IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ඇල්පිටියේ විදුහල්පති යුවළකට කොරෝනා

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පති යුවළකට කොරෝනා ආසාදිත වී ඇති බවට අද (21)සවස තහවුරු වූ බව ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම විදුහල්පතිවරයා ඇල්පිටිය නගරයේ ජාතික පාසලක වැඩබලන විදුහල්පතිවරයා වන අතර විදුහල්පතිනිය ඇල්පිටිය වල්ලඹගල කනිටු විදුහලේ විදුහල්පතිනිය බවද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

මෙම විදුහල්පති යුවළගේ වයස අවුරුදු හතක් වන දරුවා ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයක ඉගෙනුම ලබන අතර එම දරුවා පසුගිය සතියේ පාසල් ගොස් ඇති බවද කියයි.

මීට අමතර එක්තරා රාජ්‍ය නොවන සංවිධානයකින් ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සදහා ඉකුත් 17 හා 18 යන දින දෙකේ ඇල්පිටිය ඌරන්වල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක අධ්‍යාපන පුහුණු වැඩමුළුවක් පවත්වා ඇති අතර කොරෝනා ආසාදිත බවට හදුනාගත් මෙම විදුහල්පතිනියද 18 වනදා එම වැඩමුළුවට සහභාගී වී ඇත.

එසේම ඒ අවස්ථාව වන විටත් මේ විදුහල්පතිනිය කිසියම් අසනීප තත්ත්වයක පසුවූ බවද ආරංචි මාර්ග පවසයි.

එම වැඩමුළුවට කලාපයේ විදුහල්පතිවරු හැට දෙනෙක් සහභාගී වූ බවත් දැනගන්නට ඇත.

 විදුහල්පතිනිය සේවය කළ විදුහලේ සේවය කරන අනෙක් ගුරුවරු හත් දෙනාම නිරෝධායනයට යොමුකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් මහතා පැවසීය.

මීට අමතරව මෙම විදුහල්පතිනිය හා විදුහල්පතිවරයාගේ ආශ්‍රිතයන් හැටියට හදුනාගත් ගුරුවරු ඇතුළු සියළු දෙනාද නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

 



අදහස් (0)

ඇල්පිටියේ විදුහල්පති යුවළකට කොරෝනා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජපුර සිසුන් විරෝධතාවක
2024 නොවැම්බර් මස 05 30 0

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම


ජනපති රුව 5000 ඔබ්බ වූ අලෙවි නියෝජිතයා මාට්ටු
2024 නොවැම්බර් මස 05 328 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං


තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 37 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


ගිණි අවි සමග විශ්‍රාමික සෙබලෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 05 135 0

කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම


පාසලට ඇතෙක් පනී
2024 නොවැම්බර් මස 05 255 0

ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී


’’තෙල් මිල අඩු කරන්න පසුගිය රජයේ ගිවිසුම්වලින් බාධාවක් නෑ’’
2024 නොවැම්බර් මස 05 77 0

ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 413 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site