ඇමැතිවරුන්ගේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම අතර ‘කථානායක කුසලානය‘ සදහා දෙවැනි වරටත් පැවැති වාර්ෂික ක්‍රිකට් තරගය අද (15) විස්සයි විස්ස තරගයක් ලෙස ටොරින්ටන් පෙදෙස් ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එහිදී ඇමැතිවරුන්ගේ කණ්ඩායම පරදවා කඩුලු 4 ක පහසු ජයක් අත්කැර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම සමත් විය.
මෙහිදී ඇමැතිවරුන්ගේ කණ්ඩායමේ නායකත්වය ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හිමි වී තිබු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ නායකත්වය හිමි වී තිබුණේ රවී කරුණානායක මහතාටයි.
තරගයේ හොදම පන්දු යවන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හොදම පන්දු රකින්නා මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ,දක්ෂතම පිතිකරු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක ද තරඟයේ වීරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ද සම්මාන ලැබීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීවරුත් තාම ඉන්නවා එහෙනම්. මම හිතන් හිටියෙ දැන් ඔක්කොමලා ඇමතිලා කියලා.(නදී)
කව්ද කෙනෙක් තරුවක් ගහගෙන චේටත් අපහසකරනවා වගේ (දිල්)
ඡන්දෙකදී මේ දෙගොල්ලොම ජනතාවට පරාදයි ඔන්න කීවා ! (නදී)
රොෂාන් ඔබ හරි. මන්ත්‍රී පිලට කට්ටිය අඩු නිසා තමයි විපක්ෂයට චාන්ස් එක ලැබිල තියෙන්නේ.(නදී)
අනේ කරුණාකරලා ඔබ තුමාලගේ බඩ අඩුකර ගන්න.(නදී)
හැබැයි වෙන දෙයකින් නම් මන්ත්‍රීවරුන් ඇමතිවරුන්ට පරාද වෙනවා (නි)
මේ අයට ඉස්සෙල්ලම බඩු මිළ අඩු කරන්න කිව්වොත් හොඳයි නේද? (නදී)
අයියෝ වැඩ නැතුවට වැඩ නේද. (නදී)
නියම ක්‍රීඩා ශරීර ටික. බඩවල් ටික දැක්කම දුකේ බැහැ.(නදී)
වෙලාවක් තිබේ නම් ඔය අය එකතුවෙලා රටට වෙලා තිබෙන පරිහානිය ගැන කතා කරොත් නේද හොද. ළමා අපචාර ,ස්ත්‍රී දුෂණ ,මිනීමැරුම් ,අල්ලස් ,මත්ද්‍රව්‍ය ,බඩු මිල ගැන එහෙම.(නදී)
තරග විනිසුරු වරු වශයෙන් ටී.එන්.ඒ එකේ අයට එන්න කිව්වේ නැද්ද ? (නදී)
කොහොමත් රවී කරුණානායකට ඉහලින් කප් ගහන්න කෙනෙක් මෙතන නම් නැහැ. වෙන තැන්වල ඉන්නවද මං දන්නේ නැහැ. (නදී)
මෙච්චරද කරන්න තියෙන්නේ රට වෙනුවෙන්.(නදී)
ලබන සැරේ දෙනවා බැටේ (දිල්)
ඇති යාන්තම්...ආයිත් ලංකාවට නම් යන්නේ නිවාඩුවකට පමණයි. (දිල්)
බලන්නකෝ අර තුන් වෙනි රුපය අපේ ඇමතිවරු කොච්චර හැඩද කියලා.(නදී)
පිරිත් නුලක් නැති එක ඇමති කෙනෙක් පෙන්වන්න පුළුවන් නම්.(නදී)
මේකෙන් මන්ත්‍රීවරු දින්නාට අනිත් ගැහිලිවලින් ඇමතිවරු දිනුම්නේ නේද?(නදී)
අපොයි දෙයියනේ.(නදී)
ඩලස් ඇමතිතුමාට ලැබිලා තියෙන පිත්ත හරි නැහැ. (නදී)