
(මහේෂ් කිර්තිරත්න)
දීපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා එළඹෙන සඳුදා (09) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති අතර, ඒ සඳහා අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන් විසින් අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.
මෙම විශේෂ නිවාඩු දිනය වෙනුවෙන් එළඹෙන නොවැම්බර් 14 වැනි සෙනසුරාදා දින අදාළ පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට නියමිත බවද බලධාරීන් දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd