රුපියල් තිස් හය ලක්ෂයක හිග මුදල් කොන්ත්‍රාත්කරුට නොගෙවීම නිසා ඇල්පිටිය රෝහලේ රෝගීන්ට අද සිට කෑම නැවතී ඇත.
හය මාසයක මුදල් තමාට නොලැබුණු බවත් එයින් කෑම සැපයීම අත්හිටවු බවත් ඔවුහු රෝහල් බලධාරීන්ට කියති. රෝගීහු 150 ක් පමණ සිටිති.
රෝහල් ප්‍රකාශකයකු පැවසුයේ අද උදේ ආහාරය වරැදුණු නමුත් දහවල් ආහාර සපයන බවයි. කොන්ත්‍රාත්කරුගේ මුදල් කඩිනමින් ගෙවන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සාධාරණ කොන්ත්‍රාත්කරුවෙක්. එක ලෙඩෙකුගේ දිනක කෑමට අය කරන්නේ රු133යි. වහාම මුදල් ටික ගෙවලා දාන්න. (නි)
කෑම සල්ලිත් ගසා කාලද ? පොලියට දීලද ? මාස හයක් කියන්නේ ලොකු කාලයක් ලොකු මුදලක් (නි)
අපේ සල්ලි වලින් බෙහෙත් දෙනවා නවතැන් දෙනවා මදිවට කන්නත් දෙන්න ඕනෑද? (නි)
මේ මොන දේවල් වලිනුත් තැලෙන්නේ අසරණ මිනිස්සුය. ඇල්පිටිය රෝහල කියන්නේ බොහොම දුප්පත් මිනිසුන් යන පහසුකම් අඩු රෝහලක්. එහෙම අසරණ තැන් වලටම තමයි මේ හැමදේම. (නි)
ලෙඩ්ඩු ටික පාර්ලිමේන්තුවේ කැන්ටිම පැත්තේ ගියා නම් හොඳ තරු පහේ කෑම එකක් අඩු ගානකට ගන්න පුළුවන්. (නි)
රෝහල් අධ්‍යක්ෂක තුමා ඇතුළු කාර්යමණ්ඩලය මෙයට වග කිවයුතුයි. (නි)
අම්පාරේ රෝහලේ අධ්‍යක්ෂක තුමාගෙන් හරි රෝහල් කළමනා කරණය ගැන පාඩම් ඉගෙන ගන්න. (දී)
ලංකාවේ සෞඛ්‍ය සේවාව 100 හොදයි (දී)
කොන්ත්‍රාත් සල්ලි දෙන්නේ නැතුව මාස 6 ක් මොකද කළේ? ඒ මනුස්සය මාස 6 ක් කන්න දුන්න එකම ඇති (නි)