
ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අංශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට පළමු නියමුවන් රහිත, මගීන් පමණක් රැගෙන යා හැකි ඩ්‍රෝන යානා පරීක්ෂණ පියාසැරිය, අද (11) කොළඹ ‘පෝට් සිටි’ පරිශ්‍රයේදී පැවැත්විණි.
ඒ, ශ්‍රී ලංකා වරාය හා සිවිල් ගුවන් සේවා සිවිල් ගුවන්සේවා අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය, ගුවන් හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක සම්බන්ධීකරණයෙනි.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්, ‘පෝට් සිටි’පරිශ්‍රයේ පැවැති මෙම පරීක්ෂණ පියසැරියේ, ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූයේ වරාය සහ සිවිල් ගුවන් සේවා මෙන්ම බලශක්ති අමාත්‍යවරයා ද වන අනුර කරුණාතිලක මහතාය.
එම පළමු පරීක්ෂණ ඩ්‍රෝන ගමනට, අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ද එක් විය. කෙටි ගුවන් ගමනකින් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවැසුවේ එය අපූරු අත්දැකීමක් වූ බවය.
මෙරට, නියමුවන් රහිත මගී ඩ්‍රෝන සේවා ආරම්භ කිරීම සඳහා තබන මූලික පියවරක් ලෙස පරීක්ෂණ පියසැරිය සැලකෙයි. ඩ්‍රෝන සේවාව සඳහා භාවිතයට ගැනෙන්නේ, පියසැරි ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්වාසය දිනූ, චීනයේ ප්රමුඛ පෙළේ ඩ්‍රෝන නිෂ්පාදන සමාගමක් වන ‘ඊ හැංග්’ සමාගමය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැක්මට අනුව මෙරට ගුවන් ප්‍රවාහන සේවා නව මානයකට රැගෙන යෑමේ අරමුණින්, ‘ඊ හැංග්’ සමාගම, මෙම ඩ්‍රෝන ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටී.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, ‘ඊ හංග්’ සමාගම වෙනුවෙන් චීන ජාතිකයන් වන ටැංග් යැංඩි සහ කොනර් යැංග් යන මහත්වරු, පරීක්ෂණ ඩ්‍රෝන පියසැරිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කළහ.
චීනයේ ‘ඊ හැංග්’ සමාගමේ ඩ්‍රෝන භාවිතයට ගනිමින්, මගී සේවාවක් ආරම්භ කිරීමට සූදානම් වන පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාවය. සිදුවුණු පරීක්ෂණ පියසැරිය යොදා ගත්තේ, ‘ඊ-විටොල්’ තාක්ෂණයෙන්, ක්‍රියාත්මක දෙදෙනකුට පහසුවෙන් අසුන්ගෙන යා හැකි ‘ඊ216’ වර්ගයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd