන් (59) එම තනතුරට පත්වෙතියි කියති.

ජයලලිතා ජීවත්ව සිටියදී ශෂිකලා තිරයෙන් පිටුපස සිට ඇගේ බලතල පාවිච්චි කළ බව කියති.

webjayalalithaa-tricolour-650_650x400_61480986760



අදහස් (0)

ඇම්ජීආර් ළඟම ජයලලිතා අවසන් ගමන් යයි

ප්‍රියාන් Tuesday, 06 December 2016 07:00 AM

කුමන නැටුම් කෙළි කවට සිනා දා... මරුට නොමැත කිසිවිටකදී බාධා... අපටයි මිනිසුනේ.. ඇයි එය නොසිතන්නේ.. (නි)

:       0       0

සහන් Tuesday, 06 December 2016 07:11 AM

ඔන්න අම්මාට වුණ දේ. අපේ අප්පච්චිලාත් මේවා ඔලුවට ගත්තොත් හොඳයි. (නි)

:       0       0

චින්තක Tuesday, 06 December 2016 07:32 AM

පහන්, අප්පච්චිලා විතරක් නොවේ, මහා බැංකු හොරුත් මේවා ඔලුවලට ගන්න ඕනෑ (නි)

:       0       0

බන්දුල Tuesday, 06 December 2016 07:38 AM

අපි මිනිසුන් නිසා සමාදානයේ සැතපේවා කියා ප්‍රාර්ථනා කරනවා. එහෙත් කළකම් පළදෙනවා. දිනය පැමිණිවිට මරුවා ළඟාවෙනවා කියන එක හොරකම් කරන හැමෝටම හොඳ පාඩමක්. (නි)

:       0       0

නීලා Tuesday, 06 December 2016 08:37 AM

චින්තක, අප්පච්චි කිවුවහම ඔයාට තරහා ගියා වගෙයි නේද? හොරා කාපු කොයි අප්පච්චිලාටත් විඳවන්න වෙන්නේ. (නි)

:       0       0

රොහාන් Tuesday, 06 December 2016 08:40 AM

කොතරම් බලය මුදල් තිබුනත් සෑම ජගතෙක්ම වෙලාව අාවහම සියල්ල හැර දාලා යන්න ඕනෑ. බලන්න මැය ඉන්න පෙට්ටියේ තව මොනවත් ගෙනියනවද නැහැ නේද? මැයගේ දේශපාලනය කුමක් වුවත් ශ්‍රි ලංකාවේ අපි අපේ ශෝකය පළකරමු. (නි)

:       0       0

නිකොලා Tuesday, 06 December 2016 09:34 PM

මේයාට රූප සම්පතිය ලැබුන ,ධනය ලැබුන ,බලය ලැබුන ;ඔක්කොම ලැබිලත් මෙය ලංකාවෙට කෙළේ කෙනෙහිලිකම් තමයි (ර)

:       0       0

හුසේන් Tuesday, 06 December 2016 09:51 AM

මැරුණට පස්සෙත් හොඳක් කියන්න පුළුවන් වෙන්නේ, ජීවත් වෙද්දී මනුස්සකමින් පිරි හැම මනුස්සයෙකුටම එක හා සමානව ආදරය කරොත් විතරමයි (හේ)

:       0       0

ලක්සිරි Tuesday, 06 December 2016 09:54 AM

මරණාසන්න මොහෙතේ සතිය සිහිය පවත්වාගන්න වාසනාවක් නොතිබූ නිසා 99%ක් සතර අපායේ උපතක් ලබා ඇති බව විනිශ්චය කිරීම නිවැරදි බව මගේ හැගීමයි.(හේ)

:       0       0

නිශාන්ත Tuesday, 06 December 2016 10:09 AM

නීලා, බැංකු හොරා කිව්වහම තරහා ගියා නේද? (නි)

:       0       0

දිසානායක Tuesday, 06 December 2016 10:19 AM

දෛවයේ කුරිරු සරදම්! (නි)

:       0       0

සුදත් Tuesday, 06 December 2016 10:32 AM

මරණය කාහටත් පොදු දෙයක්. මෙතන සමහරුන් ඒ බව වටහා නොගැනීමයි අරුමය (නි)

:       0       0

විජය Tuesday, 06 December 2016 11:12 AM

මළවුන්ටත් ගරහන තරමට ලංකාවේ මිනිස්සු ගාව මනුස්ස කම නැහැ,, (හේ)

:       0       0

ලීනා Tuesday, 06 December 2016 11:37 AM

බෞද්ධ රටක ජීවත්වෙන අය නපුරු සිතුවිලි වලින් මිදිය යුතුයි. මරණය කාටත් පොදු දෙයක්. ඈ හට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සාලිය Tuesday, 06 December 2016 11:56 AM

මළවුන්ට ගරහන්න වත් මළවුන්ට ගෞරවකරන්නත් කාටවත් බැහැ. මන්ද මේ සියලුම දෝෂ්මුර හා ප්‍රශංසා ජීවත්වූ පුද්ගලයාට පමණක් සීමාවූ දෙයක් නිසා. මියගිය පසු ඔය වර්ණනා හෝ ගැරහිලි බාරගන්න කෙනෙක් නැහැ. නිහඬව හිඳීම හැර කළයුතු කිසිවක් නැහැ. (ර)

:       0       0

මහින්ද උදයසිරි Tuesday, 06 December 2016 12:31 PM

කටත් පොදු ධර්මතාව පැහැදිලිවම මෙම මරණයෙන්ද පෙනේ ජාති ආම් කුල මල බේද අමතක කර ශෝකය පලකරමු (හේ)

:       0       0

බමුණු Tuesday, 06 December 2016 02:56 PM

ජාති ආම් කුල මල බේද අමතක කර ශෝකය පල කරමු (හේ)

:       0       0

කුලතිලක Tuesday, 06 December 2016 06:17 AM

ලේ විසවෙන්නෙ නැතුව තිබුනා නම් තමයි පුදුම තිබුන වෛරයේ හැටියට (නි)

:       0       0

දිමුත් Tuesday, 06 December 2016 06:26 AM

ලංකාවේ මුහුදේ මාලුවෙක් වෙලා ඉපදිලා රටම කයිද දන්නෑ නේද..(බ)

:       0       0

මධුර Tuesday, 06 December 2016 06:51 AM

මරණය කාටත් පොදුයි (නි)

:       0       0

යහපාල Tuesday, 06 December 2016 06:50 AM

අපේ බලවත් ශෝකය! (නි)

:       0       0

රූපවතී Tuesday, 06 December 2016 06:52 AM

මුහුද අයිනේ වළදමන්න එපා. මටත් බයයි අපේ මුහුදේ මාලුවෙක් වෙලා ඉපදෙයිද කියලා. එහෙම වුණොත් උතුර විතරක් ඉතුරු කරලා ලංකාවම හපලා කයි (නි)

:       0       0

රොඩ්‍රිගෝ Tuesday, 06 December 2016 06:54 AM

අනේ අම්මෝ ඔහොම ගියා ඇති.‍ (නි)

:       0       0

අබය Tuesday, 06 December 2016 06:55 AM

හෙම්බිරිස්සාවකටවත් ඇපලෝ රෝහලට යන්නට හොඳ නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 December 2016 06:57 AM

අපි බෞද්ධයෝ වශයෙන් සැමට ගරු කරමු. අඩුම තරමේ කෙනෙකුගේ අවසන් මොහොතේදීවත්. ඒ ඒ අය විසින් කළ පින් පවු අනුව ඒ අය මතු භවයකදී දුක හෝ සැප අත්විඳීවි. වෙන කිවයුතු දෙයක් නැත. ශෝකය පළකරමි මනුස්සයෙක් වශයෙන් (නි)

:       0       0

මිනිපෙ Tuesday, 06 December 2016 04:34 PM

හැම කෙනෙක්ම මියයන බව මෙතන හැමකෙනාම අපිට මතක් කර දුන්නට ස්තුතියි .හරි පුදුමයි,අපි එක දැනගෙන හිටියේ නැනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1486 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1987 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1507 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8539 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2469 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10491 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site