ඉවත දමන කඩදාසි පිරිපහදු යන්ත්‍රාගාරයක් පිහිටුවීමට වසර 36ක් පැරණි ඇඹිලිපිටි කඩදාසි කම්හල ඕස්ට්‍රේලියාවේ සමාගමකට පැවරීමෙන් පසු එහි අවසානය සිදුවිය. කඩදාසි කැබැල්ලක්වත් නිෂ්පාදනය නොකර විදෙස් පාලකයන් කම්හල පෞද්ගලික බැංකුවකට උකස් කැර ඇතැයි ද, දැන් එහි යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි හා ගහකොළ වනසා ඇතැයි ද කියති.
කම්හලෙන් ඉවත් කළ බව කියන පරණ යකඩ ගෑස් සිලින්ඩර් සෙවිලි තහඩු ආදිය මොරකැටියේදී ඇඹිලිපිටි පොලීසිය විසින් පසුගිය 21 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු පොලීසියට කියා ඇත්තේ වෙන්දේසියකින් එම බඩු ගත් බවයි.
මෙම කම්හලේ චංචල නිශ්චල දේපොළද, අක්කර හත්සියයක් වන බිමද බැංකුවට උකස් කර ඇති බව කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොස්ගම තුනී ලෑලි සංස්ථාවෙ මෝලටත් වුණේ ඔය ටිකමනේ. (නි)
ඒ හෙඩිම ටිකක් හරි මදි නේද (දී)
ඉතින් කවුද මේවට වග කියන්නේ (දී)
කඩදාසියක් හදා ගන්න බැරිද අපේ රටට (ස)
වැඩිපුර සංවර්ධන කටයුතු එක්කෝ ණය, නැත්නම් මේ වගේ ඇස්බැන්දුම්... අනේ මන්දා. (නි)
අපිත් කූරියා ගහයි ඉක්මනින් මෙව දැකලම. (ස)
පපුවට ගහගෙන ජාත්‍යාලය පෙන්නුවට කවුරුත් කරන්නේ එකම සෙල්ලම කියලා දැන් පෙනෙනවා නේද? (නි)
මෙහෙම ගියොත් මොකද වෙන්නේ (ස)
මේක චින්තනයට අයිති නැද්ද එතකොට? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මෙතරම් වටිනා ගොඩනැගිලි සමූහයක් කැළෑවට යටකරන එක මොනතරම් නම් ජාතික අපරාධයක්ද? (නි)
ඔය එකක් පමණයි.. ජනතාව නොදන්නවා උනාට රටම උගස්තියලා තියෙන්නේ..! ජනතාවට රටට දෙවි පිහිටයි..!(නු)
ඔහොම දේවල් වෙනවා තමයි (ස)
අනේ අපොයි රටකට ගිය කලක්. (නි)
ඔන්න ඔහොමයි අන්තිමට වෙන්නේ කිවුවලු. (නි)
කවුද මේ ගැන සොයා බලන්නේ (ස)
හරිම කණගාටුයි "ලෝක විනාස කියන්නේ මේවට " (ස)
මේ අපි බලාපොරොත්තු වෙන සංවර්ධනයද ? (ස)
මේකද ආශ්චර්යය? (නි)
ආශ්චර්යය..!(නු)
ආශ්චර්‍යයක හැටි (ස)