IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඇමරිකාවට සාත්තු කරන්න ලංකාවත් යයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් සාත්තු සේවය සඳහා මෙරටින් සාත්තු සේවිකාවන් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.


විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ඇමරිකා ආයතනයක් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද ගිවිසුමකට එළැඹියේය.


ගිවිසුම අවුරුදු පහකට වලංගු වන අතර මෙමගින් රැකියා අවස්ථා 30,000කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට හිමි වන බවද එම කාර්යාංශය  පෙන්වා දෙයි.

එමෙන්ම එහි පළමු කණ්ඩායම කඩිනමින් බඳවා ගන්නා බවත්, කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක ඔවුන් පුහුණු කෙරේ.



අදහස් (0)

ඇමරිකාවට සාත්තු කරන්න ලංකාවත් යයි

රංග Wednesday, 04 May 2016 07:59 PM

දේශපාලක ලිස්ට් යවලා ලංකාවේ නම එහෙම කනවා නෙමෙයි. ජපානයට ක්‍රීඩකයින් යවලා කරගත් හදිය වගේ සංචාරයටවත් විසා එකක් දෙන එකක් නැහැ. (නි)

:       0       0

නුවන් Wednesday, 04 May 2016 08:02 PM

මෙන්න වැඩ. මේ වගේම අයිටී සහ තවත් කාර්මික ක්ෂේත්‍රයේ පිරිසුත් පුහුණුකර පිටරට සේවයට යොමු කරන්න. මේ වගේ වැඩවලින් තමන්ගේ පවුල් වලටද හානියක් නොවේ. මුළු පවුලටම එකට සිටීමේ හැකියාව මෙවැනි පුහුණු ශ්‍රමික රැකියා වලට හිමිවේ. (නි)

:       0       0

පද්මිණි Thursday, 05 May 2016 05:04 AM

නුසුදුස්සන් නම් කොහොමටවත් යවන්න ඉඩක් නැහැ. ලංකාවේ දරුවන් අධ්‍යාපන මට්ටම. වගේම ගිලනොපස්ථානය ගැන ඉහල දැක්මක් තියෙන අය. රටට යහපතක්ම වේවා යනු මගේ අවංක පැතුමයි. (ර)

:       0       0

එවන්තිකා Thursday, 05 May 2016 05:06 AM

ඇමරිකාවට යන්න මොනවද ඕන සුදුසු කම්. (ර)

:       0       0

බණ්ඩාර Wednesday, 04 May 2016 08:52 PM

පසුගිය රජය තිබුණා නම් මේවා හම්බවෙන්නේ නැහැ (නි)

:       0       0

යසස් Wednesday, 04 May 2016 10:35 PM

මේ වගේ දේවල් වලට ප්‍රසිද්ධියක් දීලා අපේ තරුණ තරුණියන්ට හොඳ රැකියා අවස්ථා ලබාදෙන්න ඕනෑ. සුදුසුකම් තියෙන දක්ෂ අවංක අය මේ වගේ රටවලට යවන්න ඕනෑ. මැදපෙරදිග යවන එක නවත්වන්න ඕනෑ. (නි)

:       0       0

හෂාන් Wednesday, 04 May 2016 10:50 PM

පසුගිය කාගේ කළේ රටවිරුවොයි කියලා නමක් දාගෙන පොල් පටවනවා වගේ අපේ අම්මලා අක්කලා මැදපෙරදිග යවපු එක. උගත්කම අඩු සල්ලි ඇති රට වලට උගත්කමින් අඩු සේවකයෝ යවනකොට තමයි හිටපු කට්ටියට ගසා කන්න පහසු. හැබැයි මේකටත් යන අයව තෝරාගන්නකොට අතයටින් සල්ලි ගනියිද දන්නේ නැහැ. ඒ ගැන ඇමතිනිය ඇස ගසාගෙන ඉන්න. (නි)

:       0       0

කීර්ති Wednesday, 04 May 2016 10:56 PM

රැකියා අවස්ථා 30,000කට අධික ප්‍රමාණයක තෝරාගැනිම විනිවිදභාවයකින් කරන්න. නැත්නම් මේ 30000 න් හිතවත්කම් වලට හා වෙනත් දේවල් වලට බඳවා ගන්න පුළුවන්. පසුගිය කාලේ වැඩ සිදුවුණ පිළිවෙල ගැන අපි දන්නවා. මේවා කාටවත් පුද්ගලිකව ලැබුනු අවස්ථා නෙමෙයි. රටට ලැබුනු අවස්ථා. (නි)

:       0       0

සඳලතා Wednesday, 04 May 2016 11:42 PM

කඩිනමින් බඳවා ගත්තාට නම් කමක් නැහැ. හැබැයි විනිවිදභාවයකින් යුතුව බඳවාගැනීමයි කළයුත්තේ. මේකෙනුත් කාටහරි අල්ලස් ගන්න නම් ඉඩ තබන්න එපා. හිතවත්කම් වලට නුසුදුසු අය යවන්න ඉඩ තබන්න එපා. පුහුුණුවත් ගඍ සේවයට යවන අම්මලා පුහුණු කරන අාකාරයට කරලා නම් වැඩක් නැහැ (නි).

:       0       0

යසස් Thursday, 05 May 2016 01:12 AM

මේ ආණ්ඩුවේ තවත් සුරඟන කතාවක්දැයි සැකයි (නි)

:       0       0

නුවන් Thursday, 05 May 2016 06:06 AM

විජේ, අපි නම් කැමති රට රැකියාවක් කරලා යමක් හම්බකරගන්න. (ර)

:       0       0

බණ්ඩා Thursday, 05 May 2016 06:15 AM

අවුරුදු 5 ක් වැඩ කළාම පුරවැසි කම ලැබෙනවා ...මේ යන කවුරුවත් අපහු ලංකාවට නම් එන්නේ නෑ.....(බ)

:       0       0

නිශාන්ත Thursday, 05 May 2016 01:48 AM

පහුගිය කාලේ සිදුවූ දේවල් වල හැටියට අඩුගානේ මෙහෙමවත් දෙයක් මේ ආණ්ඩුවෙන් කරන එක නම් හොඳයි. මැදපෙරදිග යැවිල්ල නම් නතර කළයුතුමයි. (නි)

:       0       0

විශාඛා Thursday, 05 May 2016 01:50 AM

හෂාන්ට බොහොම ස්තුතියි. ඇත්තම ඇත්ත. ඉස්සර වුණෙත් ඕකම තමයි. ප්‍රශ්න වලින් හෙම්බත් වුණ, දැනුම අඩු අය පටව පටවා අදාළ අය මඩිය තරකර ගත්තා. (නි)

:       0       0

මෙල්වින් Thursday, 05 May 2016 01:51 AM

යසස්, මැදපෙරදිග යවන එක නවත්වන්න නිලධාරින් නම් කැමති වෙන එකක් නැහැ. ප්‍රශ්න තියෙනකොට තමයි ඒවා විසඳන්න කිය කියා රට රටවල ශ්‍රමිකයන්ගේ සල්ලි වලින්ම ඇවිදින්න යන්න පුළුවන් වෙන්නේ. (නි)

:       0       0

එරන්ද Thursday, 05 May 2016 01:55 AM

මේ වගේ රැකියා අවස්ථා තව තවත් වැඩි වැඩියෙන් ඇතිකරන්න (නි)

:       0       0

ජගත්‍ Thursday, 05 May 2016 01:56 AM

මේවට තෝරාගැනීම් කරද්දී එක නිලධාරියෙකුට බලය දෙන්න එපා. එතකොට එයා කැමති අය අල්ලස් අරගෙන හරි දාන්න පුළුවන්. තෝරාගැනීමට මණ්ඩලයක් හදන්න. (නි)

:       0       0

මහින්ද Thursday, 05 May 2016 01:57 AM

යවන්නෙ කවුද, ඇයි යවන්නෙ කියලා විනිවිදභාවයකින් කරන්න. මේක කාටහරි ගාණක් කඩාගන්න පුළුවන් වැඩක් කරන්න නම් ඉඩදෙන්න එපා. (නි)

:       0       0

ජනක් Thursday, 05 May 2016 02:16 AM

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙ වැඩකරන අයගේ ගෙවල් වලට පුදපඬුරු එහෙම අරගෙන කට්ටිය එන්නත් පුළුවන්. අපේ රටේ මෙහෙම දේවල් වෙනවා. වෙලා තියෙනවා. ඒ නිසා මේ ගැන අවධානයෙන් ඉන්න. (නි)

:       0       0

අරවින්ද Thursday, 05 May 2016 02:21 AM

මැදපෙරදිග යවන එක නවත්වනවා නම් මෙම කාර්යාංශයට එතරම් වැඩක් නැහැ. බොරුවට සල්ලි දිදී, වාහන ඉන්ධන දිදී, මහා ලොකු නිලධාරි පැලැන්තියක් අපේම දුක්විඳින සල්ලි වලින් නඩත්තු කරන්න ඕනෑවෙන එකක් නැහැ. (නි)

:       0       0

දිද්දෙණිය Thursday, 05 May 2016 02:23 AM

නූගත් ශ්‍රමිකයො යවනකොට තමයි ලොකුවට පුහුණු කරන්න වෙන්නෙයි, විවිධ ප්‍රශ්න ඇති වෙන්නෙයි. උගත් අයව පුහුණුකරන්න දෙයක් නැහැ. ඒ මිනිස්සු රස්සාව කරගෙන ඉන්න දන්නවා ප්‍රශ්නත් නැහැ. (නි)

:       0       0

ප්‍රියාත් Thursday, 05 May 2016 02:26 AM

උදම් අනන්න නම් යැවිය යුත්තේ දියුණු රටවලට උගත් ශ්‍රමිකයන් මිස, පහුගිය කාලේ වගේ නෙමෙයි. (නි)

:       0       0

ශ්‍යාමා Thursday, 05 May 2016 02:27 AM

දේශපාලක ලිස්ට් වුණත් කමක් නැහැ. සුදුසු අය වියයුතුයි. එහෙම නැතුව පහුගිය කාලේම ගියෙත් නිල්පාට අය. දැනුත් නිල් අයම යවලා හරියන්නෙ නැහැනේ. හැබැයි නුසුදුස අය යවන්න නම් එපා. (නි)

:       0       0

ට්‍රිෂාන් Thursday, 05 May 2016 02:28 AM

විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක පක්ෂයක පාටින් වැහිලා තිබුනේ. දැනුත් ඒ අය ඒ පුටු වලමයි. (නි)

:       0       0

පෙරේරා Thursday, 05 May 2016 06:56 AM

මීට කලින් ඔයවගේම සද්දේ දැම්මේ එංගලන්තෙට සාත්තු සේවිකාවන්ව අරිනවා කියලා කෝ මොකද්ද ඒකට වුනේ??(හේ)

:       0       0

චන්න ප්‍රසන්න Thursday, 05 May 2016 02:29 AM

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයයි, ඒකාබද්ධ කල්ලියයි, රතු සහෝදරවරුනුයි මේ ගැන මොනවගේ ප්‍රකාශ කරයිද දන්නේ නැහැ. කියයිද දන්නේ නැහැ මේ ගිවිසුමෙනුත් සිද්ධ වෙන්නේ ඇමරිකානුවන්ට ලංකාවේ රෝහල්වල රැකියා දෙන එකයි කියලා. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 05 May 2016 02:37 AM

මැදපෙරදිගට ශ්‍රමිකයන් යවන එක නවත්වලා මෙහෙම දේවල් කරනවා නම් හොඳයි (නි)

:       0       0

වි. ජයපාල Thursday, 05 May 2016 02:38 AM

මේකටත් සමහරු ස්ට්‍රයික් කරයිද දන්නේ නැහැ (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 05 May 2016 02:44 AM

විදෙස් රටවල් සමඟ හොඳින් සිටීමෙන් අපිට දුර ගමනක් යා හැක (නි)

:       0       0

අරංගල Thursday, 05 May 2016 02:52 AM

මැදපෙරදිග යවන එක නවත්තන එක නම් ලොකු දෙයක් (නි)

:       0       0

දීපාල් Thursday, 05 May 2016 02:55 AM

මැදපෙරදිග යවන එක නැවැත්වුවහොත් විසඳන්න ප්‍රශ්නත් නැතිවෙයි කාර්යාංශයේ අයට (නි)

:       0       0

චානක Thursday, 05 May 2016 02:58 AM

කාලෙකට පස්සෙ අහන්න ලැබුණ සුබ ආරංචියක් (නි)

:       0       0

සමාරා Thursday, 05 May 2016 07:53 AM

ලංකාවේ රෝහල් වල වැඩ කරන සේවිකාවන් මේකට ගියොත් මෙහෙ රෝහල් වල වැඩ කරන්න පුහුණු , පළපුරුදු අය නැති වේවි නේද ? (ර)

:       0       0

වසන්ත Thursday, 05 May 2016 03:03 AM

ඇමෙරිකාවට එහෙම යන්න බැහැ. හැම දෙයක්ම තහවුරු කරගෙන තමයි ඒගොල්ලෝ අපිව ගන්නේ (නි)

:       0       0

අසේල Thursday, 05 May 2016 08:42 AM

මට මේ සම්බන්ධව හොද පළපුරුද්දක් තියෙනවා. ඒ වගේම දැනට ඊශ්‍රායල් රටේ මේ ජොබ් එකම කරන්නේ. අපිට එ්කට ඉල්ලන්න පුළුවන් විදියක් තිබේනම් දැනුවත් කරන්න. රටට විදේශ විනිමය ගේන මේ වැඩේ ගොඩක් හොද. එ්ක අගය කරන්න ඕන. එ්ත් සුදුස්සන්ව යවන්න. නැතිනම් පළමු සෙට් එකෙන්ම වැඩේ අප්සෙට් වේ. (බ)

:       0       0

අනුලා Thursday, 05 May 2016 08:47 AM

සමාරා පලපුරුදු ඇති ගියාට මොකුත් වෙන්නෙ නැහැ. නුපුහුනු අයව පුහුනු කරන්න පුළුවන්. ඉන්න අය ගියොත් ඒ හිඩැස් වලට තව පිරිසකට මෙරට රැකියා විවර වෙනවා. (ර)

:       0       0

ඉන්දු Thursday, 05 May 2016 09:00 AM

ඇමෙරිකාවේ රෝහල් වල වැඩ කරන්න සුදුසුකම් නැතිව ගන්නේ නැහැ, ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් නැතිව මිනිසුන්ට රැකියා දෙන්න ඒ රටට බැහැ. අපේ රටේ හැබෑ දක්ෂයෝ ඉන්නවා.. හරියට පුහුණු කලොත් ලෝකේ ඕනෙම තැනක වැඩ කරන්න ඔවුන්ට පුළුවන්.. (ර)

:       0       0

සුදේශ් Thursday, 05 May 2016 03:26 AM

ආනනද, ඔක ආයි කියන්න දෙයක් නෑ. මොලේ අබමල් රේනුවක තරම් දෙයක් තිබේ නම් ඔක තේරෙන්න ඔනේ. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 05 May 2016 04:27 AM

මේකට දේශපාලනය ගාවගත්තොත් එහෙම සුනේ සුන්. තියෙන චාන්ස් එකත් නැතිවෙන පොටක් එහෙනම්. (බ)

:       0       0

ඇසළ Thursday, 05 May 2016 04:30 AM

බණ්ඩාර පසුගිය රජය තිබුණා නම් මේවා හම්බවෙන්නේ නැහැ මේ රජයෙන් හම්බවෙලා තියන දේවල් මේ අවුරුදු 1,1/2 ට හොදටම ඇති නේද.කියල තියෙන්නේ ඇත්ත මයි. අපි දැන් යන්නේ වොක්ස්වැගන් වල, කතා කරන්නේ වයිෆයි වලින් නොමිලේ, වගාවට පොහොර නැතුව වවන්නේ, රජයේ සේවයට එන්නේ පැන්සන් නැතුව, තේ,පොල් රබර් වල අපමණ අගයක්, වී ගැන කතා කරලා වැඩක් නැහැ, මේ ටිකට කරපු සංවර්ධනය කිසිම ආණ්ඩුවකින් කරලා නැහැ. තව ඉතුරු වෙලා තියෙන්නේ රට බෙදල දෙන එක විතරයි නේද. (බ)

:       0       0

ශෂික Wednesday, 04 May 2016 03:45 PM

අහන්නත් සතුටුයි..මෙන්න කරනවානම් වැඩ...(බ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 04 May 2016 04:00 PM

නියම සුදුස්සන් මේ සඳහා බඳවා ගන්න. හරි කට්ටිය යැවුවොත් තවත් වැඩියෙන් ලැබෙයි. (නි)

:       0       0

විජේ Wednesday, 04 May 2016 04:21 PM

වැඩේ නම් ගොඩක්ම හොඳයි. නමුත් ඉතින් ඇමරිකාව මොනවගේ කොන්දේසි දාලද දන්නේ නැහැ රස්සාවල් දෙන්න හදන්නේ. අපේ රටට නරකක් වෙනවා නම් එහේ රස්සාවලට යනවාට වඩා වටිනවා මෙහේ හිඟාකන එක. (නි)

:       0       0

ආනන්ද Wednesday, 04 May 2016 04:49 PM

මේකත් තනිකරම අධිරාජ්‍යවදී කුමන්ත්‍රණයක් කියලා කියන්න කෙනෙක් නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ලලිත් Wednesday, 04 May 2016 05:28 PM

වැඩේ බොහොම ඉහළයි. නමුත් එහෙ ගිහිනුත් මෙහෙ රෝහල් වලදී වගේ ලෙඩ්ඩුන්ටයි ලෙඩ්ඩු බලන්න එන අයටයි ගොරවන්න ගියොත් ඒ අවසානේ තමයි. විදේශ විනිමය ලැබීම කෙසේවෙතත් වෙනත් රටවල්වල මීසී නෝනලා කොයි තරම් කරුණාවන්තද කියලා දැනගන්නවත් මෙහෙම යන එක වටිනවා. (නි)

:       0       0

මානෙල් ශ්‍යාමලී Wednesday, 04 May 2016 06:16 PM

මම වසර නවයක් පුරා ඊශ්‍රායල් වල සාත්තු සේවිකාවක් වශයෙන් සේවය කරමි. මා හට මේ සඳහා අයදුම් කළ හැකිද? එ් කෙසේද? කරුණාකර මා හට දන්වනු මැනවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 1 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 41 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 543 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1273 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 167 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 87 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38401 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site