වරකාපොළ කොහොඹදෙණියේ ජල ව්‍යාපෘතියකට අලාභ හානි කැර රුපියල් දස ලක්ෂ අසුහාරදහක අනර්ථයක් සිදු කළ බවට චෝදනා ලබා සිටි කෑගල්ල දිස්ත්‍රික් අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා ඇතුළු සැකකරුවන් 18 දෙනකුට තුල්හිරිය මහෙස්ත්‍රාත් සනත් ජේ මොරවක මහතා ඉදිරියේ අද (05) චෝදනා බාර දෙනු ලැබීය.
චෝදනා පහටම නිවැරදිකරුවන් බව ඔවුහු පැවසුහ.
ඒ අනුව නඩු විභාය ලබන ජනවාරි 10 වැනි දිනට කල් තැබීය.
2012 ජුනි 12 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී වරකාපොල කොහොඹදෙණියේ පදිංචි කේ .ටී ජයලත් බණ්ඩාර යන අයගේ නිවසට විත්තිකරුවන් ඒකරාශි වී අයුතු බලපෑම් කොට ඇතුළු වී නිවසේ ජල ව්‍යාපෘතියට හානි කොට රුපියල් දස ලක්ෂ අසුහාරදාහක අනර්ථයක් සිදු කිරීම පිළිබදව මෙම නඩුවේ චෝදනාව ලබා ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න වරකාපොළ ප්‍රාදේශිය සභා මන්ත්‍රී සරත් සුමනසුරිය (එජනිස) ,අමිල වික්‍රමරත්න,ආනන්ද කුමාරසිරි,කේ.ගුණවර්ධන,පිරීස් කුමාර,සරත් පතිරණ,මල්ලිකා දමයන්ති, මාලනී ජයන්ති, තරංගා රුවන්, ලාල් දිසානායක,අජිත් සිසිර කුමාර,වික්‍රම සිංහ ගුණසේන,කේ කරුණාවති, ඇතුළු තවත් සැකකරුවෝ පස්දෙනකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට නඩු දාන මිනිස්සුත් ඉන්නවා එහෙනම්, ඔය මිනිහම වෙන්න ඇති ටැංකිය කඩා ගන්න ඇත්තේ.(නදී)
ජනතා බලය පුද්ගලික අරමුණුවලට යට කරන්න බැහැ. ඇමතිතුමා ජනතාවගේ පැත්ත ගත්තේ.ශුභ අනාගතයක්. (දී)
අනේ පිස්සුද? කවද්ද අපේ මන්ත්‍රී උත්තමයෝ වැරදිකරුවෝ උනේ? හැම හෝටලයකම පරිප්පු තියෙනවා වගේ, ඕනෙම දහජරා වැඩක් පිටිපස්සේ පළාත් බබෙකුත් ඉන්නවා.(නදී)
දේශපාලකයෝ කවදාවත් බොරු කියන්නේ නැහැ (දී)
මේ අය තමයි ඉතින් මේ රට පාලනය කරන දේශපාලුවෝ.(නදී)
මම හිතන්නේ අපේ දේශසාපලකයෝ දාමරිකයෝ නෙමේ.(නදී)
අනිත් ඒවා කොහොම උනත් මේ වැඩේනම් ඇමති තුමා කලේ හොද දෙයක්. ඇමතිතුමා ජනතාවගේ පැත්ත ගත්තේ. ශුභ අනාගතයක්.(නදී)
අනේ මේ ගොල්ලො බබාලා.(නදී)
කමල් ඔබ හරි. නඩුව දාපු කෙනාට පිස්සු අපේ ඇමතියෝ එහෙම කරනවද. අපේ අය ඉන්නේ ආශ්චර්යමත් රටකනේ.(නදී)
ඇමතිවරු කවදාවත් තමන් වරදක් කළා කියන්නේ නැහැ. එමෙන්ම තම පවුලේ දු පුතුන් බිරින්දෑවරුන් වරදක් කළා කියා පිළිගන්නෙත් නැහැ. සිහිනෙන් ඔක්කොම වෙන කාලේ ඔක්කොම සිහිනයක් වෙලා යනවා.(නදී)
දේශපාලනයේ යෙදෙන්නන්ගේ වත ගොත පරීක්ෂා කර දේශපාලනයේ යෙදීමට නීති මාලාවක් මෙතුවක් කල් ගෙනාවද?එහෙම කර තිබුණා නම් මේ ඉන්න ගොඩක් මැති ඇමති වරුන් දේශපාලනයට නුසුදුස්සෝ වෙනවා. කරුමෙට ලංකාවේ දේශපාලනයේ යෙදෙන්නේ හික්මීමක් ඇති පුද්ගලයන් නොව සදාචාරයක් රහිත පුද්ගලයෝය... (නි)
වසන්ත, නෙත් දෙක ඇරලා ලෝකය දෙස බලන්න. ලෝක සම්මත නීතියක් තිබෙනවා කෙනෙකු හට තවත් කෙනෙකුට ඇඟිල්ල ඔසවලා හෝ බලපෑමනක් කිරීමට නොහෙකි බවට. ලංකාවේ මෙවෙනි දේ කලාට නිතිය තදින් ක්‍රියාත්මක වන දියුනු රටවල මිනිසෙක් බහින් බස් වෙනවා දකින්නෙත් ඉතාම කලාතුරකින්.වසන්ත,කරුණාකරලා ලිඳෙන් ගොඩ ඇවිත් ලෝකය බලන්න ... (නි)
පිස්සුද, ආණ්ඩුවේ ඇමතිවරු අතින් කවද්ද වැරදි උනේ. ඔක්කොම නිර්දෝශයි.(නදී)
ඕනෑම තුප්පහි වැඩක් කරලා නිවැරදිකරු කියන්න තරම් අපේ දේශපාලුවෝ හරි දක්ෂයි. එයාලට විරුද්දව කිසිම නීතියක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ප්‍රසිද්දියේ මිනිමරන්නත් එයාලට බලය තියනවා රටේ නීතියත් දැන් දේශපාලනයට යටවෙලා. හැම නීතියක්ම තියෙන්නේ දුප්පත් අසරණ ජනතාවට විතරයි.(නදී)
සියලුම මැති ඇමතිවරු නිවැරදිකරුවෝය, දුප්පත් මහජනතාව වන අපි සියලුදෙනා වැරදිකරුවෝය. (නි)