(ප්‍රසාද් රුක්මල්)
ඇල්ල නගරය මේ දිනවල විදේශීය සංචාරකයන්ගෙන් පිරී තිබෙන අතර ,දෙමෝදර ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම නැරඹීමට ද විදෙස් සංචාරකයෝ පෝලිමේ පැමිණෙමින් සිටිති .
බදුල්ල සිට කොළඹ බලා අද (29) උදෑසන ධාවනය වෙමින් තිබූ පොඩිමැනිකේ දුම්රිය දෙමෝදර ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම මතින් ගමන් කරමින් තිබියදී විදේශීය සංචාරකයෝ රැසක් ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම අසලට පැමිණ එහි සිරිනරඹමින් ජායාරූප ගනිමින් , වීඩියෝ ගත කරමින් සතුටු වූහ.
ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇල්ලේ සිරි නරඹන්න විදේශිකයෝ පෝලිමේ
AB Saturday, 29 July 2023 05:03 PM
ඇල්ලේ හෝ වෙනත් ප්‍රදේශවල සිරි නරඹන්න විදේශිකයෝ පෝලිමේ පැමිණියත් පිරිසිදු ජලය පානයට සහ toilet පහසුකම් නොමැති වීමත් එම toilet ඉතාම අපිරිසිදු තත්වයෙන් පසුවීමත් පිරිසිදු කිරීමට කිසිවකු ක්‍රියා නොකිරීමත් නිසාම ලංකාවේ සංචාරක කලාපවල තිබෙන්නා වූ toilet පවා ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ මතකයේ රැඳෙන්නා වූ අපුරු දර්ශනයකි. ලොවපුරා ගොස් සංචාරක කර්මාන්තය පිළිබඳව කටයුතු කළද, ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය පිළිබඳව මූලික නිසි ආකාරයට පවත්වාගෙන යාම වැදගත් වේ. සංචාරකයින් පැමිණ නවතින්නාවූ හෝටල් පිළිබඳව/ සඳහා පමණක් නොව ඉන් ඔබ්බට සංචාරක කර්මානත්ය පිළිබඳව සලකා බැලීම වැදගත් වේ. සංචාරකයින් නැවත පැමිණීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට වර්තමාන සංචාරක ඇමැතිවරයා අපොහොසත් බව රටේ ප්‍රදේශ කිහිපයකදී අදහස් විමසීමෙන් දැනගැනීමට හැකිවිය. දෙවනුව සංචාරකයින්ගෙන් $ අයකිරීම පිළිබඳ විමසා සිටි අතර අති බහුතරයක් කියාසිටියේ අයකිරීම් නැවත සලකා බැලිය යුතු බවකි. විදේශීය සංචාරකයින් සඳහා ඔවුන් පැමිණෙන (සීගිරිය, දළදා මාලිගාව, හෝ වෙනත්) නැරඹීමට මුදල් අයකිරීම වෙනත් සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කිරීමට හැකියාවක් ඇත.
Shashika Fernando Monday, 31 July 2023 07:37 PM
ශ්‍රී ලංකාවේ ලස්සන තැනක්... ඒ වගේම අනතුරුදායකයි.