
(ටී.කේ.ජී.කපිල )
ඇමෙරිකාවේ බෝයිං සමාගම විසින් නිෂ්පාදිත MV22B වර්ගයේ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද දහවල් පැමිණියේය.
මෙම යානය හෙලිකොප්ටර් යානයක් සේම ගුවන් යානයක් ලෙස ද භාවිතා කළ හැකි වීම විශේෂත්වයකි .
මෙම යානයෙහි ඇති අවර පෙති හෙලිකොප්ටරයක මෙන් ඉහලට එසවෙන ආකාරයට සකස් කර තිබුණද , අවශ්‍යතා පරිදි එය ගුවන් යානය මෙන් ඉදිරිපසට යොමු වන ආකාරයට ද සකස් කර ගත හැකිය .
එසේම මෙම යානය ගුවන් ගත වීමට ධාවන පථයක දිව යෑම අවශ්‍ය නොවන අතර , එය හෙලිකොප්ටර් යානයක් මෙන් එකවරම අහසට නැංවීම සිදු කළ හැකිය .
මෙම යානය ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් , නාවික සැතපුම් 50 ක දුරින් නැංගුරම් ලා ඇති ඇමෙරිකානු නාවික හමුදා යාත්‍රාවකින් පිටත් වී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd