
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට, ගත් උත්සාහය හෙග්සෙත් නියෝජනය කරන ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල නායකයන් සමත්ව වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
ඉකුත් දා පැවැත්වුණු මධ්‍යවාර මැතිවරණයේදී, රිපබ්ලිකන් පක්ෂය ලැබූ පරාජයෙන් අනතුරුව, අභ්‍යන්තර බෙදීම්වලට මුහුණ දී සිටින එම පක්ෂය තුළ මෙම තීරණය එකමුතුවක් පෙන්නුම් කරන සිදුවීමක් ලෙස සැලකෙයි.
ඒ අනුව පසුගිය මධ්‍යවාර මැතිවරණයෙන් ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) බහුතරය දිනූ ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂ සාමාජිකයන්,
හෙග්සෙත්ට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට තිබූ උත්සාහය රිපබ්ලිකන් නායකයන්ගේ මැදිහත්වීමෙන් නතර වුණු බව ද පැවැසෙයි. ඇමෙරිකාව ඉරානය සමග යුද්ධයකට පැටලුණේ, ආරක්ෂක ලේකම් ලෙස හෙග්සිත්, ජනාධිපති ට්‍රම්ප්ට දුන් වැරචදි තොරතුර නිසා යැයි ඔහුට චෝදනා එල්ල වී ඇත. දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම් වූයේ එම චෝදනා මුල්කොට ගනිමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd