කොළඹ ජාතික රෝහලේ වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් පිංකම පැවැත්විණි.
අක්ෂි රෝහලේ සේවය කර මිය ගිය සේවකයනට පිං පැමිණවීමත්, රෝගීන්ට ඉක්මන් සුවය පැතීමත් මෙහි අරමුණ විය.
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චම්පා බානගල මහත්මියගේ මඟපෙන්වීම අනුව රෝහල් බෞද්ධ සංගමය මේ පිංකම සංවිධානය කළේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් විය.
අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆඩ් කුමාරසිරි, විශේෂඥ වෛද්‍යවරුන් ඒ එල් ධර්මරත්න, කපිල බන්දු තිලක, මංගල ධනපාල, මුදිතා කුලතුංග, උපාලි බානගල මහත්ම මහත්මීන් ද, රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝද මෙම අවස්ථාවට එක් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දොස්තරලගේ ඇස් පෑදේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.(නදී)
හොද වැඩක් අනිත් රෝහල් වලටත් හොද ආදර්ශයක්.(නදී)
මේ අය කරන්නේ උතුම් පින්කමක්.සියලු ප්‍රර්ථනා ඉටුවේව! මිය ගිය සේවිකාවට නිවන්සුව අත්වේවා! (අ)
රෝගීන්ගේ නිරෝගී සුවය ප්‍රර්ථනා කරන මෙවන් රෝහල් සේවකයන්ට ජාතියේම ගෞරවය හිමිවිය යුතුය, ඔබ සැමට නිරෝගී සුවය ලැබේව.(අ)
දිරෙච්ටෝර් නම් ගනාක් හොයා ගන්නේ ඇති? (අ)
මම නම් කියන්නේ මීට වඩා ප්‍රයෝජනයි ඇස් රෝහල පිරිසිදු කරන්න, ලෙඩ්ඩුන්ට කරුණාවෙන් සලකන්න වගේ පින්කම් වලට තමන්ගේ වටිනා කාලය ධනය කැප කරනවා නම්. (නි)
බොහොම හොද පින් කමක් (දී)
අපොන්සු ,මමත් සම්පුර්ණයෙන්ම එකගවෙනවා. (නි)